දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇති මිණිමැරුම් දෙකට චෝදනා ගොණුකරන්න බය කවුද?

වර්ථමානයේ දැඩි කතා බහට ලක්ව ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණය ඉදිරියේදී සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කලහැකි මිණීමැරුම් දෙකක් ඇත. ඒ පොලිස් අත් අඩංගුවේ දීර්ඝ කාලයක් රදවාගෙන සිටි මාකදුරේ මධූෂ් සහ කොස්කොඩ තාරක යන දෙදෙනාගේ ඝාතනයන්‍ ය. මාකදුරේ මධූෂ්ව ඩුබායි සිට ලංකාවට එවන්නේ සාමාන්‍යය ගුවන් මගියකු ලෙසටය. ඒ 2019 දීය. ඔහු එන විට කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත්ඩංගුවට ගනු ලබන අතර එතැන් සිට රැදවුම් නියෝග මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටියේය. ඔහු සමග ගනුදෙනු කල බොහෝ දේශපාලඥයන් සහ පොලිස් නිළධාරීන් පිරිසක් ද  සිටියේය.

ඔහුව නිහඩ කිරීම ඉහත දෙපාර්ශවයේම අවශ්‍යතාවය වූ බැවින් එම අවශ්‍යතාවය ඉටු කිරීමේ වගකීම 2020 ඔක්තෝබර් මස එවකට බස්නාහිර පලාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාර ගෙන තිබෙි. එයට ඔහු තවත් සහයකයෙක් තෝරා ගත්තේය. ඒ ඔහු සමග නුගේගොඩ කොට්ඨාශයේ සේවයකල 2020 ඔක්තෝබර් වනවිට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක  ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ය. වසරකට අධික කාළයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටි මධූෂ්ගේ රැදවුම් නියෝග අවසන් වීමට ආසන්නව තිබූ නිසා ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශයට මාරු කළේය.

 2020 ඔක්තෝබර් මස 19 දිනට ආසන්න දිනයකදී මධූෂ්ව මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය වෙත ගෙන ගොස් ඝාතනය කෙරිණි. දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යට කීවේ මොන්ටිසෝරි දරුවකුවත් විශ්වාස නොකර අමු බොරුවකි. ඒ මධූෂ් දුරකතනය මගින් කතා කොට මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සදහා කෙනෙකුට එන්නට කී බවත් ඒ අනුව පැමිණි දෙදෙනා මධූෂ්ට වෙඩිතබා පලා ගිය බවත්‍ ය.

දීර්ඝ කාළයක් පොලිස් අත්ඩංගුවේ සිටින අයෙකු නිදහස්ව තැනකට එන්න කීවිට දේශබන්දු තෙන්නකෝන් වැනි මෝඩයෙක් මිස මොලේ කළදක් ඇති එකෙක් යන්නේ නැත. ඊටත් වඩා විශේෂිත කාරණය වන්නේ මධූෂ් ඝාතනය කිරීමට පෙර දින සිට හෙට මධූෂ්ව ඝාතනය කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වීමයි. එදා මධූෂ් ඝාතනය කල කණ්ඩායමේ සිටි නිශාන්ත සොයිසා අද මාතර නියෝජ්‍ය පොලිස්පති වන අතර ඔහුට ලබා දීමට ගිය ස්ථාන මාරුව අවලංගු කිරීමට වත්මන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැදිහත් වීම දෛවෝපගත සිදුවීමකි.

ඊළගට දේශබන්දු තෙන්නකෝන් දඩයම් කරේ කොස්ගොඩ තාරක ය. ඔහු දීර්ඝ කාළයක් පෑළිගොඩ පවත්වාගෙන ගිය බස්නාහිර උතුර කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රැදවුම් නියෝග මත රදවා ගෙන සිටියේය.තාරකව මරන්නට සූදානම් බව මුලින්ම තාරකට කියා තිබුනේ එම ඒකකයේම සිටි පොලිස් කොස්තාපල් වරයෙකි. අදාළ තොරතුර මත ඔහුගේ මව තම පුතාව ආයුධ පෙන්වීම සදහා රැගෙන ගොස් මරා දැමීමට පොලීසියේ සූදානමක් ඇති බවත් එසේ තම පුතාව පොලීසිය විසින් රදවා ඇති ස්ථානයෙන් බැහැරට රැගෙන නොයන ලෙසට අතුරු නියෝගයක් පොලීසිය වෙත ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ඇය ඉල්ලා සිටියාය. පුතා මරා දැමීමට සූදානම් වන දින වකවානුව පවා ඇය අධිකරණයට කීවාය. අධිකරණය ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලාය. තාරකගේ මව අධිකරණය වෙත කරුණු දන්වා සිටි තම පුතාව ඝාතනය කිරීමට සිටිනවා යැයි කියූ දිනම තාරකව ඝාතනය කරාය. ඒ සදහා දේශබන්දු තෙන්නකෝන් යොදා ගත්තේ ඔහුගේ සුවච කීකරු ගෝලයකු වූ පොලිස් පරීක්ෂක සංගීත්‍ ය. ඒ සදහා දේශබන්දු තෙන්නකෝන්ට කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ අදටත් ඩුබායි හි සැගව සිටින කොස්කොඩ සුජීය. එසේම සංගීත් යනු විශේෂ කාර්ය්‍ය බලකායේ සිටින කාළයේ සිටම කොස්ගොඩ සුජීගේ හොඳම මිතුරෙකි.  මධූෂ් ඩුබායි වලදී අත් අඩංගුවට ගැනීම ගැන එවකට පොලිස්පති , ජනාධිපති ඇතුළු සියළුම පාර්ශවයන් දැන ගන්නේ කොස්ගොඩ සුජී විසින් සංගීත්ට ලබා දුන් දුරකතන ඇමතුම හරහාය. මෙම ඝාතනය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමේදී ඝාතයට අනුබල දුන් විනිසුරුවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමට අධිකරණය සේවා කොමිසමේ සහය පැතිය යුතුය. කොස්ගොඩ සුජීගේ නෑනාවන ඉෂාරා අදටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරියක් ලෙස සේවය කරයි. ඉතින් එවැනි අමාත්‍යාංශයකින් කොස්ගොඩ සුජීට එරෙහිව පරීක්ෂණයක් කිරීමට ලංකාවේ පොලීසියකට නියෝග ලැබෙන්නේ නැත.

ඉහත සදහන් කල මිණීමැරුම් දෙකම සිදුකිරීමට නියෝග ලබා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් ය. දැන් දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරයේය. ඉතාමත් හොඳින් කිසික බලපෑමකින් තොරව අදාල මිණීමැරුම් දෙක ගැන  පොලීසියට විමර්ශනය කලහැක. එය කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය නියෝග සහ උපදෙස් ලබා නොදෙන්නේ කාට ඇති බය නිසාදැයි දන්නෝ දනී.

(සිසිර කුමාර  – හිටපු පොලිස් විශේෂ කාර්ය්‍ය බළකා නිළධාරියෙක් විසින් විද්‍යුත් තෑපැලට යොමු කරන ලද ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *