එල්ලවූ දැඩිවිරෝධය හමුවේ වැඩ බැරි මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කරයි

මධ්‍යම පලාතේ අධ්‍යාපනය පහතටම දැමූ ,හදිසි අවශ්‍යතාවයකට හෝ ගුරු මහත්ම මහත්මියකට හමුවන්නට බැරි,හිටපු ආණ්ඩුකාරවරයාගේ ළමුන් මහනුවර පැසැල් වලට දැමීම ජාවාරක් කර ගෙන සිටි මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා වහා ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර වෙනත් ආයතනයකට මාරු කර යවා තිබේ.
මෙම අංමාත්‍යාංශ ලේකම් වරයාගේ අවිධිමත් පරිපාලනය සහ ගුරුවරුන්ට අසාධාරණ අන්දමින් කටයුතු කිරීම් සමිබන්ධයෙන් වරින් වර වොයිස් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ඔස්සේ රටට තොරතුරු හෙළිකළේය.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයාටද ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් නොතිබූ අතර නොකඩවා එල්ලවූ විරෝධතා සහ පලාතේ ගුරු සංගම් වලින් එල්ල වූ චෝදනා නිසාම ආණ්ඩුකාර වරයාට එම වැඩ බැරි ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවිය.
ඔහු අධ්‍යාපන අමාත්‍යාංශ සිටියදී ,එම අමාත්‍යාංශයේ වෙනත් නිලයක් දරමින් සිටි නිලධාරිනියක් ඔහුගේ තාඩන පීඩන සහ අඩම්තේට්ටම් නිසාව රැකියාව දමා ගෙදර ගිය අතර පසුව ඇය යලිත් පලාත් රාජ්‍ය සේවයට එක්වී වෙනත් අමාත්‍යාංශයක සහකාර කොමසාරිස් තනතුරකට පත්වුවාය.
මධ්‍යම පලාත් රාජ්‍ය සේවයේ ජනතා මුදල් සහ රාජ්‍ය දේපල මෙන්ම සුපිරි නිල වාහනද පාවිච්චි කරමින් ජනතාවගේ පොදු සේවාවන් ඉටු නොකරන තවත් රාජ්‍ය නිලධාරින් කීප දෙනෙක් ශීත කාමර තුලට වී නිකරුණේ කාලය කා දමමින් සිටින බවත් ඔවුන් පිළිබඳව කිසිවක් සොයා නොබලන වත්මන් පලාත් ආණ්ඩුකාර වරයාස මේ දිනවල සිය පුද්ගලික රට සවාරියක ගොස් ඇති බවත් පලාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම පලාතේ ජීවත් වන ගොවි ජනතාවට මෙන්ම රාජ්‍ය සේවයේ , පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ප්‍රශ්ණ ගැටළු සිය දහස් ගනනින් පවතිද්දී හදිසියකටවත් ආණ්ඩුකාරවරයා හමුවීමට මහජන දිනයක් ක්‍රියාත්මක නොකරන වත්මන් ආණ්ඩුකාර වරයා සිය ධූරයේ වගකීම නොසලකා පුද්ගලික රට සවාරි යාම නිසා මහජනතාවට ඔවුන්ගේ ප්‍රශ්ණයක් කියන්නට කෙනෙක් නැතැයි ඔවුහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *