රජයේ ඉඩමකට ව්‍යජ ඔප්පු සකස් කර අලෙවිකිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු මැටි කර්මාන්ත ඇමති ප්‍රසන්න රණවීර මහතා දින කිහිපයක සිට සැගවි සිටින බවට තොරතුරු වාර්ථාවෙි
කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක පර්චස් 120 කට සකූඨ ලේඛන සකස් කර ඉන් භාගයක් තමන් සතු කර ගෙන ඉතිරි ප්‍රමාණය පර්චස් 7 බැගින් කඩකාමර ඉදිකිරිමට මුදල්ට අලෙවි කර වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුලු තවත් තිදෙනෙක් පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මෙම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන අතර එම ඉඩම මෙලෙස වංචාවට සහගත ලෙස ව්‍යාජ ඔප්පු සකස් කර ඇත.
මෙිසදහා හිටපු ඇමති ප්‍රසන්න රණවීර මහතාද සමිබන්ධ බවට මෙතේ කරන ලද විමර්ශනයේසී රහස් පොලිසිය හෙළිකර ගෙන ඇතත් ඔහුව අත්ඩංගුවට ගැනිමට ස්ථාන කිහිපයක් පරික්ෂා කර ඇතත් මේවන විට හිටපු ඇමතිවරයා සැගවී සිටින බවට වාර්ථාවෙි.