පාර්ලිමේන්තුවේ මුල් පුටු තුණේ සිටින රාජපක්ෂ පිල්ලි සමග ඉදිරි ගමනක් තියේවි ද

බල්ලා එලෙව්වට බල්ලා සමග එල්ලිලා සිටින කිනිතුල්ලෝ නොයන බව කවුරුත් දන්නා කරුණකි.මේ වනවිට දසක හතකට වැඩි කාලයක් තට්ටු මාරු ක්‍රමය යටතේ රට පාලනය කළ රාජපක්ෂ වික්‍රමසිංහ හෙවත් ශ්‍රිලංකා ,යු එන් පී යන පක්ෂ හා ඒ ආශ්‍රයෙන් ගොඩනැගුණු පක්ෂවල දුෂිත නිළධාරින් හෙවත් මැක්කන් ලෙස කටයුතු කරනුයේ තවමත් සිය හාන්පුතාගේ උවමනාවට රූකඩ ලෙසිණි.
ඊට හොදම නිදසුන උත්තරිතර යැයි කියන ශ්‍රි ලංකා පර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහයයි.මෙතෙක් කල් දේශපාලඥයන්ට එ ඇගිල් දික්වු අතර මේ වනවිට යම්තාක් දුරට දේශපාලන අධිකාරිය ගෙවුණු මැතිවරණයෙන් පිරිසිදුභාවයට පත්ව ඇතත් උත්තරිතරයැයි සදහන් ශ්‍රි ලංකාවෙි පාර්ලිමෙින්තුවේ ඉහළින්ම සිටින ප්‍රධාන තනතරු තුනම හොබවන්නේ රාජපක්ෂ පිල්ලි බව නිදසුන් සහිතව ඔපුප් කිරිමට අප කටයුතු කරන්නේමු.
කවුද මේ මහලේකම් කුෂාණි.
කුෂාණි අනුෂා රෝහණධිර ශ්‍රිලංකා පාර්ලිමේන්තුවට එක්වන්නේ 1999 මාර්තු 03 දින සාමාන්‍ය නිළදාරිණියක් ලෙසිනි.ඒ වනවිට ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවෙිදි උපාධියක් හදාරා ( බී එස් සී) තිබු අතර පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරන විට නිති උපාධිය ලබා ගත්තාය.


මේ වනවිට ඇයගේ ස්වාමියා වු හරිගුප්තා රෝහණධිර එක්සත් ජනතා නිදහස් සංධානයට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සක්‍රිය දේශපාලනයේ නියැළි කටයුතු කළේය.ඒනුව ඔහු කොළඹ දිස්ත්‍රික්යට තරග කළ ද පරාජයට පත්විය.
මේ අතර 2012 වන විට පාර්ලිමෙින්තුවේ සහකාර මහලේකම් තනතුර පුරප්පාඩුවක් ඇති විය .ඒවනවිට පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස ධම්ම්ක දසනායක මහතා කටයුතු කළ අතර නියෝජ්‍ය මහලේකම් ලෙස නිල් ඉද්දවල මහතා කටයුතු කලේය.පුරප්පාඩු වී ඇති සහකාර මහලේකම් තනතුරට අයදුම්පත්‍ර කැදවිමේදී ඊට පාර්ලිමේන්තු අභ්‍යන්තර හා බාහිර පිරිස් ද ඉදිරිපත් කර ඇත.පැවති සම්මුඛ පරික්ෂණයෙන් ඉහළින්ම සුදුසු කම් සපුරා සිටියේ ගම්පහ මහෙස්‍රාත් ලෙස කටයුතු කරමින් සිටි ටිකිරි ජයතිලක වන අතර කුෂාණි දාහතර වෙනි තැනට ලකුණු ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංච් මාර්ගවලින් එකළ මාධ්‍ය පවා වාර්ථා කලේය.
කෙසේ වෙතත් සිය සැමියාගේ දේශපාලන හයිය ඒ අවස්ථාවෙි ප්‍රදර්ශනය කර සහකාර ලේකම් තනතුරට අංක එකට සිටි ටිකිරි ජයතිලක විනිසුරු වරයාගේ සිට ඉතිරි දහතුන් දෙනාගේ නම් කපා දමා දාහතර වෙනියාට සිටි කුෂාණි රෝහණධිර පත් කිරිමට කටයුතු කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමෙින්තුවෙි නොදන්නේ ඊට ඉහළින් පියාබන කුරුල්ලන් පමණි.
කෙසේ වෙතත් සිද්ධිය ලෙහෙසියෙන් අතහැරිමට ටිකිරි ජයතිලක විනිසුරුවරයා කටයුතු නොකළේය. අවසානයේ සිද්ධිය අධිකරණය දක්වා ගියේය.සිද්ධිය ගොඩින් බෙිරා ගැනිමට අවසානයේ සහකාර ලේකම් තනතුරු තව එකක් ඇති කර එය ටිකිරි ජයතිලක මහතාට ලබා දිමට කටයුතු කලේය.එ ඉතිහාසයේ ප්‍රථම වතාවට සහකාර ලේකම් තනතුරට තනතුරු දෙකක් ඇති කළේ සිය දේශපාල වුවමනාවට කුෂාණිව ආදාළ තනතුරට පත් කර ගැනිමෙි අවශ්‍යතාවය මතය.
මෙසේ කටයුතු කරන විට 2019 දී ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් විමෙන් පසු ඔහුගේ නිති උපදේශක ලෙස පත්වන්නේ පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් කුෂාණි මහත්මියගේ ස්වාමියාවු හරිගුප්තා රෝහණධිර මහතායි. එතැන් සිට ආනගත පාර්ලිමේන්තු මහලේකම් පුටුව අත්පත් කර ගැනිමේ මෙහෙයුම ආර්ම්භ කලේය.එ අනුව නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල මහතා ඉන් ඉවත් කිරිමට අවශ්‍ය පසුබිම සකස් කලේය. සිය දේශපාලන බලය උපයෝගි කර ගෙන ඉද්දවල මහතාට අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරක් යෝජනා කර ඔහු එතනින් ඉවත් කර ගත්තේය.නිල් ඉද්දවෙල මහතාගේන් පුරප්පාඩු වු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය්‍ය මණ්ඩල ප්‍රධාණි තනතුරට කුෂාණි රෝහණධිර පත්වන්නේ ඒ ආකාරයටය.එතැන් සිට නියමිත පරිදි ඉහළ තනතුර වන පාර්ලිමෙින්තු මහලේකම් තනතුරේ සිටි ධම්මක දසනායක මහතා 2023 විශ්‍රාම ගැනිමෙන් පසු ඇය එම පුරප්පාඩුවට පත්වුවාය.
එසේ මහලේකම් තනතුර පුරප්පාඩු වු පසු නියෝජ්‍ය මහලේකම් තනතුරේ සිටි තුෂානි ලේකම්ධුරයට පත්වු පසු එතෙක් සම තත්වයේ සිටි ටිකිරි ජයතිලක මහතා නියෝජ්‍ය මහලේකම් හා කාර්ය්‍ය මණ්ඩල ප්‍රධාණි තනතුරට පත්විය.එ අනුව යළිත් සහකාර ලේකම් තනතුර පුරප්පාඩු විය.ඒ සදහාද රාජපක්ෂ ආණ්ඩුව යොදා ගත්තේ සිය යටහත් වැසියෙකුවු ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලන පළි ගැනිම් කොමිෂමේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මහධිකරණ විනිසුරු උපාලි අබේරත්ත මහතාට කෘතගුණ සැලකිමට ඔහුගේ පුතාට එම තනතුර ලබා දිමටය.
යහපාලන අණ්ඩුව සමයේදී සිය පාක්ෂිකයින්ට දේශපාලන පළිගැනිම් සිදුවු බවට ගෝඨභය රාජපක්ෂ සමයේ පත් කළ කම්ටුවේ සභාපති ලෙස කටයුතු කළේ උපාලි අබේරත්න මහතා වන අතර එම කොම්ෂ වඩාත් ප්‍රචලිත වුයේ පිස්සුපුසා කොම්ෂම ලෙසිණි.එම කොමිෂමෙන් වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිකරන ලෙසට ද නිර්දේශ කර තිබු අතර ඔහු අධිකරණයට ගොස් එම නියෝගය බල රහිත කර ගත්තේය. අවසානයේ එම කොම්ෂමේ තිරණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ කොටය ගෙවා දැමිමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අහෝසි කලේය.
එ අනුව සහකාර ලේකම් තනතුර පෙර පාරේම යම්න් එතෙක් නිතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි හංස අබේරත්නට ලබා දිමට අවශ්‍ය කටයුතු කලේය.


මෙවන් පසුබිමක පාර්ලිමෙින්තුවේ සියලු ඉහළ තනතුරු සදහා රාජපක්ෂ පිල්ලි දමා ගැනිමේ ඊළග තුරුම්පුව වුයේ නියෝජ්‍ය මහලේකම් ඉවත් කර ගැනිමයි.ඒ වනවිටත් උඩ හා යට ලේකම් තනතුරුවල ඒ පිල්ලි කටයුතු කළත් මැද තනතුරවු නියෝජ්‍ය මලේකම් තනතුරේ සිටියේ මහලේකම් ලෙස පත්වු තුෂාණි සමග ගේම ඉල්ලු ටිකිරි අජයතිලක මහතායි.ඔහුටද නිල් ඉද්දවල මහතාට කළ ආකාරයට මහාධිකරණ විනිසුරු තනතුරක් යෝජනා කළේය.අවසානයේ හිස්වු පාර්ලිමේන්තු දෙවන පුටුවටද රාජපක්ෂ පිල්ලියක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු මහලේකම් තුෂාණි විසින් සකස් කලේය.
ඒ අනුව කිසිදු දිනක රාජ්‍ය ආයතනයක පත්විම් නොලැබු දේශපාලන පත්විම්වලින් පමණක් කටයුතු කළ චමින්ද කුළරත්න ඒ සදහා ගෙන ඒමට කටයුතු කළේ ආදාළ තනතුරට පාර්මේන්තුවට පිටතින් පුද්ගලයෙක් ගෙන එමේ අදිටණි.2005 -2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ පුද්ගලික් ලේකම් ලෙසත්, 2013 දී බ්‍රිත්‍යයේ ශ්‍රිලංකා මහකොමසාරිස් කාර්යාලයේ පළමු මලේකම් ලෙසත් ,2013 -2015 දක්වා අග්‍රාමත්‍ය ලේකම් ලෙසත්, 2019පදක්වා විපක්ෂ නායක ලේකම් ලෙසත්,2020 සිට 2022 දක්වා අගමැති අතිරේඛ ලේකම් ලෙසත් පසුව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතාගේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්විය.


එ අනුව ඉහතින් සදහන් කළ ආකාරය අද ශ්‍රිලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය්‍ය මණ්ඩල ප්‍රධාණි යනු රාජපක්ෂ පිල්ලියක පාලනයට නතුවී ඇති ආයතනයක් බව සදහන් කළ යුතුය.එසේ පත්විම් ලැබු අයටද ඒ අද විට සදාචාරය ගැන කථා කරන පිරිසටද සියල්ල අමතකවී ගොසිණි.මෙවන් පිරිසක් සමග නිති හදන තැන සදාචාරය ගැන කුමන කථාද.මිට පෙර පත්වු මහලේකම්වරුන් වන ධම්ම්ක කිතුලේගොඩ, ප්‍රියාණි විජේසේකර , ධම්ම්ක දසනායක වැන්නුවන් නිතී කේෂත්‍රයේ විශාල අත්දැකිම් සහිතව පාර්ලිමෙින්තු සේවයට එක්වුවෝ වුහ.
ප්‍රශ්ණය ඇත්තේ මේසේ පත්විම් ලද අයද තමන්ගේ අඩුව වසා ගැනිමට පාර්ලිමෙින්තුව අවුල් වියවුල් කිරිමට කුමන්ත්‍රණ කිරිමය.මේ ආකරයට අනුර බංඩාරණායක මහතා කථානායක ලෙස කටයුතු කරන විට සිටි මහලේකම් වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙි ලේකම් ධුරයට පත්වුයේ මෙිවැනි තත්වයක් හේතුවෙණී.ඒ වන් පසු බිමක රජපක්ෂ පිල්ලි සමග ඉදිරියට යන්නේද එසේ නැතිනම් රජපක්ෂ පිල්ලි රටේ ජනතාවගේ ජනවරම පිළි ගෙන කටයුතු කරන්නේද යන්න තිරණය කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *