දළදා ප්‍රදර්ශනයටත් දේශපාලන කුහකත්වය

දළදා ප්‍රදර්ශනය ආරම්භවී දින හතරක් ගතව ඇතත් ප්‍රධාන දේශපාලන නායකයින් කිසිවෙකුත් ඒ සදහා සහභාගි නොවිම කැපිපෙනන තත්වයකි.

රටේ දේංශපාළන කුහක්ත්වය මොන තරම් ඉහළ ගොස් ඇත්තේද යන වග පැහැදිලි වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නුවරට පැමිණ මහා නාහිමි දෙපල හමුවී ආපූ පයන්ම ආපසු ගියේ දළදා සමිඳුන් වඳින්නටවත් නොගොසිනි.ජනපති මැදුර සිය පවුලේ බූදලයක් කරගෙන මහජන මුදලින් කා බී සිය දේශපාළන නඩය සහ පවුලේ සියලු දෙනා කැටුව දළදා මාළිගාව අරක් ගෙන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දළදා සමිඳු වඳින්නට නොපැමිණියේ සිය දේශපාළන කුහකත්වය නිසා බව බොහෝ දෙනා අතර කතාබහට ලක් තිබෙි.රනිල් වික්‍රසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ද මෙිවනතෙක් දළදා වන්දනාවට නොපැමිණියේය.අනුරගේ සමයේ දළදා වන්දනාව ආරම්භ කල ඊර්ෂ්‍යාව සහ කුහකත්වය මෙන්ම මාන්නය නිසා ඔවුන් දළදා වන්දනාවට නොපැමිණියේ බව ජනාතාව පවසයි.

දළදා සමිඳුන්ට අපහාස වන අයුරින් සුපිරි වෑන්රථ වලින් අස්ගිරි මහ පන්සලේ ලොකු ලොකු දායකයන් හොර පාරෙන් මාළිගාවට රැගෙන ගොස් දළදා මාළිගාව පිටුපස ගේට්ටුවෙන් දළදා වඳින්නට ඉඩ සලසා දීම නිසා පසුගිය 17 18 ,19 , දින තුනක් තිස්සේ පෝලිම් වල සිටි ජනතාවට 20 වන දිනද දළදා වන්දනා කර ගැනීමට නොහැකිව ඇඳගෙන ආ එකම ඇදුම කිළිටි වී තිබීම නිසා දුර බැහැර සිට පැමිණි දහස් ගනනකට වැඳ ගන්නට බැරිව ආපසු යාමට සිදුව තිබේ.
පොලිස් නිලධාරින් මහජනතාවට බැණ වදිමින් තර්ජනය කරමින් පරුෂ වචන කතා කිරීම නිසා රජයද ජනතාව අතර අප්‍රසාදයට ලක්ව තිබේ.මහනුවර පොලිස් ලොක්කෝ සිය කලු වීදූරු නිල ජීප් රථ වලින් තම තමන්ගේ හිතවතුව් ඥාතීන් ජනපති නිල නිවස ඉදිරිපිටින් දළදා මාළිගාවට යාමට ඇති හොර පාරෙන් දළදා වඳින්න රැගෙන යති.පොලිස් නිලධාරින් දළදා වන්දනා කටයුතු ආවරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් අසෝභනය හැසිරීම නිසා මාධ්‍යවේදීන් ආණ්ඩුවටද දොස් පවරති.හමුදා පොලිස් සහ ඇමති ආරක්ෂක පොලිස් භටයෝ මහජනතාවට දළදා වඳින්නට යාමට ඇති ඉඩ අහුරා තම තමන්ගේ පිරිස් බලෙන් දළදා මාළිගාවට ආසන්න පෝලිම් වලට දමන්නේ ජනතාවටද බැණ වදිමින් බව ජනතාව පවසති.
ඉරිදා දහවල් 12 00 වන විට අස්ගිරි මහා විහාරයේ හිතවත් පිරිස් 80000 ක් හොර පාරෙන් සළදා වඳිද්දී දින තුන හතර පෝලිම් බල රැඳී සිටින ජනතාව සුසුම් හෙළා සිටිති.දළදා සමිඳුන් වඳින්නේ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ සහ අස්ගිරි මහා විහාරයේ ආශීර්වාද ලද්දන් පමණක් බව ජනතාව පවසති.නියෝජ්‍ය පොලිස්පති මාසිංහ ,ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුලු උසස් පොලිස් ලොක්කන්ගේ ඥාතීන් හිතවතුන් ගමේ හිතවතුන් සුපිරි වාහන වල හොර පාරෙන් එන්නේ ඒ ඒ පිවිසුම් දොරටු වල පොලිස් භටයන්ගේ සැලියුට් මැදිනි.සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් පාරට දාගන්නට ඉඩ නොදෙන පොලිසියේ රථ වාහන අංශ නිලධාරින් තමන්ගේ ලොකු නිලධාරින් පොලිස් නිල රථ වල තමතමන්ගේ ඥාතීන් රැගෙන පිම්මේ දුවද්දී රජයේ තෙල් දවාගෙන උන් පස්සේ පොලිස් යතුරු පැදි වලින් යති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *