රාජාලා වැන්නවුන් නිසා ආණ්ඩුව ඇනගන්නවාද , ප්‍රමාද නොවි තිරණයක් ගන්නවාද

වර්ථමාන රජය බලයට පැමිණියේ පසුගිය ආණ්ඩුවල අදුරදර්ශි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයන් ලෙසය. දිගින් දිගටම සිදුවු දුෂණ හා අක්‍රමිතා නවරජය බලයට පත්විමට පෙර ප්‍රධාන මාතෘකාවන් විය.එවැනි ක්‍රියා නැවැත්විමට වර්ථාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා දිවා රෑ නොබලා කටයුතු කරන බවට තොරතුරු හා සාධක රටේ ජනතාව හොදින් දනී.ඊට සමානව එම කාර්ය්‍ය සාර්ථක කර ගැනිමට මැති ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන්ද නොයෙකුත් කැපකිරිම්වල නිරත වෙයි.
ජනාධිපතිවරයා තමන්ට හිමි ජනාධිපති මන්දිරය භාවිතා නොකර මධ්‍යම රාත්‍රියවනතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට වැඩ කර පැලවත්ත පක්ෂ මුලස්ථානයට ගොස් තමන්ට හුරුපුරුදු පොදු ස්ථානයේ නිදාගන්නා අතර මන්ත්‍රිවරුන්ද මාදිවල මන්ත්‍රී නිවාසයක් දෙදෙනා බැගින් බෙදාගෙන නවාතැන් ගන්න තත්වයට පත්ව ඇත. වාහන භාවිතය සමිබන්ධයෙන්ද ඒ ආකරයටම තමන්ට අමාත්‍යංශයෙන් හිමි ඉන්ධන බොන වාහනය ආපසු භර දි පිරිමැසුම් දායක වාහන භාවිතා කිරිම ආදර්ශ සම්පන්නය.ඊට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා උදහාරණ ලෙස ගතහැකි අතර එසේ තමන්ට ලැබුණු සුපෝඛභෝගි වාහනය ආපසු භාර දිමට කටයුතු කළේය.තවත් මන්ත්‍රිවරුන් දෙදෙනා තුන්දෙනා එක වාහනයේ නැගි පාර්ලිමෙින්තුවට පැමිණෙයි.
මෙවන් තත්වයක් තිබියදී ඇතැම් අමාත්‍යංශවල ඇති සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්ෂකවරුන් පරණ පාරෙම යමින් තමන්ට ඇති බලතල උපයෝගි කර ගෙන ඇති තරම් හැන්දෙන් බෙදා ගැනිමට කටයුතු කිරිමෙන් ජාතික ජන බලවේගය අපේකෂා කරන ලස්සන රටක් පෝසත් ජිවිතයක් උරුම කර දිය හැකිද යන්න නැගෙන ප්‍රශ්ණයයි.


එවන් තත්වයක් මත රටේ ජනතාව තෙලෙන් බැදි ඇති මොහොතක තෙල් සංස්ථාවේ සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සිදු කරන්නේද එවැනිම ආකාරයේ ක්‍රියාවලියකි.වර්ථමාන සභාපති ඩී ජේ රාජකාරුණා යනු මිට පෙර ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සිටි ලේකම්වරයෙකි.ඔහු නව ආණ්ඩුව යටතේ සභාපති තනතුරට පත්විට පෙර කටයුතු කළේ මුතුරාජවෙල ක්‍රියාකාරකම් කළමණාකාර තනතුරෙයි.ඔහු සංස්ථාවේ සභාපති තනතුරට පත්විමට පෙර ඉන් ඉවත්ව අදාළ තනතුරට පැමිණිය යුතු වුවත් සිදු කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත සභාපති තනතුරට පැමිණිමයි.
එය කෙසේ වෙතත් මිට පෙර පැවති රජයන්හි සංස්ථා සභාපතිවරයෙකුට මසකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික දිමනාවක් එ හා ඉන්ධන ලීටර 180ක් ලබා දුන් අතර ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්විමෙන් පසු සියලුම සංස්ථා සභාපතිවරුන්ට මාසයකට රුපියල් ලක්ෂයක දිමනාවක් හා ඉන්දන ලීටර 140ක් ලබා දිමට කටයුතු කරම්න් මුදල් අමාත්‍යංශය චක්‍රලේඛණයක් නිකුත් කළේය. එය එලෙසම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ද ක්‍රියාත්මක වුයේ රටේ ඇති ආර්ථික තත්වය හේතුවෙනි.වර්ථමාන රජයද බලයට පත්වු පසු එම තිරණය වෙනස් කරමින් මුදල් අමාත්‍යංශය චක්‍රලේඛණය සංසෝධනය කළ බවක් මෙතෙක් ප්‍රචාරය නොවිය.
කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැති යටතේ සභාපති දිමනාව හයලක්ෂ විසිපන් දහසක් දක්වා වැඩිකර ගෙන තිබේ. ඒ පසුගිය නොවැම්බර් 08 වෙනි දින රැස්වු අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමෙනි. ඒ අනුව රුපියල් හයලක්ෂ විසිපන්දහසක් දක්වා දිමනාව වැඩි කර ගෙන ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ඇති නිර්දේශයන්ට පටහැනිවය. ඒ අනුව ඔහු නොවැම්බර් මාසයට ආදාළ වැටුප ලෙස රුපියල් හයලක්ෂ විසිපන්දහසේ වැටුප ලබා ගෙන තිබේ.ඔහු ඊට පෙර මුතුරාජවෙල ක්‍රියාකාරකම් කළමණාකාර තනතුරෙ සේවයකරන විට ඔහුට මාසික වැටුප රුපියල් දෙලක්ෂ තිස්පන්දහස පන්සිය අනුපහක මුදලක් සමග අනෙකුත් දිමනා සමග රුපියල් තුන්ලක්ෂ විසිතුන්දහසකට ආසන්න මුදලක මාසික වැටුපක් ලබා ගෙන තිබේ.ඒ අනුව බලන කළ සිය වැටුප දෙගුණයක් දක්වා වැඩිවි ඇත.


මේ අතර එම දිනයේම අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයාගේ සෞඛ්‍ය පහසුකම් දිමනාවද සිමාවකින් තොරව ඉහළ දමා ගෙන ඇත.ඊට සිය බිරිද හා දරුවන්ද ඇතුළත් කර ඇති අතර සාමාන්‍යයෙන් එම දිමනාවන්ට ඇතුළත් වන්නේ අවුරුදු 18 ට අඩු දරුවන් වුවත් නව සභාපතිවරයා ඊට අවුරුදු 25 දක්වා වු දරුවන්ද ඇතුළත් කර ගෙන තිබෙි. සාමාන්‍යයෙන් සංස්ථාවෙි සාමාන්‍ය සේවකයාගේ සිය ඉහළ නිළධාරියා දක්වා සිය වැටුපෙන් රුපියල් දෙසියක මුදලක් අයකර ගෙන වාර්ෂිකව රුපියල් ලක්ෂයක සෞඛ්‍ය දිමනාවක් ලබා දෙයි. එහෙත් නව නසභාපතිවරයා සිමාවකින් තොරව වියදම් ලබා ගතහැකි ආකරයට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබෙි.


මිට අමතරව වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් භාවිතා කරන වාහන සම්බන්ධයෙන් දැඩි තින්දුවක සිට කටයුතු කරන්නේ සුපෝඛභෝගි වාහන වෙනුවට සරල වාහන භාවිතා කිරිමටය.එහෙත් තෙල් සංස්තාවෙි සභාපතිවරයා අමාත්‍යංශයේ ඇමතිවරයාටත් එහාට යමින් වාහන දෙකක් භාවිතා කරයි. සී ඒ බී 2355 දරණ බෙන්ස් රථය හා ඩබිලිව් පී කේ වී 4078 දරණ බී එම් ඩබ්ලිව් වාහන දෙකම සභාපතිවරයා භාවිතා කරණ විඩියෝ දර්ශන අප වෙත ලැබි තිබේ.විටකඔහු නිවෙසෙට එක් රථයක් භාවිතා කරන විට තවත් විටක කොළොන්නාවට යාමට අනෙක් රථය භාවිතා කරයි. අමාත්‍යංශයට යාමට වෙනත් කාර් රථයක්ද භාවිතා කරයි.මෙවන් රථ ගායක් ඇති සභාපතිලා පසුගිය ආණ්ඩුසමයේ සිටි නමුත් අවසානයේ අද එම පක්ෂවලට සිදුයේ සියට තුනට හතරට වැටිමටය.මෙවන් ජනතා බලාපොරොත්තු පොදි බැදන් බලයට පත්වු ආණ්ඩුවක් එක් එක් කෙනාගේ පොෟද්ගලික ඕනෑ එපාකම් ඉටු කර ගැනිමට ඉඩදී බලා සිට අනෙක් ආණ්ඩුවලට සිදුවු දේම කෙටිකාලයක් තුල දී අත්කර ගන්නේද යන්න තිරණය රට හරි මාර්ගයට ගැනිමට බලය ලබා ගත් සියලුම තරාතිරම්වල දේශපාලන අධිකාරියේ වගකිම බව අවධාරණය කරන්නේමු.

( ඉදිරියේදි එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව ඇති දුෂිත නිලධාරින් සම්බන්ධයෙන් හෙළිකිරිමට සුදානම් .ඒ සදහා ඔබ ලග ඇති තොරතුරු voiceofnews.sl@gmail.com. යන විද්‍යුත් ලිපිනයට සනාථ කළ හැකි ලේඛණ සමග එවන්න.)

…………………………………………………………………………………………………………………………………………………………………………………………..

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ

මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

……………………………………………………………………………………………………………………..………………………

(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා  ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *