මහනුවර මහ නගර සභාවේ සේවය කරමින් සිටි නාගරික රථ ගාල් පරීක්ෂක ව්ජිත බණ්ඩාර වස්ගේවත්ත යන නිලධාරියා නගර සභාවෙන් මාරුවී වත්තේගම ප්‍රාදේශීය සභාවේ පරිපාලන ලේකම් වරයා ලෙස පත්වී යාමේ පාටියට අත දිග හැර වියදම් කරඇත්තේ මේ දිනවල මහනුවර නගරයේ පාරවල් කාපට් කිරීමේ ටෙන්ඩරය ලබාගත් ඇන්තනී පිල්ලේ කොන්ත්‍රාත් සමාගම බව නගර සභාවේ සේවකයන් පවසයි.
මෙම සුපිරි සාදය පවත්වන ලද්දේ මහනුවර මහ නගර සභාව යටතේ පාලනය වන දුනුමඩලාව රක්ෂිතයේ පිහිටි නගර සභාවට අයත් මත්පැන් සාද පවත්වන අවන්හලේය.වියදම ලක්ෂ පහකට අධිකය.මෙම කටයුතු සම්බන්ධීකරණය කලේ නගර සභාවේ කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ නැමති නිලධාරිනිය බව නගර සභා සේවකයෝ පැවසූහ.
මෙම සාදය සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරිය ඇතුලු නිලධාරින් නිලධාරිනියන් රැසක්සහභාගි වූහ.යන එන ප්‍රවාහණ සේවා සපයන ලද්දේ මහජන බදු මුදලින් නඩත්තු කෙරෙන නගර සභාව සතු වාහන වලින්ය.රියදුරන්ට අතීකාල දීමනා ඉන්ධන වියදම් නගර සභාවේ ජනතා බදුමුදලිනි.
මේ වස්ගේවත්ත සහ ඉන්දිකා කුමාරි අබේසිංහ කොමසාරිස් වරිය කුමණ්ත්‍රණය කර ලාල් කාන්ත සිරගත කිරීමේ වෑයමකද නිරත විය.ලාල් කාන්තගේ වාසනාවට මාළිමා ආණ්ඩුව බිහිවිය.
අනුර කුමාර දිසානායකගේ නුවර අවසන් රැළියේ මැතිවරණ ප්‍රචාරක කටවුට් එක කුණු ලොරියේ පටවා ගොහාගොඩ කසළ අංගණයට ගෙන ගොස් ගිනි තබන්නට වස්ගේවත්ත නැමති නිලධාරියාට උපදෙස් දුන් නාගරික කොමසාරිස් වරිය ,පසුව මෙම සිද්ධිය මැතිවරණ ප්‍රචාරක රැළියකදී විවේචනයට ලක් කල ලාල් කාන්තට එරෙහිව මහනුවර පොලීසියේ පැමිණිල්ල දැමීමට වස්ගෙ වත්ත නැමති නිලධාරියා පෙළඹ වූයේ නාගරික කොමසාරිස් වරිය බව නගර සභාවේ සේවකයන් පුන පුනා පවසයි.
වස්ගේවත්තගේ සමුගැනීමේ පාටියේදී වස්ගෙවත්තගේ කරේ එල්ලී නැටූ නාගරික කොමසාරිස් වරියගේ ඩබල් ගේම් දුටු නගර සභාවේ සුලු සේවකයෝ මවිත වූහ.
නගර සභාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවා මෙම සාදයට අත දිග හැර වියදම් කලේ එළඹෙන දළදා දැක්ම දිනවලද නගර සභාවෙන් තව තව කොන්ත්‍රාත් ලබා ගැනීමේ අදහසිනි.
සිස්ටම් චෙින්ජ් කරන්නට මාළිමා ආණ්ඩුව පත් කරගත් මහනුවර නගර සභා බල ප්‍රදේශයේ ජනතාව මාළිමා ආණ්ඩුවට
කඩේ යන මහනුවර මහ නගර සභාවේ නිල්ටයිකොල ටයි වෙනස් කර රතු ටයි දාගෙන මාළිමාවේ වූ නගර සභාවේ දූෂිතයන්
ගැන අසා කණස්සල්ල පල කරති.
මහනුවර මහ නගර සභාවේ නිලධාරින්ගේ සහ නාගරික කොමසාරිස් වරියගේ සියලු පහසුකම් සොයා බලා උන්ගේ දූදරුවන්ගේ බඩ කට පුරවන්නේද කොන්ත්‍රාත් කරුවන් සහ නගර සභාවට කෝටි 16 කට වඩා මුදල් ගෙවා නගරයේ වීථීවල නවත්වන රථගාල් වලින් මුදල් අයකරන ටෙන්ඩරය ගත් ව්‍යාපාරිකයා ඇතුලු පිරිසක් බව නගර සභාවේ දිවාරාත්‍රී දහඩිය හෙළන සුළු සේවකයෝ පවසති
සිස්ටම් චේන්ජ් වී ඇත්තේ පසුගිය ආණ්ඩුවලට දරදිය ඇද්ද හිටපු රාජ්‍ය නිලධාරින්ගේ බව මාළිමා ආණ්ඩුව පිහිටුවන්නට දිවා රෑ සහය දුන් මහනුවර ජනතාව පවසති.
සජබ ආණ්ඩුව එන තෙක්මග බලා සිටි වත්මන් මහනුවර නාගරික කොමසාරිස් වරිය ,රෝහණ විජේවීර ,ටිල්වින් සිල්වා ,අනුර කුමාර දිසානායකට වඩා සිස්ටම් චේන්ජ් එකට ලක්වී මාළිමාවට බරවී සිටින බව මාළිමාවේ සමීපතමයන්ද කියති.