පූර්ණ බලතල සහිත වත්මන් පොලිස් කොමිසම පත්වන්නේ 2023 ජූනි මාසයේදීය. ඒ 2022 අරගලයේ ප්‍රතිපලයක් ලෙසට ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ඉදිරිපත් වීමෙන් පසුවය. 2024සැත්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවතෙන තෙක් පොලිස් කොමිසම සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩ කරේ ගසට පොත්ත මෙන් එකට එකවය.
2023 වර්ෂයේ අවසන් කාර්තුවේදී රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය නව නීති වාර්ථා පොතට යන තීන්දුවක් ලබා දුන්නේය. ඒ එවකට වැඩ බලන පොලිස්පති ලෙස නම්කර සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිවය. ඒ ඔහු 2009 වසරේ නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා ලෙස සිටියදී පුද්ගලයකු අනීතික ලෙස අත් අඩංගුවට ගෙන වඳ බන්ධනයන්ට යටත් කිරීම අදාල පුද්ගලයාගේ ලිංග ඉන්ද්‍රියන්ගේ සිද්ධාලේප ගෑම කරන කොට එම පුද්ගලයා ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් ඒ සදහා වන්දි ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙවන ලෙසට සහ එයට සම්බන්ද අනෙක් පොලිස් පරීක්ෂකවරු දෙදෙනාද වරදකරුවන් කරමිනි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසම වෙත නියෝග කරේ දේසබන්දු ඇතුළු නිළධාරීන් තිදෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.
සාමාන්‍යය ක්‍රියා පටිපාටිය අනුව අදාල විනය ක්‍රියා මාර්ග ගැනීම පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර නිළධාරීන්ට එරෙහිව කෲර වඳ හිංසා ආඥා පනත යටතේ නඩු පැවරීම සදහා ගොනුවක් සකස් කර නීතිපති වෙත යැවිය යුතුය. නමුත් ඒ කිසිවක් සිදු නොකරන ලද පොලිස් කොමිෂම පාර්ලිමේන්තුව මගින් අනීතිකව දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරනා තෙක් ඔහේ බලාගෙන සිටියේය.
එම සිදුවීමට සමගාමීව තවත් සිදුවීමක් වෙමින් පැවතුණි. ඒ කලක් තිස්සමහරාම පොලීසියේ ස්ථානාධිපති ලෙස සිටි ප්‍රභාත් දේශබන්දු නැමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිළධාරීන් තිදෙනෙකුට විරුද්ධ පැවති කෲර වඳ හිංසා ආඥාපනත යටතේ පවරා තිබූ නඩුවකින් වැරදි කරුවන් වී වසර 7 ක සිරදඩුවම් නියම වීමය. එකම පොලීසිය තුල කතා දෙකකි. සාමාන්‍යය නීතියට අනුව යම් රජයේ නිළධාරියකු අධිකරණයක් ඉදිරියේ වරද කරු වී සිර දඩුවමකට යටත්වූ විගස අදාළ නිළධාරීයාගේ වැඩ කිසිදු ගෙවීමකට යටත් නොකොට තහනම් කරන්නේය. වත්මන් පොලිස් කොමිෂන් සභාවට ඇති බලතල ප්‍රකාරව ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයේ සිට ඉහල නිළධාරීන් ගේ ස්ථාන මාරුවීම් වැඩ තහනම් කිරීම් සහ අනිවාර්ය නිවාඩු යැවීම සදහා නියෝග කල යුත්තේ පොලිස් කොමිෂන් සභාව විසිනි. පොලිස්පති කාර්ය්‍ය වන්නේ අදාල නියෝගය පොලිස්පති පණිවිඩයක් ලෙසට අදාළ නිළධාරීයා සහ සමස්ත පොලීසියම දැනුවත් කිරීමයි.
එම කොටස පොලිස් කොමිසමට මග හැරුනේ නම් එය පොලිස් කොමිෂම වෙත දැනුම් දීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමයි. ප්‍රභාත් දේශබන්දු නිළධාරීයා ඇතුළු නිළධාරීන් තිදෙනා සිර දඩුවම් විදීමට නියම වූ ටිට ඔවුන්ගේ වැඩ තහනම් කිරීම පොලිස් කොමිෂම නොකලා සේම එසේ නොකිරීම වරදක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද පොලිස් කොමිසම දැනුවත් කකර නොමැතැති බව පෙනි යයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එය වැරදීම සුළුවෙන් සැලකිය නොහැකිය ඒ වත්මන් ඇමති පොලිස් හිටපු පොලිස් පරීක්ෂක වරයෙකි. අමාත්‍යාංශයේ සම්භන්ධීකරණ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. අමාත්‍යාංශයේ උපදේශක හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. මුළු පොලීසියම එතන සිටියද ඔවුන් කරන වැඩ එතැනමය.
මීට සති කීපයකට පෙර ප්‍රභාත් දේශබන්දු නිළධාරියා ඇතුළු නිළධාරීන් තමන්ට එරෙහිව අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද ඇපෑලක් මගින් ඇප මත පැමිණියාය. එසේ පැමිණි විගස ප්‍රභාත් දේශබන්දු නිළධාරියා කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ලෙස සේවයට වාර්ථා කලාය. දැන් අමාත්‍යාංශය කොමිසමටත් කොමිසම අමාත්‍යාංශයටත් ඇඟිලි දිගු කරමින් සිටීයි.
2024 මැයි මාසයේදී ශ්‍රේෂිඨාධිකරණය තවත් විශේෂ තීන්දුවක් ප්‍රකාශ කලාය. ඒ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යකෂක පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කාන්තාවක් සහ ඇගේ දරුවා රදවා තබා ගැනීමක් පිළිබදවය. එහිදී ශ්‍රේස්ඨාධිකරණය විශේෂ ප්‍රකාශයක් කලාය. ඒ අදාල පොලිස් අධිකාරී නෙවිල් සිල්වා නිළධාරියා ඒකකයක ප්‍රධානියකු ලෙස නොව පොලිස් දේපාර්තමේන්තුවේද තබා නොගතපුතු නිළධාරීයකු බවටය.
එම තීන්දුව දී සතියකට පසුව වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න විසින් මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ පැවති පොලිස් විශ්‍රාමික සාමූහිකයේ ජාතික රැළියේදී මෙවැනි නිළධාරීන්ට එරෙහිව නීතියාණුකූලව ක්‍රියා කිරීමට ජාතික ජන බලවේගය බලයට පැමිණිය යුතු බවට කරන ලද ප්‍රකාශයට ජන මාධ්‍ය විසින් ප්‍රචාරයක් ලබා දෙන ලදි. එසේ කී රවී සෙනවිරත්න 2024 සැප්තැම්බර් මස 23 දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විය.
නමුත් පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාරු කිරීමට මාස 4 ක් ගත විය. අද වෙන තෙක් ඔහු ඇතුළු නිළධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කී ප්‍රකාරව සහ රවී සෙනවිරත්න පම්පෝරි ගැසූ නීතියාණුකූලව කිසිදු විනය පරීක්ෂණයක් නැත.
පොලිස් කොමිසමසම මහජන ආරක්ෂක අමාත්‍යාංශය එසේ කරන්නේ නැත. එයට හේතුව පොලිස් කොමිසම ටිරාං අලස්ද මහින්ද ආරක්ෂක අමාත්‍යාංශය නිශ්සංක සේනාධිපතිද පාලන කිරීමයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශ වරුන් කල යුත්තේ අත් අඩංගුවට ගන්නා සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් මරා දමන ලෙස හෝ අත් අඩංගුවට ගත් සැකකරු වන්ගේ ගුද මාර්ගය බැටං පොලු බැස්සීමට උපදෙස් දීම නොව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස නොවන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරියට ගෙන යාමට උපදෙස් දීමය.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් පුද්ගලයකුට පහරදී ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේස්ඨාධිකරණය තීන්දුවක් ලබාදී පොලිස් කොමිෂමට නියෝග කරේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය කරේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට අලුතින් පිහිටවූ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශ භාරදීමය. මේ කරණු වලින් මනාව පැහැදිලි වන්නේ පොලිස් කොමිසම සේම පොලීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශය රටේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරන ආකාරය යි.
මොන තනතුරු දැරුවත් මේ ත්‍රාඩයන් මෙලෙස හැසිරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ලිහිල් බව නිසාය. පොලිස් නිළධාරීන්ට එරෙහිව ලබාදෙන නඩු තීන්දු වලදී එම තීන්දුව ප්‍රකාරව සියළුම පාර්ශවයන් ක්‍රියාත්මක වී ඇතිද යන්න සොයා බැලීම සදහා මුල් තීන්දුව ප්‍රකාශයට පත්කල දින සිට මාස 3 ක කාළයක් ගොස් නඩුව නැවත කැදවිය යුතුය. එවිට ශ්‍රේෂ්ඨෘධිකරණ නියෝග පැහැරහැර ඇති සියළුම පාර්ශවයන්ට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොණුකල යුතුය. අධිකරණයට අපහාස කරන අයගේ ලෙඩේ නිට්ටාවටම සුවවනු ඇත.
(පොලිස් සාමුහිකයේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු විසින් විද්‍යුත් තැපෑලට යොමු කරන ලද ලිපියකි)