ක්‍රීඩාව වනසන තහනම් උත්තේජක වසංගතය පාලනය කරන්න ආයතන හදල තිබුණත් දවසින් දවස වැඩි වීම නම් වෙනවා.
ලාංකාවෙත් කාලයක් තිස්සෙ මේ පරීක්ෂණ හරියට වෙන්නෙ නෑ. සල්ලි නෑ කියන එක තමයි නිදහසට කරුණ.
කොහොමහරි වෙලා සෙනසුරාදා 19 තිබුණ තේරීම් තරගයක අපූරු වැඩක් වෙලා.
ටෙස්ට් කරන්න එන්නෙ නෑ කියල හිතල තරග කරත් එකපාරට ඩෝපිං ගන්න ඇවිල්ල. ආවද, එව්වද, බලෙන් යැව්වද කියන එක දන්නෝ දනිති.
මීටර් 400 රිලේ ටීම් එක තෝරගන්න මේ තරග තිබුනෙ.
අවසන් තරගය ඉවර වෙලා ක්‍රීඩකයො එලියට එද්දි අහඹු විදියට දෙන්නෙක්ව පරීක්ෂා කරන්න අරගෙන ඒ තරගයේ දෙවෙනිය වෙච්ච පාසල් ක්‍රීඩකයා කල්හාර සිල්වයි, තුන්වෙනිය වෙච්ච ඉසුරු ලක්ෂාන්.
හොඳට ඇවිදගෙන ආපු ඉසුරු එකපාරට කලන්තයක් කියල. තුන් හතරදෙනෙක් එකතුවෙලා කාර් එකක් ගෙනල්ල ක්ෂණිකව අරන් ගිහින්. කොටින්ම කියතොත් පන්නලා. ක්‍රීඩකයට වගකීමක් තියනවා තහනම් උත්තේජක පරීක්ෂණවලට සහය දක්වන්න. ඒත් එහෙම වෙලා නෑ. පුහුණුකරුත් වගකීම නොගෙන මාරුවෙලා. තහනම් උත්තේජක ගන්න ආපු නිලධාරියො උඩබලන් ඉඳල.
හරියට ෆිල්ම් එකක වගේ.
මේව මෙහෙම වෙන්න ගියොත් ක්‍රීඩාවෙ අනාගතයට අබ සරණයි.
අපි බලමු සංගමෙන් විනය පරික්ෂණයක් කරනවද, තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඉදිරි ක්‍රියාවක් කරනවද කියල.
මොනව හරි කරල දිනන්න කියන බලධාරින් ඉන්න රටේ ඒවනම් වෙන එකක් නෑ. මේ කියන පුහුණුකරු කියන පුද්ගලය ග්‍රවුන්ඩ් එකේ සපත්තු, සප්ලිමන්ට් බිස්නස් කරල පස්සෙ පුහුණුකරු ලේබලය අලව ගත්ත කෙනෙක් .නම මිලින්ද අබේසූරිය.
2025-04-21