අසේල හා උපුල්ගේ අනුග්‍රහයෙන් යළිත් දුමින්ද සිල්වා  රෝහලේ

මරණ දණ්ඩණය නියමවී සිටින ආර් දුමින්ද සිල්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන හා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය යන අයගේ ආශිර්වාදය යටතේ යළිත් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථාවේ.

පසුගිය කාලය පුරාවටම ඔහු බන්ධනාගාර රෝහලේ නිදහසේ සිටි අතර නව  ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ ජාතික  රෝහලේ සියලුම අංශ නියෝජනයවන පරිදි පත් කළ වෛද්‍යවරුන් 18 දෙනෙකුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර  දුමින්ද සිල්වාට ඇති රෝග හා සෞඛ්‍ය ප්‍රශ්ණ සමිබන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විය . එහෙත් එම වෛද්‍ය කමිටුවට එහිදී හෙළිවී ඇත්තේ කිසිදු රෝගයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ඔහුට නොමැති බවයි.

ඒ අනුව වහාම දුමින්ද සිල්වා රෝහල් වාට්ටුවෙන් රැදවියන්ගේ වාට්ටුවට මාරු කිරිමට සිදුවිය.කෙසේ වෙතත් මෙතෙක් කලක් දිගටම සැප පහසුවට රෝහල් වාට්ටුවේ සිටි දුමින්දට රැදවියන්ගේ වාට්ටුවේ සිටින විට ශරිරයේ කුෂ්ඨ දැමිමත් සමග යළිත් රෝහලට ඇතුලුවිමට මං පැදිනි.

ඒ සදහා හිරු නාලිකා අධිපති රේනෝද සිල්වා සිය සහෝදරයා වෙනුවෙන් මොනර කොළ ඕනෑ තරම් වියදම් කරන අතර අසේල ගුණවර්ධනගේ හොදම ගෝලයා වන වෛද්‍ය හේමන්ත රණසිංහ බංධනාගාර අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත්තේ එම වැඩකටයුතු බලා ගැනිම සදහාය.ඒ අනුව හේමන්ත රණසිංහගේ කිකරු ගොලයා වන වෛද්‍ය ගිහාන් ප්‍රධාන වෛද්‍ය නිළධාරි ලෙස පත් කර ඇත.

සෞඛ්‍ය ඇමතිවරයා මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අසේල ගුණවර්ධනගෙන් විමසුවිට ඔහු පවසන්නේ කුනේ, හිසේ පරික්ෂණයකට රෝහලට ඇතුළත් කර ඇති බවත් හෙට ටිකට් කපා බන්ධනාගාර වාට්ටුවට යොමු කරන බවයි.එය බාලගිරි දෝෂය අද නොවෙි හෙට මෙන්  ඇමතිවරයාට ඒ සමිබන්ධයෙන් දිගින් දිගටම දිනපතා සොයා බැලිමට නොහැකි බව දන්නා අසේල ගුණවර්ධන හැසිරෙන්නේ හොර පුසෙකු මෙණි.ඒ රේනෝගේ මුදලට බව දන්නේ කිහිප දෙනකු පමණි.

ඒ අනුව යළිත් දුමින්ද සිල්වා තුන්වෙිලටම නිවසින් ගෙන එන කැම බිම වලින් සප්පායමිවි බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවේ පළමු ඇදේ සිටිමින් ඉදිරිපිටින් ඇති රූපවාහිනියෙන් හිරු නාළිකාව නරබමින් සිටින අයුරු එම රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැදවියන් සිය ගණනක් හා රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් විස්සකට ආසන්න පිරිස උපේක්ෂාවෙන් බලා සිටිති.

ආණ්ඩුව වෙනස් වු පමණින් සුපුරුදු ජඩවැඩ වෙනස් කරන්න නම් නලින්ද ජයතිස්ස ඇමතිවරයා කඩේ යවන හොර පුසෙකු මෙන් සිටින ඇල්වතුරත් නිවා බොන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන හා මුදලට ඕනෑම ජඩවැඩක් කරන රාජපක්ෂ පිල්ලියක් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය යන අය මෙි තනතුරුවලින් ඉවත් නොකරන තෙක් දුමින්ද සිල්වා බන්ධනාගර රෝහලේ සුවපහසුවට සිටිම වැලැක්විය නොහැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *