පිල්ලෙයාන් ඔලිම්පික් ගැන නොකියන සත්‍ය – විශේෂ හෙලිදරව්ව

රටේ ක්‍රීඩාවේ මහගෙදර ජාතික ඔලිම්පික් කමිටුවයි. එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයෙන්, නිර්දේශපාලනිකව ක්‍රියාත්මක වන වැදගත් ආයතනයකි. එසේම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මගින් මිලියන ගනනින් ඩොලර් රටට පොම්ප කරන විශේෂ ස්ථානයකි. මේ නිර්දේශපාලනික ඩොලර් මැෂින් එකට ඉතිහාසයේම සිදු වූයේ රටේ ව්‍යාපාරිකයන්ගේ අභිසාරිකාවක් බවට පත් වීමටයි. ඔවුන් ඔලිපික් කමිටුව අමු අමුවේම, මහදවල්, සියලුම ක්‍රීඩා සංගම් ඉදිරිපිට දූෂනය කලේ අද ඊයේ පමණක් නොවේ.

මෑත කාලයේ ඔලිම්පික් ඩොලර් පහස විදි ප්‍රධාන දෙපලක් වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන සුරේශ් සුභ්‍රමනියම් හා මැක්ස්වෙල් ද සිල්වාය. ඔවුන්ගේ මේ සමූහ දූෂනය නොඉවසූ ලාංකීය ක්‍රීඩා සංගම් පහුගිය දෙසැම්බර් මාසයේ මීට එරෙහිව නැගී සිටියහ.

මේ නැගී සිටීමේ ප්‍රධාන නායකයෙකු ලෙස වෙඩි තැබීමේ සංගමයේ සභාපති ශිරන්ත පීරිස් හැදින්විය හැක. ඔහුද ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකි. npp ආණ්ඩුව සෑදීමට මුල් වූ ප්‍රධානියෙකි. ඊට npp ආන්ඩුවෙන් ඔහුට තෑග්ගක්ද හිමි විය. එනම් නෙලුම් කුලුනයි. දෙසැම්බර් මුල මැක්ස්වෙල් හා සුරේශ් එලවා ඔලිපික් කමිටුව බේරගැනීමට දැගලූ ශිරන්ත නෙලුම් කුලුන ලැබීමෙන් පසු හදිසියේම වෙනස් විය. ඒ නෙලුම් කුලුන පාවිච්චි කොට ඔල්‍ම්පික් කමිටුව නැමති දූශණ වූ කත නැතව දූශණයටදැයි ප්‍රශ්නාර්තයකි.

මේ වන විට npp ආණ්ඩුව දේශපාලන මර්මස්තාන වල බලය මෙන්ම නිර්දේශපාලනික විය යුතු ස්තාන වල පවා බලය තහවුරු කරමින් සිටින බව නොරහසකි. උදාහරණයක් ලෙස ගම් වල ගොවි සමිති වල පාරම්පරික ගොවි නායකයන් එලවා ගොවිතැන දැකලාවත් නැති npp පිරිස් වලට බලය ලබා දීම මේ දින වල දැකිය හැක. ඒ අයුරින්ම ක්‍රීඩාවටත් හිස පෙවීමට npp ආන්ඩුවට අවශ්‍ය වී ඇති බව ශිරන්ත වැනි npp ප්‍රභලයන් ඔලිම්පික් කමිටුව තුල නටන නාඩගමින් පෙනී යයි.

සාමාන්‍යයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යකශ ජෙනරාල් ඔලිම්පික් කමිටු මහ සභා වල ක්‍රීඩා ඇමතිගේ නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීම සාමන්‍ය සිරිතයි. නමුත් ඊයේ පැවැති මහසභාව අධ්‍යක්ෂ ජෙනරාල් මගහැරියේය. පසුගිය 9 වන දා පැවති මහසභාවට පැමිනි අධ්‍යක්ෂක ජනරාල් පැවසූයේ ක්‍රීඩා ඇමතිගේ නියෝගය මත මහ සභාව පවතින ආකරය නිරීක්ෂණය කොට ඇමතිට වාර්තාවක් සැපයීම තම රාජකාරිය බවයි. එසේනම් ඒ වැදගත් රාජකාරිය ඔහු අද මගහැරියේ කෙසේද. npp වැනි කෙලින් වැඩ කරන ආණ්ඩුවක, ක්‍රීඩා ඈමති සුනිල්.වැනි සෘජු පුද්ගලයෙකු සිටිද්දී අධ්‍යක්ෂ ජනරාල් තනි මතයට මෙ මහ සභාව මග හැරියා විය නොහැක. මේ ආණ්ඩුවේ එසේ වගකීම මගහැරිය හොත් තම පුටුව පවා අහිමි විය හැක. එසේනම් මේ මගහැරීම ක්‍රීඩා ඇමතිගේ උපදෙස් මත සිදු වූවා විය හැක. එසේ නොමතිනම් සභාපති සුරේශ් සුභරමනියම්ගේ ප්‍රධාන ගැලවුම්කරුවා වී ඇති ශිරන්ත පීරිස්ගේ npp ආණ්ඩු බලය යොදාගෙම ක්‍රීඩා ඇමතිවරයාට ලබා දුන් තක්කඩි උපදෙසක් විය හැක.

එක් පසකින් වත්මන් ඔලිම්පික් කමිටු අර්බුදයට උදවු දෙන්නේ npp ආණ්ඩුවේ ප්‍රභල තනතුරක් දරණ ශිරන්තය. අනෙක් පසින් ක්‍රීඩා ඈමති විසින් ශිරන්ත, සුරේශ් සුභරමනියම් ඇතුලු නඩයට කැමති දෙයක් කරගැනීකට ඉඩ දී මගහැර සිටී. එසේම ශිරන්ත හා සුරේශ්ගේ උපදෙස් පිට ක්‍රීඩා ඇමති විසින් මැක්ස්වෙල්ද සිල්වා පමණක් ඉවත් කොට, එයට හොරකම් කල හොරු රැලේ අනෙක් පිරිසට රිසි සේ ඔලිම්පික් කමිටුව දූෂණය කිරීමට ඉඩ සැලසුවේ NPP හිතවාදී ශිරන්ත ඇතුලු පිරිස තුලින් npp විරෝදීධි මැක්ස්වෙල් පමනක් එලවා npp බලය ඔලිම්පික් කමිටුව වෙත ගෙන ඒමටදැයි සැකයක් ඇති වීම සාධාරනය. එසේම ඔලිම්පික් ඩොලර් වල සුවද ක්‍රීඩා ආමාත්‍යංශයට දැනී ඇති බව පසු ගිය දින වල අමාත්‍යංශයේ ඇති වූ කතා බහ වලින්ද පෙනී යයි.

කිහිප අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යශය විසින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් හරහා ක්‍රීඩා සංවර්ධනය කිරීමට අවස්තාව ඇති බව සදහන් කර තිබුනි. ක්‍රීඩා අමාත්‍යංශයට රටේ ක්‍රීඩාව සංවර්ධනය කල යුතුනම් ඊට අදාල අරමුදල් සම්මත ක්‍රම මගින් සපයා ගැනීම විනා නිර්දේශපාලනික ආයතනයක් වන ඔලිම්පික් කමිටුවේ ඩොලර් සංචිත හෙල්ලීම යුතු නොවේ.

ඊයේ පැවති මහසභාවේදී හෙලි වූයේ සභාපති සුරේශ් සුභරමනියම්, විධායක සභා සාමාජිකයන් මෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධ විශේෂ විධායක කමිටු සාමාජිකයා පවා වර්ථාමානයේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් අනුමත කල ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ව්‍යවස්තාවක් පහුගිය වසර 5ක් පමණ භාවිතා කර ඇති බවයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමත ව්‍යවස්ථාව පිලිබද කිසිම අවබෝධයක් සභාපතිවරයට ,විධායක සභාවට හෝ ව්‍යවස්ථාව සම්බන්ධ විශේෂ විධයක කමිටු සාමාජිකයාට හෝ නොතිබූ බවයි. රටක ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කරන පාලකයන් වසර 5ක් පමණ පාලනය කිරීමෙන් අනතුරුවද එහි ව්‍යවස්ථාව ගැන කිසිම අවබෝධයක් නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයකි. එසේ තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා එම තක්කඩීන්ගේ ග්‍රහණයට නතු වී ස්වභාවික යුක්ති ධර්ම වලට පිටු පෑම රටේම අවාසනාවකි.

දැන්වත් පටු දේශපාලන බලය තරකරගැනීම් වලින් ඈත් වී රටේ සමස්ත ක්‍රීඩාව රැකගැනීම සදහා ඔලිම්පික් කමිටුවේ තක්කඩි විධායක සභාව පැත්තේ නොව, යුක්තිය ඉල්ලා සිටින සමස්ත සාමාජික සමූහය පැත්තේ හිටගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු.

හසිත අකලංක දෙයාලගේ ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *