මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් ජාවාරම මෙයවන  එහි ඉහල නිලධාරින් හය දෙනෙක්  

මහනුවර දුම්රිය ස්ථානයේ ඉහළ නිලධාරින් රැසක් එක්ව මහා පරිමාණ දුම්රිය ප්‍රවේශපත් ජාවාරම් කරමින් සිටින බව වාර්ථාවෙි.ඒ සදහා  ඔවුනට සහාය දෙන දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් සහ සංචාරකයන් ප්‍රවාහණය කරන කාර් හිමියන් ,මෙන්ම  දුම්රිය ස්ථානයේ  කණීෂ්ඨ සේවකයන් ද දුම්රිය ආසන වෙන් කිරීමේ ජාවාරමේ යෙදී විශාල ලෙස මුදල් උපයා ගනීයි.

මහනුවර දුම්රිය ස්ථානයේ ඉහළම නිලධාරියෙකුට අක්කර 50 ක වත්තක්ද තිබෙන බවත් ,ඔහු නුවර අවට සංචාරක හෝටලයක් ඉදිකර ගෙන යන බවත් ,රාජ්‍ය සේවකයෙකුට මේ තරම් මුල්‍ය වත්කමක් උපයා ගන්නට ඔහුට ඇති ව්‍යාපාර මොනවාදැයි අල්ලස් හෝ දූෂණ විමර්ශණ අංශ සහ රජය  සොයා බැලිය යුතු බවත් මහනුවර දුම්රිය ස්ථානයේ අනෙකුත් සුළු සේවකයන් පවසයි.

මෙහි තවත් නිලධාරියෙකු සතු මෝටර් රථ තුනක් සංචාරක ප්‍රවාහණයට යොදවා ඇත.ඔහුගේ රථ තුනට දුම්රිය ස්ථානයේ පැය  24 ම රථ වාහනය නවතා තැබිය හැක.ඇල්ල බදුල්ල බණ්ඩාරවෙල සහ නානූඔය බලා යන විදෙස් සංචාරකයන්ට රුපියල් 6000/= සිට  7000/= දක්වා මිළකට විශේෂ දුම්රිය ප්‍රවේශපත් අළෙවි ජාවාරම මෙහෙය වන්නේ දුම්රිය ස්ථානයේ සේවය කරන එම ඉහළ නිලධාරින් කීප  දෙනෙකු එක්වී බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ඇමති මහින්දානන්දගේ සුවච කීකරු  ගෝලයෙකු ලෙස  දුම්රිය ස්ථානයේ පහළම ශ්‍රේණියක සේවය කරන අතර  ඔහු  විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්  ජාවාරමේ යෙදෙමින්නේ රාජකාරිය පසෙක දමමිණි.  ඇල්ල බදුල්ල නානුඔය බණ්ඩාරවෙල බලා ධාවනය වන ඔඩිසි විශේෂ දුමිරියේ ආසන අල්ලා ගෙන ඒවා පසුව සංචාරක මග පෙන්වන්නන් මාර්ගයෙන් විදෙස් සංචාරකයන්ට අධික මිළ ගනන් වලට  අලෙවි කර අතයට මුදලක් ලබා ගනී.

දිනකට ප්‍රවේශපත් 100 හොර පාරේ සංචාරකයන්ට  විකුණන අතර රුපියල් 2000/= ටිකට් පත විදෙස් සංචාරකයන්ට දුම්රිය ස්ථානයේ  ඉහළ නිලධාරින්   හා එක්ව විකුණනු ලබන්නේ  රුපියල්  4000/= කටය.මේ සියලු ජාවාරම  සිදුවන්නේ  ඔන් ලයින් ක්‍රමය තුලය.මහනුවර සංචාරක හෝටල් ප්‍රධානීන් හරහා විදෙස් සංචාරකයන්ට  විශේෂ දුම්රියේ ප්‍රවේශපත් වැඩි මිළට විකුණනු ලබයි.

විශේෂයෙන් ඇල්ල  බලා යන විදෙස් සංචාරකයන් ඉලක්ක කර මෙම මහා පරිමාණ දුම්රිය ප්‍රවේශපත් ජාවාරම සිදුවද්දී  මෙම දුම්රියේ ගමන් ගැනීමට පැමිණෙන සාමාන්‍ය  මගියෙකුට  මෙහි ප්‍රවේශපතක් මිළදී ගැනීම කිසිදු ක්‍රමවේදයකින් හෝ නොහැකි බව මගී ජනතාව පවසති.

තවද මෙම දුම්රිය  ස්ථානයේ  සේවක සුභසාධක ආපන ශාලාව ටෙන්ඩරයකින් ලබාගත් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍ය වරයාගේ හිතවත් කාන්තාව    තම කාල සීමාව අවසන් වී ඇතත් බලහත්කාරයෙන්  දුම්රිය ස්ථාන  භූමියේ  කොටසක   ආපන ශාලාව පවත්වාගෙන යනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට ශත පහක මුදලක් ලබා නොදෙමිනි.මෙම ආපන ශාලාව පිලිගත් ටෙන්ඩරයකින් රුපියල් එක්ලක්ෂ හැට දහසක් ගෙවා ලබාගත්  පාර්ශවයට එය බාර නොදී රැඳී සිටින කාන්තාව දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුට සහ නාවලපිටියේ දුම්රිය දෙපාර්තමෙන්තුවේ  ඉහල නිලධාරියෙකුට සන්තෝසම්ල බා දී බව මහනුවර දුම්රිය ස්ථානයේ සේවකයන් පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිදු උසස් නිලධාරියෙකුට මෙහි සිදු කෙරෙන ප්‍රවේශපත් ජාවරමට එරෙහිව පියවර ගන්නට බැරිව ඇත්තේ මෙම දුම්රිය ස්ථානයේ  ඉහල නිලධාරින් පිරිසකගේ මාෆියාව නිසා බව සුළු සේවකයන් සහ මහනුවර දුම්රිය ස්ථානයේ දූෂණ සොයා බලන පාර්ශවයන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *