පාස්කු ප්‍රහාරය සිදුව වසර පහක් ගතව ඇතත් මේ වනතෙක් ඊට වගකිම භාර ගෙන දඩුවම් ලබා ඇත්තේ පහළම පොලිස් කොස්තාපල්වරයෙකු වුනත් ඊට වගකිව යුතු ප්‍රධාන ඉහළ නිළධාරින් බොහොමයක් කුමන හෝ උපායකින් ඉන් ගැලවී සිටිම පහත් තැනින් යයි ගලා ජලේ කියමන සනාථ කිරිමක් බව පැහැදිලිව පෙණේයි.
එහි අරුමය නම් පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය එල්ල වන බවට ලැබි තිබු බුද්ධි තොරතුරු සදහා ක්‍රියාත්මක නොකළ ඉහළ පොලිස් නිළදාරින් එකොළොස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අධිකරණය හා නිතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබියදි එම නිළදාරින්ම තමන්ට එල්ල වන චෝදනා විමර්ශනය කර ඇත්තේ නිතිය නමමිණි.
මේ අතුර බෝම්බ පිපිරිමට ලක්වු ප්‍රදේශවල එවකට සේවය කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොඨිඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් , සහකාර පොලිස් අධිකාරිවරුන් හා පොලිස් ස්ථානාධිතිවරුන් 11 දෙනෙකුට එරෙහිව එවකට නිතිපති දප්පුල ලීවේරා මහතා නියෝග කලේ එම පිරිසට එරෙහිව විනයානුකූළව කටයුතු කරන ලෙසටයි.
කෙසේ වෙතත් ඇතැම් නිළදාරින්ට එරෙහිව එක දිනයකින් පරික්ෂණ සිදුකර නිදොස් කිරිමට තරම් ශ්‍රිලංකා පොලිසියේ දක්ෂ නිළදාරින් සිටිම සතුට දනවන කරුණකි.
එහිදී පොලිස් විශේෂ විමර්ශන එකකයේ එවකට ප්‍රධානි මෙවන් සිල්වාගේ මුලිකත්වයෙන් සිදුකරන ලද පරික්ෂණ කටයුතු තමන්ට අවශ්‍ය ආකරයට නංවා ගැනිමට එකළ ඉහළ නිළධාරින් කටයුතු කර ඇත.
පාස්කු ප්‍රහාරය සිදුවන විට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන දවසක් තුළ අවසන් කිරිමට කටයුතු කර තිබේ.
වැඩිම බෝම්බ ප්‍රමාණයක් පිපිරුණු ප්‍රදේශය ලෙස කොළඹ සටහන් වු අතර එම ප්‍රමාණය පහකි. කිංස්බරි , සිනමන්ග්‍රෑන්ඩ්, සැන්ග්‍රිලා යන හෝටල් සහ කොච්ච්කඩේ දේවස්ථානය ඉන් ප්‍රධානවේ.එකළ මෙම බස්නාහිර පළාතම භාරව කටයුතු කළේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ මහතායි.ඔහුට කිසිදු පරික්ෂණයක් නොමැතිව නිදහසේ විශ්‍රාම ගියේය. එයට මූලික හේතුව වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේද ආරක්ෂකයකු ලෙස ජනාධිපති ආරක්ෂක ඒකයේ සේවය කිරීමත් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම වෙනුවෙන් අධිකරණයෙන් දඩුවම් නියම වීමට සිට ජනාධිපති මුක්තියට යටත්ව ඉන් නිදහස් වූ රනිල් වික්‍රමසිංහ ගේ යහපාලන ආන්ඩු සමයේ එහි ක්‍රියාධරයකු වූ නන්දන මුණසිංහගේ මස්සිනාවූ නීතීඥ මර්වින් සිල්වාගේ අනුභාවයයි.
ඊට අමතරව එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති වත්මන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කටයුතු කළේය.ඔහු රාජකාරි ආවරණය කළ කොලඹ ප්‍රදේශයේ මෙම බෝම්බ වැඩිවශයෙන් පිපිරිණි. ඔහුද චෝදනා පත්‍රයෙන් නිදහස් කර තිබේ. එයට හේතු වූයේ පතිනායක පොලීසියට බැඳීමට පෙර සියම් මහ නිකායේ පැවිදිනමක් ලෙස සිටීමත් ඔහුව පොලීසියට බදවා ගැනීමට මහින්ද රාජපක්ෂ උදව් කිරීමත් පතිනායකගේ වැඩිමහල් සොහොයුරා කලක් අනුරුද්ධ රත්වත්තේගේ පුද්ගලික ආරාකෂක යකු ලෙස යුධ හමුදා කපිතාන් වරයෙකු ලෙස සේවය කර තිබීමත් ය.
අපට වාර්ථාවන තොරතුරු හා පාස්කු ඉරිදා ජනාධිපති කොම්ෂම් වාර්ථාවෙන්ද සහ අධිකරණයේ හෙළි වු කරුණුවලින් අනාවරණය වුයේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මෙම ප්‍රහාරය එල්ලවල බවට කල්තියා තොරතුරු ලැබිමෙන් පසු එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් හා පොලිස්පති පුජිත ජයසුන්දරට අවස්ථා ගණනාවකදී ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇති බවයි. ඒඅනුව අප්‍රේල් 9 දින ප්‍රහාරය සම්බන්ධ තොරතුරු නිළන්ත ජයවර්ධන මහතා ඉහළ පිරිසට ලබා දී ඇත. පසුව නැවත 20 වෙනි දින හා 21 වෙනි දින උදැසනද දැනුවත් කිරිම සිදු කර තිබේ.ඒ අනුව පොලිස්පතිවරයාට අවස්ථා අටකදීත් , ආරක්ෂක ලේකම්වරයාට අවස්ථා හතරකදීත් දැනුවත් කර ඇති බව වාර්ථාවේ.
ඒ අනුව පොලිස්පතිවරයා ඊට පහළ ජේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට , නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට , කොඨ්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාර්වරුන්ගේ පහළට ස්ථානාධිපතිවරුන්ව දැනුවත් කර තිබේ. එසේ තිබියදි විශේෂ විමර්ශනය සිදුකර ඇත්තේ අප්‍රේල් 09 වෙනි දින දැනුම් දිම සම්බන්ධයෙන් පමණි.20 වෙනි දින හෝ 21 වෙනි දින දැනුවත් කිරිම සමිබන්ධයෙන් විමර්ශනය සිදු කර නොමැති .
තවද කටුපොතදී සහරාන් අත් අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව මගහැර තිබීම. 2019 ජනවාරි මස දී සැක කටයුතු පුද්ගලයන් 129 ක් පිළිබදව ලබාදී ඇති ලිඛිත තොරතුර පිළිබදව කිසිදු පරීක්ෂනයක් නොකිරීම පිළිබඳව කිසිම පරීක්ෂණයක් හෝ විමර්ශණයක් සිදු නොවීමයි.එහි හොදම විහිලුව නම් මෙම තොරතුරු ලබා දුන් බව කියන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් මෙම විර්ශකයින් කිසිදු ප්‍රකාශයක් හෝ විමසිමක් සිදු නොකිරිමයි.එසේ සිදු කළ පරික්ෂණයකින් ද ලලිත් පතිනායක මහතාද නිදහස් කළේය.
මෙම නිදහස් විම් ඉබේම සිදුවුවක් නොවන අතර මේ සදහා මහා දේශපාලන හස්තයක් ක්‍රියාත්මක සිදු බවට තොරතුරු ලැබි තිබේ.එහිදි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කිරිමටත් ඉන්පසුව පොලිස්පති තනතුරට ලලිත් පතිනායක මහතා ගෙන ඒමේ දීර්ඝ කාලින වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙස එය ක්‍රියාත්මක වි ඇති බවට තොරතුරු වාර්ථාවෙයි.
ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලලිත් පතිනායක වෙනුවෙන්ද දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් ටිරාන් අලස් කළ මෙහෙය සුලු පටු නොවෙයි.මෙම නිළදාරින් අතිතියේ පොලිසියට බැදුණු ආකරය පරික්ෂා කිරිමෙන් ඒ බව මනාව පැහැදිලි වෙනු ඇත.