LIOC සමාගමට තෙල් බෙදුම්කරුවන්ගෙන් දැඩි විරෝධයක්

ඉන්දියන් ඔයිල් සමාගම වසර දහක් පුරාම ඉන්ධන බෙදුම්කරුවන්ට ලබාදුන් වට්ටම ප්‍රතිශතය වු 3% වට්ටම මාර්තු 1 වන දින සිට 1.3 -1.6% ප්‍රමානය දක්වා අඩුකිරීම නිසා පිරවුම්හල් හිමියන් දැඩි මූල්‍යමය අර්බුදයකට පත්වි ඇත.
IOC පිරවුම්හල් හිමියන් මේ පිළිබඳව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වෙත කරුණු තහවුරුකර ඇතැත් සාධනීය විසඳුමකට එලබීමට නොහැකි වී ඇති බැවින් උද්ගතව ඇති තත්ත්වය මත ව්‍යායාපාර පවත්වාගෙන යාමට තරම් ආයෝජනයට සරිලන ප්‍රතිලාබයක් නොලැබෙන බව බෙදුම්කරුවන් පවසයි.
මේ පිළිබඳව සංදේශයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා හරහා ලබන සතියේ මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාට භාරදීමට LIOC බෙදුම්කරුවන් තීරණය කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *