පාස්කු ප්‍රහාරය ගැන  විමර්ශනය ආරම්භ කළ යුත්තේ කාදිනල් හිමියන්ගේණි

2019 පැවති ජනාධිපතිවරණයේදී ඉතිහාසය කිසිම දිනක නොතිබුණු සටන් පාඨයක් ජයග්‍රහණය කලාය. ඒ “ජාතික ආරක්ෂාව” යි. එයට ප්‍රධාන හේතුව වූයේ උතුරේ බර අවි වලින් ගැටුන බෙදුම්වාදී යුද්ධය නිමවී වසර 10 ක් පිරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී 2019 අප්‍රේල් මස 21 වෙනි දින කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කතෝලික පල්ලියක, තරු පංති හෝටල් දෙකක ,ලැගුම් හලක සහ නිවසක ඇතුළු ස්ථාන 5 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමත් එයට සමගාමීව ගම්පහ සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි කතෝලික පල්ලි දෙකකටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමත් එයින් 290 කට ආසන්න ජීවිත විනාශ වීමත් 500 කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත්වීමත් ය.

එම සිදුවීම වන විටත් ඇමරිකාණු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ ඊලග ජනාධිපතිවරණය ට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ මළගෙවල් වලට සහභාගී වෙමින් පැවසීම යුද්ධය නිම කරන්නට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ  රටේ ආරක්ෂාව භාර දීමට සුදුසුම කෙනා ලෙස බහුතරයක් දෙනා තීරණය කලේය. මෙම තිරශ්චීන ප්‍රහාරය එල්ල කරේම රටේ බලය පැහැර ගැනීමට බවට ස්ථිර මතයක් ද සමාජගත විය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක කියූ පරිදි ” දඩයම කරේ තියන් යන කෙනා දැක්කම තුවක්කුව බැන්ඳේ කවුද කියන එක පැහැදිලියි ” අදටද වලංගු ප්‍රකාශයකි.

අපරාධක් සිදුවන්නේ අනුක්‍රමික පිළිවෙළට වුවත් අපරාධයක් සිදුවූවාට පසු ඒ පිළිබදව විමර්ශනය කරන්නේ අවරෝහන පිළිවෙළට ය. පාස්කු ප්‍රහාරය ගැනද එසේමය. පාස්කු ප්‍රහාරය සිදුවන බව වගකිව යුතු බොහෝ දෙනා දැන සිටියාය. ප්‍රහාරය එල්ලවන විට ආරක්ෂක ලේකම් ලෙස සිටි හේමසිරි ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ මාධ්‍යයට කීවේ ” ගහනවා කියලා දැනගෙන හිටියට මෙහෙම ගහයි කියලා අපි හිතුවේ නෑ” යන ප්‍රකාශක ප්‍රහාරය එල්ලවීම දැන සිටි බවට හොඳම සාක්ෂි යයි.

නමුත් ප්‍රහාරය එල්ලවීම වැලැක්වීමට කිසිවකුත් ක්‍රියාත්මක නොවීම බැරෑරුම් ප්‍රශ්නකි. මෙම ප්‍රහාර මාලාව ඊට පෙර පැවති රජයේ අනුග්‍රහය ඇතිව සමාජ ගතවූ තවූජීජ් ජමාත් කණ්ඩායම විසින් සිදුකිරීමත් ප්‍රහාරය එල්ලවී පැය4 ක් යන්නට පෙර කලක් ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති ලෙසට සිටි රොබට් ඕ බ්ලේක් විසින් සිදුකල ” ගෝඨාභය රාජපක්ෂ අද ලංකාවේ ආරක්ෂක ලේකම්ව සිටියා නම් මෙවැනි ප්‍රහාරයක් එල්ලවෙන්නේ නෑ” යන්නත් ඒ වනවිටත් ඇමරිකාණු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රහාරයෙන් මියගිය අයට අවසන් ගෞරව දැක්වීමට ගොස් “රටේ මීලග නායකත්වය ගැනීමට මම සූදානම්” යනුවෙන් ප්‍රකාශ කිරීමත් බෝම්බ පිපිරුන දිනයේ කොළඹ ජැයික් හිල්ටන් හෝටලයට පැමිණි 8 දෙනෙකුගෙන් යුත් ඇමරිකාණු ජාතිකයන් අත තිබූ භාන්ඩ වලට වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය  සොයාගැනීමට පුහුණු කල බල්ලා ඉව කර බිරීමත් අදාල භාණ්ඩ වල වෙඩි බෙහෙත් තැවරී ඇති බවට සැක කිරීමත්, ඉහල නියෝගයක් මත් ඒ ගැන විමර්ශනය නොකිරීමත් සුළුවෙන් අත් හැර දැමිය නොහැකිය.

එසේම අප්‍රේල් මස 9 වෙනි දින රාජ්‍ය බුද්ධි සේවය මගින් ලැබුන තොරතුරක් මත  මෙම ප්‍රහාරය එල්ලවන බවට එවකට ඇමති ආරක්ෂක අංශය මගින් ආරක්ෂාව ලබාගෙන සිටි සියළුම ප්‍රභූවරුන් ලිඛිතව දැනුවත් කර තිබීම තවත් කරුණකි.

ප්‍රහාරය එල්ලවන විට ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිටීමත් අගමැතිවරයා නුවරඑළියේ විවේක ගැනීමට යාමත් අහබු සිදුවීම් නොවන බව ගැඹුරින් පරීක්ෂණ කිරීමේදී සොයාගැනීමට හැකිවනු ඇත.

මෙම ප්‍රහාරය පිළිබදව ආරක්ෂක අංශ මෙන්ම ඉන් පරිභාහිර පුද්ගලයන්ද විමර්ශනය කලාය. එහිදී කෑපි පෙනුන චරිතයක් වූයේ සමාජ ක්‍රියාකාරිකයකු වූ ශෙහාන් මාලකය. ඔහු මෙම ප්‍රහාරය එල්ලවීම ගැන කාදිනල් වරයා යම් පූර්ව දැනුමක් තිබූ බවට චෝදනා කලාය. කාදිනල් හිමියන් පුර්ව දැනුවත් කම නිසා කිසිම පියතුමෙක් එම ප්‍රහාරයට ගොදුරු නොවිය. ඊට හේතුව ප්‍රබූ ආරක්ෂක අංශ විසින් සියලුම දේශපාලඥයන්ට සේම කාදිනල් හිමියන්ගේ ආරක්ෂකයින්ට මේ ප්‍රහාරය ස්බන්ධයෙන් දැනුවත් කර තිබිමයි.එසේ කාදිනල් හිමියන්ව දැනුවත් වුවානම් කළ පළමුව කළයුතුව තිබුණේ ඒබව බැතිමතුන්ට දන්වා පුජාවන් නැවැත්වමිය.ඒ අනුව විමර්ශකයින් කලයුතුව ඇත්තේ එවකට පාර්ලිමෙින්තුව නියෝජනය කර ඇමති ආරක්ෂාව ලබා ගෙන සිටි පක්ෂ විපක්ෂ 225 දෙනාගෙන් හා කාදිනල් හිමියන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමයි.

කෙසේ වෙතත් මාලකගේ එම හෙළිදරව් කිරීමට එරෙහිව අද ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා ඇත. නමුත් එම හෙළිදරව්වට පල්ලිය ඇතුලතින්ම කැරැල්ලක් ඇතිවී කාදිනල්ට දැඩි බලපෑමක් එල්ල කිරීම නිසා කාදිනල්තුමන්ට අංශක 180 ක් කැරකීමට සිදුවිය. ඒ ඔහු විසින් මෙම ප්‍රහාරයට වගකිව යුත්තා ලෙසට හිටපු ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන පමණක් නම් කිරීම පසෙකලා බොහෝ දේශපාලකයන් එයට වගකිව යුතු බවට ප්‍රකාශ නිකුත් කිරීම දක්වා වෙනස් වීමටත් 2024 ජනාධිපතිවරණයේදී එතුමාගේ සහ අනුගාමිකයන්ගේ සහය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ට ලබා දීම දක්වා වෙනස් වීමයි.

මෙම ප්‍රහාරය ගැන පසු විපරමක් කිරීමේදී ප්‍රහාරය වලක්වා නොගැනීම සිදුකරේ බුද්ධි අංශ සහ එවකට පැවති රාජ්‍ය යන්ත්‍රයේ මෙහෙයුම් කරුවන් පමනක් බව ශ්‍රේස්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් සනාථවිය. එය සර්ව සම්පූර්ණ ද? යන්න ප්‍රශ්නයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *