උනන්දුවාගේ වල්ලපට්ටා ගස් කැපිට ඥාති කර්මන්ත ඇමති හදුන්ගේ පුර්ණ සහය

නීතියෙන් තහනම් කර ඇති දේශීය වල්ලපට්ටා ගස් කපා නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර ධර්මසේනට කර්මාන්ත ඇමාත්‍ය හඳුන්නෙත්තිගේ රැකවරණය ලබා දෙන බවට වාර්ථාවෙි.
පසු ගියදා 27 වෙනිදා කොළඹ කිංස්බරි හෝටලයකදී විශේෂ උත්සවක් පැවැත්විණි. ඒ කුමාර් ධර්මසේන විසින් වසර 16 ක් දුටු සිහිනයක් වූ දේශීය වල්ලපට්ටා (ග්‍රයිනෝපස් වල්ලා> Gyrinops walla.) වලින් සෑදූ සුවද විලවුන් නිශ්පාදනයක් එළිදැක්වීමයි. එහි ප්‍රධාන අමුත්තා වූයේ කුමාර් ධර්මසේනගේ පිය පාර්ශ්වයෙන් ලගම ඥාති සොහොයුරා වන වත්මන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්තිය.
එහිදී හෙළිදරව් වූයේ කුමාර් ධර්මසේන විසින් ලංකාවේ කෑපීම නීතියෙන් තහනම් කර ඇති දේශිය වල්ලාපට්ටා වලින් නිශ්පාදනය කරනු ලබන සුවද විලවුන් විදේශිය වෙළද පොළවෙත යොමු කරන බවයි. රටට විදෙස් විනිමය නොහොත් ඩොලර් උපයාදීම හොඳ දෙයක් වුවත් නීති විරෝධී ක්‍රියාවක් මගින් ඩොලර් ඉපයීම කෙනෙකුට සාධාරණීය කරණය කල හැකිද? අදාල උත්සවයේදී රටේ කැපීම තහනම් ගසක් කපා නිශ්පාදනය කල නිශ්පාදනයක් ඉතා ඉහලින් අගය කරමින් අමාත්‍යය හදුන්නෙත්ති කතාකලේ ධර්මසේන ඔහුගේ ලේ ඥාති සොහොයුරා වීම නිසාද යන්න ප්‍රශ්නයකි.

ආදී නාලන්දියකු වූ කුමාර් ධර්මසේන නොහොත් උනන්දුවාගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන සහ ඔහුගේ ක්‍රිකට් විනිසුරු කාර්ය්‍ය ගැන අපට හෝ රටට කිසිම ගැටළුවක් නැත. නමුත් ඔහු ක්‍රිකට් හරහා උපයා ගත් ධනය සගවා ගෙන ලබා ගත් කීර්ති නාමය උපයෝගී කොට ගෙන කූඨ ව්‍යාපාර කිරීම රටට ප්‍රශ්නයකි.
ඔහු වල්ලාපට්ටා සිටුවීමට ජනතාව ප්‍රවර්ධනය කරන මුවාවෙන් කෝටි 200 කට එනම් බිලියන දෙකකට අධික මුදලක් එක් රැස් කිරීම ශ්‍රී ලංකා මහබැංකුවට දැන් ප්‍රශ්නයක් වී ඇත. මහබැංකුව අධිපතිවරයා කීප වතාවක් කුමාර් ධර්මසේන විසින් වල්ලපට්ටා සිටුවීම සදහා මුදල් එක්‍ රැස් කිරීම කොතරම් කූඨ ලෙස කරන්නේද යන්න පිළිබදව මහබැංකුව අධිපති වරයාට විශේෂ මාධ්‍ය සාකච්ඡා පවත්වා රටට කීමට සිදුවිය. ඒ මහබැංකුව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂක මංඩලයේ සාමාජිකාවක් කල ප්‍රකාශයක කොටසක් කුමාර් ධර්මසේන ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට වෙළද දැන්වීමක් ලෙස යොදා ගැනීමයි.
කුමාර ධර්මසේන පුන පුනා කියන්නේ දේශීය වල්ලපට්ටා මගින් ඔහු සුවද විළවුන් නිශ්පාදනය සදහා යොදා ගන්නා බවයි. එහෙත් ලංකාවේ මහා පරිමාණයෙන් වගා කරන්නේ ඉන්දුනීසියාවේ සිට ගෙන එන ලද වල්ලපට්ටාය. එය දේශීය වල්ලපට්ටා වලට හාත්පසින් වෙනස්ය. ඉන්දුනීසියානු වල්ලපට්ටා හි විද්‍යාත්මක නාමය ඇක්විලාරියා ( Aquilaria) වන අතර දේශීය වල්ලපට්ටා හි විද්‍යාත්මක නාමය ග්‍රයිනෝපස් වල්ලා (Gyrinops walla.) ය. කුමාර් ධර්මසේන මේ රවටන්නේ රටේ ජනාතාව පමනක් නොව ලෝකය ඉදිරියේ රටේ නම අපකීර්තියට පත්කිරීම නොවේද? ඊටත් වඩා ප්‍රශ්න සහගතව ඇත්තේ කුමාර් ධර්මසේන විසින් මහබැංකුවේ නිසි අවසරයකින් තොරව මුදල් එකතු කිරීම පිළිබදව සිදුකිරමින් යන පරීක්ෂණය නවතා දමන ලෙසට අමාත්‍යය සුනිල් හදුන්නෙත්ති විසින් බලපෑම් කරමින් සිටින බවට තොරතුරු ලැබීමයි. එසේ කිරීම කොතරම් සධාචාරාත්මකද යන්න රටට පැහැදිලි කල යුත්තේ අමාත්‍යය සුනිල් හදුන්නෙත්තිමය. එසේ නොකල හොත් සෞභාග්‍යය දැක්ම යාහපාලනය වැනි පවුල් පාලනයට ඥාති සංග්‍රහයට හොරකමට දූෂණයට මුල් තැන දුන් නාරවලටම නව පුනරුදයේ යුගයද වැටීම වැඩි කළක් ගත නොවන බව සදහන් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *