මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගත් සුදත් මාසිංහ යන නිලධාරියාගේ වැඩ බාර ගැනීමේ දිනයේදී ඔහුගේ ලඟින්ම රැඳී සිටියේ මහනුවර සහ අවට පෙදෙස් වල මසාජ් ක්ලිනික් සහ ස්පා මුවාවෙන් ගණිකා ජාවාරම් ස්ථාන පවත්වාගෙන යන ජාවාරම් කරුවෙකි.
මෙවැනි මසාජ් කිලිනික් එකක් මහනුවර දළදා මාළිගාවට ඇතුල් වන ප්‍රධාන දොරටුව අබියස බෝධීන් වහන්සේ ඉදිරිපිටද තිබෙන අතර එහි ඉතා සූක්ෂම ලෙස ගණිකා ජාවාරම සිදුවෙයි.මේවා නවත්වන්නට මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති වරයා කිසිදු නීතිමය පියවරක් නොගන්නේ ඔහුට ලැබෙන පඬුරු පාක්කුඩම් පොදි නිසා බව පොලිසීයේම නිලධාරිහු පවසති.
මීට පෙර සිටි නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන පුද්ගලයාද මහනුවර නගරය පුරා ජරාව එකතු කල අයෙකු බවත් ,ඔහු මාරුවක් ලැබ ගිය පසු ඔහු වෙනුවට ආ සුදත් මාසිංහ නැමැති නියෝජ්‍ය පොලිස්පතිධූරය හොබ වන්නා ඊට එහා යින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අඩි පාරේම යන අයෙකු බව පොලීසිය තුලින්ම තොරතුරු ලැබෙමින් පවතියි.
මහනුවර නගරය පූරා ස්පා මුවාවෙන් සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන යන පුද්ගලයා මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ නැමැත්තගේ සමීප හිතවතා නිසා ඔහුගේ එම නීතී විරෝධී ස්පා ආයතන වටලන්නට මහනුවර පොලීසියේ කිසිදු අංශයක නිලධාරියෙකු ඉදිරිපත් නොවන බවද ඉතා විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි පොලිස් ලොක්කා කලක් පොහොට්ටු ලොක්කන්ට හොඳටම කඩේ ගිය අයෙකු බව පොලිස් පොඩ්ඩෝ පවසති. .