මධ්‍යම පළාතම ගඳ ගස්සපු වැඩ බැරි කයිවාරු ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ කයිවාරු ප්‍රධාන ලේකම්ට වැඩක් නිසි කළමණාකරන්න බැරි, සෘජූ තීරණ ගන්න බැරි දිස්ත්‍රික් ලේකම්වරයා මාළිමා ආණ්ඩුවේ ජනාධිපතිවරයාව ජනතාවගේ අප්‍රසාදයට ලක් කල බව මැද රට ජනතාව පවසති.
මයික්වලට පමණක් පිළිතුරු දෙන කට වාචාල කමට බක පණ්ඩිත ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩුකාරයා නුවරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගැන අබමල් රේණූවක තරම්සොයා බැලිල්ලක් නොකල බව මහනුව ජනතාව පවසති.
මහනුවර මුස්ලිම් දෙමිළ සිංහළ ප්‍රජාව රොද බැඳගෙව නුවරට දළදා වඳින්න පැමිණිජනතාවට කෑම බීම නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් මෙන්ම නොමිළේ නවාතැන් පහසුකම්ද සපයමින් මහා සමාජ සත්කාරයක යෙදෙද්දී ජනතාවගේ මුදලින් කාබී නිලනිවාසවල සිටි ආණ්ඩුකාරවරයා අඩුම වශයෙන් මහ රෑ පදික වෙිදිකා වල බිම වැතිරී රැය පහන් කල බැතිමතුන්ට වතුර බෝතලයක් දෙන්නටවත් වැඩ පිළිවෙලක් සකස් නොකල බව මහනුවර ජනතාව පවසති.
ඔහුගේ ගෝලයෝද ආණ්ඩුවේ සල්ලි විනාශ කරමින් නුවර නගරයේ ඒසී වාහන වලින් රවුම් ගැහැව්වා ඇරෙන්නට ජනතාවට දැනෙන මෙහෙවරක් ඉටු කලේ නැත.
අවසානයේ ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මහනුවරට පැමිණ බැතිමතුන්ගේ සුවදුක් විමසිමට සිදුවිය.ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවයා එලෙස සොයා බැලුවෙි නම් මහ රාත්‍රියේ ජනාධිපතිවරයාට පැමිණිමට අවශ්‍ය නොවනු ඇත.
දළදා වඳින්න නුවරට පැමිණි ජනතාවගේ පොදු පහසුකම් සොයා නොබැලූ ආණ්ඩුකාරයා ජනතා විරෝෂය නැගද්දී ව්‍යාජ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කයාවාරු ගැසීය.
2025-04-25
This government has many such white elephants at top level. Worst is, some are appointed by the government & the previous regime! If this regime wish to do good to the Country & its people, President will have to act as an dictator for sometime!
thanks