පසුගියාදා මාතර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 71ක තොගයක් පොලිස් භාරයේ තිබියදී කිලෝ 69ක් දක්වා අඩුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලැබුනු පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශනයේදී කිලෝ දෙකක් අඩු කර සටහන් දමා ඇති බව හෙළි විමෙන් පසුව ඒ සම්බන්ධයේන් වහාම විමර්ශනයක් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවට යොමු කර ඇතත් අදාල සිද්ධිය යටපත් කර ඇති බවට තොරතුරු වාර්ථා වෙි.
මෙම තොරතුරු හෙළිවී ඇත්තේ එම වැටලිමට සමිබන්ධ වු නිළදාරින් දෙදෙනෙකු නම් ඉවත් කර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරණ ලද විමර්ශණයකින් අනතුරුවය.
පොලිස් භාරයට ගත් මත්කුඩු ගණනය කිරිමේදී කිලේග්‍රෑමි එකේ පැකට් හැත්තෑ එකක් තිබි ඇති අතර පසුව පොත්වල සටහන් කිරිමේදී 69 ක් ලෙස සටහන් යොදා තිබෙි.ඊට අදාළ විඩියෝ දර්ශනද අපවෙත් ලැබි තිබෙි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) දැනුම් දී විමර්ශනයක් ආරම්භ කර තිබුණ ද එය බොහෝ මන්දගාමී ආකාරයෙන් සිදුවීම හේතුවෙන් මෙසේ අදාළ විමර්ශනය CID ය මගින් සිදුකිරීමට තීරණය කර ඒ සදහා යොමු කර ඇතත් එම නිලධාරින්ද සිද්ධිය විමර්ශණය යටපත් කර ඇති බව වාර්තාවෙි.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක මේ දිනවල සාමාන්‍ය වටිනාකම රුපියල් කොටි දෙකක් පමණ වන අතර මේ සිද්ධියේදී රුපියල් කෝටි හතරක පමණ හෙරොයින් ප්‍රමාණයක් කිසිවකු විසින් ජාවාරම් කර ඇති බව වාර්ථාවෙි.
( මෙම සිද්ධිය සමිබන්ධයෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශණයක් සිදු නොකල හොත් එවා යටපත් කරන නිලධාරින් හා දුෂිත නිළදාරින් රකින ආණ්ඩුවේ අය සමිබන්ධයෙන් හෙළි කිරිමට කටයුතු කරන බව අවධාරණය කරන්නේමු.)
2025-01-06