හිටපු ප්‍රභළ දේශපාලඥයන් පිරිසක් රට හැර යැමට සැරසෙයි

ශ්‍රිලංකා පොදු ජනපෙරමුණේ සිට පසුගිය කාලයේ ඇතිවු දේශපාලන ආර්බුදය සමග පක්ෂ මාරු කළ විශාල පිරිසක් සක්‍රිය දේශපාලනයට තාවකාලිකව සමුදුන් අතර එවැනි පිරිසෙන් කිහිප දෙනෙකු රට අතහැර යාමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ දේශපාලනය කල අය වන අතර ඇතමුන් ව්‍යාපර කටයතු කිරිම සදහා  යන බව කියැවේ.

ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රභල දේශපාලන චරිතයක් ලෙස කටයතු කර පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් නොවු දේශපාලඥයෙකු සිය දියණිය පදිංචි රටට යැමට සැලසුම් කර ඇති අතර එසේ එය ඉටු කර ගැනිමට නොහැකි වුව හොත්  එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ පදිංචියට යෑමට නියමිත බව වාර්ථාවෙි.

මේ ආකාරයට පොහොට්ටුවෙන් සිය දේශපාලන ගන ආර්භ කළ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙක්ද මෙසේ රට අතහැර  යාමට තිරය කර තිබෙි .ඔහු පසුගිය සමයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වු පසු  එයට සහය ලබා දුන්නේය.

මිට අමතරව පොදුජන පෙරමුණේ සිට එළයට පැමිණ අලුතෙන් පිහිටවු පක්ෂයකින් කලුතරට තරග කළ හිටපු ඇමතිවරයෙකුද ලබන වසරේ සිට කෙටිකාලයක් සදහා දේශපාලනයෙන් සමු ගෙන සිය ව්‍යාපාර කටයුතුවල නියැළිමට විදේශ ගතවන බවටද වාර්ථාවෙි.

මේ ආකාරයට  මහනුවර , කුරූණෑගල  හා මාතර ආදි ප්‍රදේශ නියෝජනය කළ හිටපු ැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද විදේශ ගත විමට සැලසුම් කර ඇති අතර කෑගල්ල , ගම්පහ ආදි දිස්ත්‍රික් නියෝජනය කළ හිටපු පොහාට්ටුවෙි දේශපාලඥයින්ගේ පවුලේ අයට විදේශ රටවල දේශපාලන රැකවරණ  පතා යවා ඇති බව සදහන්වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *