හෙටට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 6 ක් සැපිරෙන දිනට පෙර පාස්කු මහමොළකරුවන් කවුරුද යන්න රටට ලෝකයට හෙළිදරව් කරනබව ආණ්ඩුව පුනපුනා පැවසීය. එසේ කීවේ ආණ්ඩුවට නොදැනෙන ලෙස ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ රනිල් රාජපක්ෂලා ගේ කොන්ත්‍රාත්තුව භාරගත් ආණ්ඩුවේ සිටින බව අගවන පාස්කු ප්‍රහාරය පිලිබදව පරීක්ෂණ කණ්ඩායමට උපදෙස් දෙන කේවට්ටයන්ගේ සුරංගනා කතාවට ආණ්ඩුව රැවටිලාය.
ඒත් එය අද නෑ හෙට බාළගිරි දෝශයට හසුවී ඇති බව පෙනියයි. ඒ බව ඉවෙන් හඳුනාගත් මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට රතු සහ කහ එළි දෙක එකවට දැල්වූවෙිය.ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍යට කීවාය. එයට කළබල වූ ආණ්ඩුව කාදිනල් වෙතට කොල එලිය දැල්වීමට කටයුතු කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇති බව පෙනි යයි. එම උපදේශය ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යාංශයේ සිටින දෙපිටකාට්ටු නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙි..
පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වා මේ වන විටත්හත්පොලේ ගාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ද පාර්ශවයන් අල්ලනවා වෙනුවට සිදුකරේ 2006 වසරේ දෙසැම්බර් මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති වූ සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ද බව පවසා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලේයාන්ව අත් අඩංගුවට ගැනීමයි. ඊට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රීලෝඩ් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිදුකරේ ඔහුගේ මාධ්‍ය ප්‍රකාශ ලෙස නිළ නොළත් පත්වීමක් ගෙන සිටින මාධ්‍යවෙිදියෙකු හරහා හඳුනාගත් මාධ්‍ය වේදීන් වෙත සාමාන්‍යය සමාජය එදාවේලට චූන් කරන්නට පුවත් ලබා දීමයි. එහි ප්‍රධාන තොරතුර වූයේ පිල්ලේයාන් විසින් 2002 වසරේ දී හමුදා බුද්ධි අංශ නිළධාරීන් 16 ඝාතනය කල බව පුවතයි.
අත් අඩංගුවට ගත්තේ 2006 දෙසැම්බරයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන වුවත් පිල්ලේයාන් කීවේ 2002 දී හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 16 ක් ඝාතනය කිරීම ගැනය. ඔහුගෙන් ඒ ගැන ශානි අබේසේකර ප්‍රශ්න කලේ ඇයි? හමුදා බුද්ධි අංශ නිළධාරීන් ඝාතයට මුල්වන්නේ 2002 ජනවාරි 2 කුළසිරි උඩුගම්පොල නැමති නුවර අස්ගිරිය පොලිස් සුනඛ ඒකකයේ සිටි නිළධාරියා විසින් රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව ලබාදුන් නියෝගයක් මත අතුරුගිරිය මිලේනියම් සිටි හි හමුදා බුද්ධි අංශ ආරක්ෂිත නිවෙස පමණක් නොව හමුදා බුද්ධි අංශයක හෙළිදරව් කිරිම නිසාය. අධිකරණයෙන් නිදහස් වූවාට අද කොර ගසමින් සිටින රටේ ජනතාවගේ හෘද සාක්ෂියෙන් නිදහස් නොවූ තමාගේ පොඩි මාමා සුද්ද කිරීම සදහාය.කුළසිරි උඩුගම්පොල යනු ශානි අබේසේකර ගේ මවගේ බාල මල්ලීය.
එසේම ශානි අබේසේකර ගේ නිළනොලත් මාධ්‍ය ප්‍රකාශක ඉහත කී මාධ්‍යවෙිදියා ඇතුළු යූ ටියුබ් කණ්ඩායම කියන්නේ පිල්ලේයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවයි. එය එසේනම් ඇයි පිල්ලේයාන්ව ඍජුවම එම චෝදනාව යටතේ අත්ඩංගුවට නොගන්නේ? ඊයේ පිල්ලේයාන් ගේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබුණි. එයද උපකුලපතිවරයාගේ අතුරුදහන් වීම ගැනය.
නමුත් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර අනියමින් කියන්නේ ඔහුද පාස්කු ප්‍රහාරය ට සම්බන්ද බවයි.
පිල්ලේයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද බව ප්‍රථම වරට ලෝකයට කීවේ චැනල් 4 නාළිකාව වෙත හෙළිදරව්වක් කල පිල්ලේයාන්ගේ අතිජාත සහයකයා වූ අසාද් මව්ලානා ය. ඔහුගේ ප්‍රකාශයෙහි පරස්පර තාවයන් තිබූ නිසා කාදිනල් හිමියන්ගේ පාර්ශවය මාධ්‍යයට ප්‍රසිද්ධියේ කීවේ පාස්කු ප්‍රහාරය ගැන අසාද් මවුලානා ගෙන් ද ප්‍රශ්න කලයුතු බවයි. ඒ ඔවුන් නොකියා කීවේ අසාද් මව්ලානාව අත් අඩංගුවට ගන්නා ලෙසයි. එසේ වන බව අසාද් මව්ලානා ද හොඳින්ම දන්න නිසා ඔහු නැවත ලංකාවට එන්නේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම උත්සහ කරේ සාරා පුලස්තිනීගේ පර්ස් එක ඉදිපත් කල දැනට පොලිස් සැරයන් ධූරයේ සිටින චන්දන නිළධාරියාව අත් අඩංගුවට ගැනීමටය. එසේ කරන ලෙසට උපදෙස් ලබා දී තිබුනේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා බව වාර්ථාවි. මේ තොරතුර කන වැකුන නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර පැමිණ ප්‍රකාශයක් දී කියා සිටියේ එම පර්ස් එක ලැබුනේ තමාට බවත් ඒ තමා අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටින විටදී බවත් එවකට තම කාර්‍යාලයේ සේවය කල පොලිස් කොස්තාපල් චන්දනට එය පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දුන් බවත් නිළධාරියා ඒ අනුව ක්‍රියා කර ඇති බැවින් ඔහු වරදක් කර නැති බවය.
පලමු වෑයම අසාර්ථක වූ නිසා තවත් උත්සහයක් දැරුවාය.ඒ වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීම පිළිබදව පරීක්ෂණ නොමග යැවීමට එම ඝාතනය එල්ටීටීඊ විසින් සිදුකල බව ඇගවීමට අදාල ස්ථානය අසල තිබූ බෝක්කුවක් යට මරාගෙන මැරෙන ජැකට්ටුවක් තිබූ කියූ රාජ්‍ය බුද්ධි අංශයේ සිටි ජමීල් ෆාසිල් නැමති නිළධාරියා ව අත් අඩංගුවට ගැනීමයි.
ජමීල් ෆාසිල් අත් අඩංගුවට ගත් විගස නිවැරදි ඉතිහාසය නොදත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ කේවට්ටයන් පාස්කු ප්‍රහාරය දැනට වැඩ තහනම කට ලක්ව සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ වැඩක් බවත් ඔහුගේ ගෝලයා අත් අඩංගුවට ගත් බවටත් ලිපි ලීවාය. නමුත් ඇත්ත කුමක්ද? අදාල ඝාතනයන් සිදුවූ ස්ථානය එදිනම පරීක්ෂා කිරීමට ගොස් ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකලේ අද ජමීල් ෆාසිල්ව අත් අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දුන් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ය. එකළ නිසිලෙස පරීක්ෂණ පැවැත්වූවානම් ජමීල් ෆාසිල් අත් අඩංගුවට ගත යුතුව තිබුනේ එදාය. තමන් අතින් ඉතිහාසයේ සිදුවූ වැරදි නිසා සිදුවූ පාස්කු ප්‍රහාරයේ කළු සිතුවම් සුදු කිරීමට දරණ මේ උත්සහයෙන් සිදුවන්නේ තව තවත් ඔවුන් නිරුවත් වී ආණ්ඩුව අපකීර්තියට පත්වීම පමණි.
පසුව ලියමි
පිල්ලේයාන් ගෙන් ප්‍රශ්න කල යුතු එවකට රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකල මිණීමැරුම් ගැන සහ ඒවා දැනගෙන නොදන්නවා සේ සිටි දැන් දැනගත්තා සේ රඟන පොලිස් ලොක්කෝ ගැනද ඉදිරියේ දී තවත් හෙළිදරව්වක්.
(අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි සිට විශ්‍රාම ගිය පොලිස් පරික්ෂකවරයෙක් විද්‍යුත් තෑපෑලට යොමුකල ලිපියකින් උපුටා ගන්නා ලදී)