හිටපු ඇමති විමල් ඥතින්ට දුන් කුරූණෑගල නිවාස අධිකාරියේ ගෙවල් තාම වල්වැදිලා

නිවාස සංවර්ධන අධිකාරියට අයත් කුරුණැගල වැවරවුම  ප්‍රදේශයේ පිහිටි වෙලන්ගොල්ල නිවාස ව්‍යපෘතියේ මහාපරිමාන දුෂණ අක්‍රමිකථා රැසක් සිදුන ඇති අතර එවා වහාම නව පාලනයේන් හෝ  නිවරැදි කරන ලෙස එහි පදිංච් වැසියන් ඉල්ලා සිටියි.

හිටපු නිවාස ඇමතිවරයෙකු වු විමල් විරවංශ මහතාගේ කාලයේ ඉදිවු මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ පර්චර් 10ක ට ආසන් ඉඩම් කැබැල්ක දෙමහල් නිවාස 40කට අදික ප්‍රමාණයක් ඉදිකර රුපියල් ලක්ෂ120ක මුදලකට ගෙවිමේ පදනම මත ලබා දී තිබෙි.

එසේ ඉදිකල නිවාස ව්‍යපෘතියේ මුල් නිවාසවලින් කෙක් ඇමතිවරයාගේ ඥතින්ට ලබාදී ඇති අතර  පසුව හෙලිවුයේ එම නිවාස සදහා මුදල් නොගෙවා තිබු බවයි.එම තත්වය මත එදා සිට මේ දක්වා වසර දහයකට ආසන් කාලයක සිට එම නිවාස දෙක කැලැවට යමින් විනාශයට පත්වෙමින් තිබෙි.අදවනවිට මෙම සංකිර්ණයේ නිවාසය මිල රුපියල් කෝටි හතරක් දක්වා වටිනාකම ඉහළ ගොස් ඇති බව එහි පදිංච්කරුවන් පවසයි.

ඊට අමතරව එම සංකිර්ණයේ පොදු කටයුතු සදහා වෙන් කර ඇති පර්චස් පහළවකට ආසන්න ඉඩම් කැබැල්ල සංකිර්ණයේ අවසානයේ පදිංචි පුද්ගලයෙකුට නිවාස අධිකාරියේ ඉහල නිලධාරින් විසින් රුපියල් ලක්ෂ විස්සකට ආසන් මුදලකට ලබාදී ඇත්තේ කිසිදු නිතිමය පදනමකින් තොරව බව වාර්තාවේ.

ආදාල පොදු ඉඩම කුරුණැගල මහනගර සභාවට ලිකිතව පවරා දෙන ලෙසට අවස්තා කිහිපයකදී නිවාස අදිකාරියේ නිලදාරින්ට දන්වා ඇතත් මේවනතෙක් එය පවරා දිමට කටයුතු කර නොමැති බවද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *