ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්‍යාලයේ ප්‍රභලයෙකුගේ දඩමස් මනදොළ සැපීරීමට ගොස් බැදපු තුවක්කුවක් පත්තුවීම නිසා සේවකයකු අනුනවයෙන් සිය දිවි ගලවා ගත් පුවතක් චින වරාය තෙල් ටැංකි සංකිර්ණයෙන් අසන්නට ලැබේ.
ත්‍රිකුණාමල තෙල් සංකීරණණ සමාගමේ දැනට ටැංකි අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා කාලාන්තරයක් තිස්සේ සිදුවන අතර ඔහු ඇතුළු තවත් තෙල් සංස්ථා නිලධාරීන් කීප දෙනෙකුගේ දඩ මස් කෑමේ ආශාව සංසිඳවීම සඳහා සංස්ථාවේ සේවයේ සිටින කිහිප දෙනෙකු ලවා පසුගියදා මෙම බඳින තුවක්කු බැඳ කාලාන්තරයක් තිස්සේ සතුන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් සිදුකර ඇති බව තෙල් සංස්ථා චීන වරාය අභ්‍යන්තරක ආරංචි මාර්ග අප වෙත වාර්තාකර සිටියේය.
කෙසේ වෙතත් මෙ පිළිබඳව වර්තමාන සභාපතිවරයා මීට පෙර සිටම දැනුවත් වී සිටි අතර ඔහු සභාපති ධූරය භාරගැනීමෙන් පසුවද මෙම සතුන් දඩයම් කර මස් අනුභව කිරීම වැඩි වී ඇති බවද එම ප්‍රකාශකයා අපට වැඩිදුරටත් පැවසීය.
සභාපතිවරයාගේ හිතෛෂී මෙම නිළධාරියාට මස් සැපයිමට ගොස් බඳින තුවක්කුවේ අවදානමට ලක් වූ දෛනික කම්කරු සේවක මහතාට පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිත් නොදන්නා සේ කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් තවත් ප්‍රකාශකයකු පවසා සිටියේ වර්තමාන සභාපතිවරයාට චීන වරාය සතුන් දඩයම් කිරීම පාලනය කරනවා විනා ආයතනයේ කිසිදු කටයුත්තක් පිළිබඳව කිසිදු පාලනයක් ඔහු සතුව නොමැති බවත් වර්තමාන කළමනාකාරවරුන් සහ සේවකයන් ඔහුගේ හිතවතුන් සහ සමීපතමයන් ලෙස පෙනී සිටිමින් ආයතනයේ පාලනය ගිලිහී ගොස් සභාපතිවරයාගේ හිතෛෂී යාළු හිත මිත්‍රාදීන්ගේ පාලනයට ආයතනයෙන් නතු වී ඇති බවයි.