මාතලේ රථවාහන අනතුරු වැඩිවන්න හේතුව

වැඩිම රථාවාහන අනතුරු සිදුවන මාතලේ පොලිස් කොඨ්ඨාශයේ  රිය අනතුරු අවම කිරිමට හයිවෙි ටැෆික් එකකයි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුද දවසේ ආදායම් ඉහළ දමා ගැනිම බවට තොරතු වාර්තාවෙි.

මහනුවර – යාපනය ඒ 9 මාර්ගය හා කුරුණෑගල – ත්‍රිකුණාමලය දෙකට වැටි ඇත්තේ මාතලේ පොලිස් කොඨඨාශයෙන් විම නිසා නිතර රිය අනතුරු සිදුවන නමුත් ඒවා පාලනය කිරිමට කිසිදු සැලසුමක් නොමැත.

එහි ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන ප්‍රදාන පොලිස් පරික්ෂක රත්තායක එම තනතුරේ වසර හතකට වැඩි කාලයක රැදි සිටින අතර එම එකකයට අනුයුක්තව අධිබල ඉංජින්දාරිතාවලින් සමන්විත යතුරුපිදි හයක් සමග යතුරුපැදි දහයක් ද ඇත.

මෙම එකකයට ලබා දී ඇති අධික වෙිගයෙන් රියපදවන වාහන හසුකර ගන්නා විද්‍යුත් යන්ත්‍රයද එහි නිලධාරින් රැගෙන යාමට මැලිකමක් දක්වන අතර එසේ රැගෙන ගිය හොත් එහි ස්ථානාධිපතිට රුපියල් පන්දහසක් සවසට ලබා දිමට සිදුවෙි.

ඊට අමතරව මෙම හයිවෙි ටැෆික් එකකයේ නිලධාරින්ට කොඨඨාශභාර පොලිස් ප්‍රධානියාගේ සියලු ඕනෑ එපාකම්වලට අවශ්‍ය මුදල් මෙන්ම එළවලු , පළතුරු මස්මාලු, පොල් ආදි සියලුම දේවල් සැපයිමටද සිදුව ඇති බව ද වාර්ථාවෙි.

කෙසේ වෙතත් මෙම එකකය පිහිටුවිමෙි අරමුද ඉටු නොවිම නිසා දෙපාර්තමේන්තුවටද විශාල පිරිවැයක් දැරිමට සිදුව ඇත්තේ මාතලේ සිට සිගිරිය හෝ ගලේවෙල ආදි ප්‍රදේශවල රාජකාරියක් කිරිමට ගිය පසු නැවත සවසට සිය රාජකාරි කරන ස්ථානයටම  සිය රාජකාරි අවසන් කිරිමට පැමිනිමට සිදුවිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *