මධ්‍යම පලාත් සභාවේ අමාත්‍යාංශ ලේකම් වරුන්ට දී ඇති නිල වාහන  පැත්තක දමා සංචිතයේ වාහනවලින් සවාරි  ගසයි.

මධ්‍යම පලාත් සභාවේ අමාත්‍යාංශ රැසක ලේකම් වරු ලේකම් වරියන් සහ වෙනත් විධායක ⁣ ශ්‍රේණියේ නිල රථ භාවිතා කිරීමට නිල අවසර ලත් පිරිස් තමන්ට රජයෙන් ලබා දී ඇති නිල රථය නිල රාජකාරී වලට භාවිතා නොකර පලාත් සභාවේ සහ එම අමාත්‍යාංශවල සංචිතයේ තිබෙන වාහන භාවිතා කරමින් ඉතා කූඨ ලෙස රජයේ ඉන්ධන අවභාවිතා කරන බවත් ,ජනතා බදු මුදලින් නඩත්තු නෙරෙන නිල වාහන තම පුද්ගලික විනෝද සවාරි සඳහා  භාවිතා කරන බවත්     පලාත්  සභාවේ  මහජන දේපල  සුරැකීමේ    සාමාජිකයන් පවසයි.

මෙම වාහන  ඉතා සූක්ෂම ලෙස  ඒ ඒ නිලධාරින්  තම පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිද්දී ඒ ගැන  සොයා බලා අවශ්‍ය පියවර ගන්නට පත්ව සිටින පලාත් ප්‍රධාන ලේකම් වරයාද  ,එම  නිලධාරින්ව ආරක්ෂා  කරන අයෙකු බවද  පලාත් සභාවේ සේවකයන් සදහන් කරයි.

මධ්‍යම පලාත් සභාවට අයත් රජයේ වාහන කීපයක් අතුරු දහන්ව ඇතත් එම වාහන පිළිබඳව සොයා බලන්නට මධ්‍යම පලාත් සභාවේ  ඉහළ නිලධාරින් පියවරක්  නොගන්නේ ඔවුන් සියලු දෙනාම පැවති රජයන්වල  ප්‍රබල දේශපාලනඥයන්ගේ  වහළුන්  ලෙස කලක්  එම දේංශපාලනඥයන්ගෙන් විවිධ වරප්‍රසාද  ලබාගෙන ඇති නිසා බව වාර්ථාවෙි.

මහජන බදු මුදල් වැයකර මධ්‍යම පලාත් සභාවේ විවිධ අමාත්‍යාංශ වලට මිළට ගත් වටිනා වාහන රැසක් පාවිච්චියට   නෙගෙන මුල්ලකට දමා ඇත්තේ ඒවා කන්ඩම් කර  පසුව සූක්ෂම ලෙස වෙන්දේසි දමා තමන්ට  ලබා ගැනීමට බවද  දැනගන්නට තිබේ.

පලාත් සභාව සතු ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙනසුපිරි වාහන රැසක් රාජ්‍ය නිලධාරින්  තමන්ට ඕනෑ ඕනෑ හැටියට පවෙිච්චි කරමින්එම වාහන තම පුද්ගලික ගමන් බිමන් වලට යොදා ගනී. ඇතැම් පලාත් සභාව සතු වාහන රැසක රාජ්‍ය ලාංචනය හෝ මධ්‍යම පලාත් සභාවේ නිල ලාංචනය හෝ   සඳහන් කර නැති බව  පලාත් සභාවේ සේවකයෝ පවසති.

පලාත් සභාවේ වාහන නඩත්තුව ඉන්ධන ලබාදීම් සියල්ල ජනතාවගේ බදු මුදලින් සිදු කෙරෙයි.සිස්ටම් චේන්ජ් කරන්නට පත්ව ආණ්ඩුවේ මැද රට මහාචාර්ය ආණ්ඩුකාරවරයාද  භාවිතා කරන්නේ පෙට්‍රල් ලීටරයකට කිලෝ මීටර පහක් ධාවනය වන අති සුපිරි රියකි.ඔහුද පසුගිය රජය යටතේ සිටි දූෂිත රාජ්‍ය නිලධාරින් රකින අයෙකු බව බොහෝ දෙනා කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *