Peoples Excellency Awards නමින් පුද්ගලයන්ගෙන් ආයතනවලින්,කලා කරුවන්ගෙන් ,සිනමා වේදීන්ගෙන් පුද්ගලීක හා රජයේ ආයතනවල නිලධාරින් ගෙන් , මුදල් අයකරගෙන සම්මාන ප්‍රධානය කරන ආයතනයක් පිළිබඳව අපට වාර්තාවේ.
සමගි ජනබලවේගයට සම්බන්ද නිදහස් මාධ්‍ය වේදියකුයයි කියා ගන්නා පුද්ගලයෙක් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.රාජ්‍ය ආයතනවල නිලධාරින්ගෙන් සම්මානයක් ලබාදීම සඳහා 25 000 සක මුදලක් ලබාගන්නා අතර පුද්ගලික ආයතන වලන් 50,000සකට ආසන්න මුදලක් අය කරගන්නා බව වාර්තා වේ.රජයේ මාධ්‍ය ආයතනයක මාධ්‍ය වේදිනියක් මෙම සම්මානය 15,000 කට ඉල්ලා ඇති අතරද සංවිධායකයා ඊට අකමැත්ත පල කර තිබේ.

මෙම සම්මාන උලෙලේදි හොඳම බැංකුව ,හොඳම කළමණාකරු ආදි වශයෙන් සම්මාන ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා නිර්දේශය වුයේ කෙසේද යන්න පිලිබඳව පවත්න්නේ බලවත් අභිරහසකි. සම්මාන ප්‍රධානයකදි විනිශ්චය මණ්ඩලයක් හෝ විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර මෙම සම්මාන උළෙල සඳහා එවැනි ක්‍රමවේදයක් නොමැති බව ප්‍රමාණවත් මුදලක් දීමට නොහිකිවු සම්මාන ඉල්ලුම්කරුවෝ පවසති.
මෙම සම්මාන උළෙල වෙනත් නමකින් පසුගිය වසරේ පැවති අතර ඒ සඳහා එවක ඇමතිවරුන් වු දයාසිරි ජයසේකර ,තිස්ස අත්තනායක යන අයද සහභාගි වී තිබුණි.මෙවර සම්මාන උළෙල ලබන 28 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතර ඒ සඳහා ඇමති විජිත හේරත්ටද ඇරයුම් කර ඇති අතර වසරේ ජනප්‍රියතම දේශපාලකයා ලෙස සම්මාන පිරිණැමීමටද නියමිතය.