පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තේන්තුවට අධ්‍යනයට මාසයකට අධික කාලයක් ගතවන බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.
ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පැවසීය.
එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත්වේ.
කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර එහි පිටු 37000ක්ම සාක්ෂ සටහන් බව වාර්ථවෙි.
ඒ අනුව එම සාක්ෂ අධ්‍යනය කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විස්සකට වැඩි පිරිසකට පිටු දෙදහෙස බැගින් කාණ්ඩ කර ලබා දිමට සැලසුම් කර ඇති අබව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.
මෙසේ පිහිටුවා ඇති තවත් අනුකමිටු ගණනාවකින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කිරිට නියමිතය.
එහි දී කොමිෂ හමුවේ බොරු සාක්ෂ හා ලේඛණ ලබා දුන් ආචාර්ය්‍යවරයෙකු සහ හිටපු දේශපාලඥයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.