සංචාරක හෝටල් බලපත්‍ර යටතේ ලබාදී ඇති සුරාබලපත්‍ර 2025 වසරට අලුත් කිරිම සදහා අවශ්‍ය සංචාරක සහතිකය ලබා ගැනිම සදහා සංචාරක අධිකාරියට එම බලපත්‍ර ලාභින් සිය අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇතත් ඒ සදහා මෙකෙත් එහි අනුමැතිය ලත් සහතිකය නොලැබිම නිසා සංචාරක හෝටල් හිමියන් දැඩ් දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තාවෙි.
රටපුරා ඒ ආකාරයට සංචාරක හෝටල් හාරසියකට අදික ප්‍රමාණයක් ඇති අතර මේ මස අවසානයට පෙර නව සුරා බලපත්‍රය ලබා ගැනිමට නොහැකි වුවහොත් බියර් හා අනෙකුත් දේශිය හා විදේශිය මත්පැන් අලෙවි කළ නොහැකිය.
නව බලපත්‍රය ලබා ගැනිම සදහා සංචාරක අධිකාරියේ අනුමැතිය ලබා ගැනිම අනිවාර්ය්‍ය කරුණකි.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව අල්ලස් ලබා දිම හා ලබා ගැනිම නිති විරෝධි නිසා අතයට මුදල් ලබා ගැනිමට මැලිකමක් නිළධාරින් දක්වන නිසා සිය කාර්ය්‍යන් නියමිත වෙිලාවට ඉටු නොකර ඇතැම් නිළධාරින් කල්මැරිමේ කටයුත්තේ නියැලි සිටින බවට ව්‍යාපාරිකයින් චෝදනා කරයි.