සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ ගබඩාවෙි සේවය කරන රියදුරන්ගේ මාෆියාව නිසා දෛනිකව ලක්ෂ ගණනක් රටට අහිමිවන බවට තොරතුරු වාර්ථාවෙි.
හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සමයේ බදුල්ලේ එකම පවුලේ පිරිසක් බදවා ගෙන ඇති අතර ඔවුන් විසින් පිහිටුවා ගෙන ඇති පවුලේ වෘත්තිය සමිතියක් විසින් මෙම පිරිස ආවරණය වෙමින් එම ජාවාරම සිදු කර ගෙන යයි.
2008 වර්ශයේ බදවා ගෙන ඇති මෙම පිරිස එදා සිට අද දක්වා කිසිදු ස්ථාන මාරුවිමක් නොලබා එකම ස්ථානයේ සිදිමින් කටයුතු කරන එහි රියදුරන් දහයකට අධික පිරිසක් සේවය කරති.( සමන් කිත්සිරි, සුමිත් පුබුදු,ජගත් සමරකෝන්,දිප්ති උදය බංඩාර, ලසිත් මනතුංග,චන්දන සමන් කුමාර, මහින්ද කුමාර, අසංක චතුරංග,අසංක නිරෝෂණ)
ජම්බෝ අයියර් වර්ගයේ ලොරි රථ නවයක් ( WP LK 6830,32,33,34,35,36,37, LK 7167.68)ඇති අතර එහි ලියකියවිලිවලට අනුව ඩිසල් ලීටරයකට කිලෝමිටරයකට 3.5 ක් ගමන් කළ හැකි බවට පවසයි.ලොරි රථයකට ඩිසල් ලීටර 220 ක් එක්වර පිරවිය හැකි අතර කොලඹ සිට යාපනය දක්වා ගොස් පැමිණිය හැකි වුවත් ඊට වඩා වැඩි ඉන්ධන ප්‍රාණයක් වැය වෙන බව සදහන් කරමින් අමතර මුදල් ලබා ගෙන ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන වලට ඒ ඒ දිස්ත්‍රික්කවල ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල්වලින් බිල් ලබා ගෙන ඉදිරිපත් කර එම මුදල් ලබා ගන්නා බව වාර්ථාවෙි.එහෙත් සැබැවටම මෙම යාපනයේ ගමන්වාරයකට ඉන්ධන ටැංකියෙන් භාගයකට මදක් වැඩියෙන් දහනයවන බවට එහි රියදුරන් පවසයි.මෙම ඉන්ධන සදහා මුදල් ලබා දෙන්නේද ජපන් ආධාරයක් මත විමද විශේෂත්වයකි.මේ ආකාරයට යාපනය , මඩකළපුව අම්පාර ආදි ප්‍රදේශවලට මසකට අවස්ථා තුන හතර ඖෂධ රැගෙන යන අතර මෙමගින් රුපියල් හතලිස් දහසකට අධික අමතර මුදලක් රියදුරන් ඉන්ධනවලින් ලබා ගන්නා බව වාර්ථාවෙි.
අද වනවිට ඖෂධ ගබඩාව පාලනය මෙම කල්ලිය යටතට පත්ව ඇති අතර ඔවුන් ලබා දෙන වෙිලාවට ඖෂධ රෝහල්වලට බෙදා හරින තත්වයට පත්ව තිබෙි. එහි උසස් නිලධාරින්ට සිදුව ඇත්තේ බෙදාහැරිමට ඇති ඖෂධ රැගෙන යාමට ලොරිවල රියදුරන්ට පිංසේන්දු විටය.ඒ තරමට ඔවුන් බලවත්ව ඇත්තේ අටවාගෙන ඇති පවුලේ වෘත්තිය සමිතිය නිසාවෙනි.
මෙහි ඇති ලොරි සති අන්තයට ගමන් කරන්නේ කොහෙද යන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ට පහසුවෙන් සොයාගත හැක්කේ සති අන්ත සිකුරාදාට බදුල්ලට ගිය හොත් පමණි.අම්පාර, මඩකළපුව , පොළොන්නරුව ආදි දුර බැහැර ප්‍රදේශවලට ඖෂධ ප්‍රවාහනය කිරිමට ඇති අවස්ථාවදී ඔවුන් සංව්ධානය වී සති අන්තයට එම ප්‍රවාහන කටයුතු සැලසුම් කර ගන්නා අතර පසුව සෙනසුරාදා හා ඉරිදා යන දින දෙක ලොරි රථයෙන්ම සිය ගම්බිම් වන බදුල්ලට ගොස් සදුදා සුපුරුදු පරිදි අමාත්‍යංශයට පැමිණිට පුරුදුව සිටියි. එහිදි අමතර ඉන්දන අදායම හා අතිකාල සමගින් නිවසේ ගත කිරිමට මොවුන් පුරුදුවී සිටියි.