ප්‍රධාන කැසිනෝ සමාජශාලා පිහිටි ඩි ආර් විජේවර්ධන මාවත, බම්බලපිටිය හා කොල්ලුපිටිය යන ප්‍රදේශවල රාජකාරි සදහා යොදවන රථවාහන නිළදාරින් එම ශාලාවලින් බිමතින් පැමිණෙන කිසිදු වාහනයක පරික්ෂා නොකරන බවට වාර්ථාවෙි.
රටේ අනෙකුත් ප්‍රදේශවල රථවාහන නිතීය හැමට එකසේ වුවත් විජේවර්ධන මාවත ආවරණය වන මරදාන , රථවාහන කොටඨාශය හා පිටකොටුව පොලිසිය සහ බම්බලපිටිය හා කොල්ලුපිටිය පොලිස් බල පිහිටි කැසිනේ හල්වලින් මධ්‍යම රාත්‍රියට අධික ලෙස මත්පැන් පානය කර වාහන පදවමින් යන කිසිදු අවස්ථාවක නවත්වා පරික්ෂා කිරිමට රාත්‍රියේ රාජකාරි කටයුතු කරන නිලධාරින් කටයුතු නොකරයි.
ඊට හේතුව එම නිලදාරින්ටද රාත්‍රියට අවශ්‍ය ආහාර පාන ආදිය සපයන්නේද මෙම කැසිනෝහල්වලින් වන අතර පොලිසියේ ඉහළ නිළදාරින්ගේ ඕනෑ එපාකම්ද මෙම ආයතන මගින් සපයන නිසා එම ආයතනවලින් සප්පායම්වී පිටවන රියදුරන්ට නීතීය නැමී යයි