ජනාධිපති ලේකම් කාර්යාලයේ වසර ගණන් පැල් බැදගෙන සිටි ඉහළ නිළදාරින් රැසකට මාරුවිම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වසර දහය පහළවකට වැඩි කාලයක් සේවය කළ ඉහල නිළදාරින්ට ස්ථාන මාරුවිමි ලබා දිමට නියමිත බවට තොරතුරු වාර්ථාවෙි.

එසේ වසර ගණන් එහි සේවය කල අතිරේඛ ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් , අධ්‍යක්ෂවරුන් ආදි නොයෙකුත් තරාතිරම්වල පරිපාලන නිළදාරින් වෙනත් ආයතන සොයමින් මේ දිනවල කටයුතු කරන බවට තොරතුරු සදහන්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය වැනි ප්‍රියමනප ආයතන ගොන්නට වැටෙන ස්ථානවල පුරප්පාඩු ඇ්‍ත්දැයි පරික්ෂා කරමින් සිටින බව කියැවේ.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංච් කිරිමේ කාර්යාල, මෝටර් රථ දෙපාර්තමෙින්තුව , රේගුව ආදි ප්‍රියමනාප ආයතන ගොන්නට වැටෙන ස්ථාන සෙවිමට මෙම නිලදාරින් මෙි දිනවල රාජකාරි පැත්තකට දමා කටයුතු කරන බව වාර්තාවෙි.

 ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන නිළධාරින්ට වැටුපට අමතරව වැටුපෙන් තුනෙන් එකක දිමනාවක්ද ලැබෙනි නිසා ජනාධිපති ලේකම්කාරයාලයෙන් ස්ථාන මාරුවිම් ලැබුණ හොත් ඔවුන්ට එම දිමනාව අහිමිවන නිසා ඉහත ආයතනවල පුරප්පාඩු සොයමින් සිටින බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *