වව්නති මුරපලේ පොලිස් නිළධාරින් ඝාතනය කළ ස්ථානයෙන් හමුවු ජැකට්ටුව දින දෙකකට පෙරත් පොලිසියට හමුවෙලා

මඩකළපුව වව්නතිව් පොලිස් මුරපළේදී  2018 නොවැම්බර් මාසයේ  පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය  කර එය කොටි සංවිධානය විසින් සිදු කළ බවට හැගවිමට ඒ අසළ දමා තිබු ජැකට්ටුව ඊට දින දෙකකට පෙර අත්ඩංගුවට ගත් අජන්තන් ඇද සිටි බව හෙළීවී තිබෙි.

කොටි සංවිධානය ප්‍රවර්ධනය කිරිමේ චෝදනාවට අජන්තන් පොලිස් අත්ඩංගුවට ගන්නා අවස්ථාවෙි හැද සිට පසුව ඔහුගේ බිරිද පොලසියට පැමිණි පසු එම ජැකට්ටුව ඇය ලබාදී ඇත.පසුව එම ජැකට්ටුව අජන්තගේ බිරිය විසින් සිය නිවමේ ඇද යටට දමා ඇති බව සදහන්වේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ නිළධාරියෙක් එබව දැනුම් දිමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම තොරතුරු ලබා දී ඇත.ඒ වනවිටත් යුදහමුදා බුද්ධි අංශයෙන් හෙළිකර ඇත්තේ එම ඝාතනය කොටි සංවිධානයට සමිබන්ධ පිරිසක් විසින් සිදු කර ඇති බවටයි.

කෙසේ වෙතත් පසුව පොලිස් සුනඛයින් යොදවා කරන ලද පරික්ෂණයේදී අජන්තන්ගේ නිවසේ ඇද යටට ඉව අත්තා නතරවී ඇත.පසුව නැවතත් අජන්තන් අතුඩංගුවට ගෙන තිබෙි.

කෙසේ වෙතත් පසුගියදා රාජ්‍ය බුද්ධි අංශයේ  නිලධාරියෙකු අත්ඩංගුවට ගෙන ඇත්තේ එම ජැකට්ටුව පළමුවෙන් දැක ඇති නිළධාරියා වන අතර ඔහු එදින යොදා ඇති සටහන් හා දැනට ලබා දෙන තොරතුරු අතර පරස්පරතා නිසා එම ජැකට්ටුව කිසියම් පිරිසක් විසින් එහි ගෙනවිත් දමා ඇති බවට සැක මතුවී තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *