ශ්‍රිලංකා පොලිසියේ කණිෂ්ඨ නිලධාරි සංගමයේ සිදුවී ඇතැයි කියන වංචා සමිබන්ධයෙන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ල යටපත් කිරිමට ඊට චෝදනා එල්ලවී සිටින දැනට ආදාල විමර්ශන එකකවල සේවය කරනම නිළධාරින් කටයුතු කර ඇති බව වාර්තාවෙි.
2011දි ආරම්භ කරන ලද එම සංගමයට පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් නිළවල හැත්තැහතරදහස් පන්සියක් සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගේ හා පවුල්වල සුභසාධන කටයුතු නැංවිම සදහා මාසිකව සිය වැටුපෙන් රුපියල් 200ක මුදලක් සංගමයට බැරවේ.
කෙසේ වෙතත් සංගමයේ සිදුවන දුෂණ හා වංචා අතරින් ප්‍රධාන වන්නේ එහි ලේකම්වරයා විසින් සිදුකරන මිලදී ගැනිම්වලින් කොමිස් මුදල් ලබා ගැනිමයි.
සංගමය යටතේ කොලඹ, කතරගම, මහනුවර හා නුවරඑළිය යන ප්‍රදේශවල භෝජනාගාර ඇති අතර කොලඹ හැර සෙසු බෝජනාගාරවල මිලදී ගැනිම් සිදු කරනු ලබන්නේ එහි පාලක වරුන් විසිනි. එහෙත් කොලඹ භෝජනාගාරයේ එම කටයුතු ලේකම්වරයා විසින් සිදුකරන්නේ සිය හිතුමානාපෙට බව සදහන්වේ. මසකට සමාගම් තුනකින් පමණ රුපියල් කෝටි තුනක පමණ එම භෝජනාගාරයට මත්පැන් මිලදී ගැනිම සිදු කරන අතර මත්පැන් බෝතල් 12කට එක් බෝතලයක් නොමිලයේ ලබා දෙන අතර එක්වරකට බෝතල් කේස් 20ක් පමණ මිලදී ගන්නා අතර එවිට නොමිලයේ ලැබෙන් බෝතල් 20 ලේකම්වරයා හා භාණ්ඩාගාරික විසින් එකතුවී අලෙවි කරගන්නා බව හෙලිව තිබෙි.
මිට අමතරව කතරගම භෝජනාගාරයට තැටි 12කින් යුත් රයිස් කුකර් එකක් වෙළදපොල වටිනිකමට වඩා රුපියල් ලක්ෂ එකහමාරකට මිලදි ගෙන එම මුදල වංචා කර ඇති බව සදහන්වේ.
2024 ශිෂ්‍යත්වය සදහා මුහුණ දුන් සමාජිකයින්ගේ දුවා දරුවන්ට ලබා දිම සදහා මිලදී ගත් පොත් කට්ටලවලින් හා විගනනය සදහා බාරදුන් ආයතනයේ ගාස්තුවලින්ද මේ ආකාරයට වංචාවක් සිදුව ඇති බවට හෙලි විමත් සමග අනිවාර්ය්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට සංගමයේ සභාපතිවරයා විසින් පැමිණිළි කර ඇත.
පසුව වහාම ඒ සමිබන්ධයෙන් විමර්ශනය කිරිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් විශේෂ විමර්ශන එකකයට යොමු කර ඇතත් මේ වනතෙක් එහි විමර්ශන කටයුතු යටපත් වි ඇති බව වාර්ථාවෙි.මෙහි විශේෂත්වය වන්නේ මෙසේ චෝදනා එල්ලවී ඇති නිලධාරින් දෙදෙනා විමර්ශනවලට බලපැම් කළ හැකි ආයතනවල රාජකාරි කරන නිසා එම විමර්ශන යටපත්වුයේදැයි සැකමතුව තිබෙි.
සංගමයට බලෙන් රිංගාගෙන ඇති නිළ නොලත් සභාපතිවරයෙකුගේ වනචාරි ක්‍රියා
කනිෂ්ඨ නිළධාරීන්ගේ සංගමයේ මහ සභාවේදි ඇතිවූ ව්‍යවස්ථාවට පටහැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සංගමයේ නිළධාරීන් විසින් එම සභාවේදී පත්වූ සභාපතිවරයාට සහ විධායක කමිටුවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරීම නිසා වත්මන් පොලිස්පතිවරයා විසින් වත්මන් සංගම් විධායකයේ භාන්ඩාගාරික සහ නිළ වශයෙන් ඒ තනතුරු සදහා RTM එකක් මගින් පත්කර ඇත.
එසේ තිබියදී වත්මන් නිළනොලත් සභාපති වන දේපළ කළමනාකරණ කොට්ඨාශයේ පොසැ 50264 කුරේ නමැත්තා කනිෂ්ඨ නිළධාරී සංගම් මූලස්ථානයට බලෙන් පැමිණ වාර්ථාවේ. මෙම නිළධාරියාට එසේ වාර්තා කිරීමට කිසිදු උසස් නිළධාරියකුගේ නියෝගයක් නොමැති බව සදහන්වේ.
මෙසේ පැමිණ ඔහු විසින් සංගමයේ චෙක් වලටද අත්සන් යොදමින් සංගම් මූලස්ථානයේ නිළධාරීන්ට අඩත්තේට්ටම් කරමින් සිටින බව මූලස්ථාන නිළධාරීන් පවසා සිටියි. මොහුගේ මෙම වර්ථා කිරිම සංගම් ව්යවස්ථාටද පටහැනි ක්‍රියාවක් බව තව දුරටත් සංගම් නිලධාරීන් පවසා සිටියේය.
මෙතෙක් සංගම් ඉතිහාසයේ සිටි සභාපතිවරු තම තනතුරෙහි ගරුත්වය රැකි පිරිසිදු නිලධාරීන් වූ අතර මෙම කුරේ නැමැති නිළධාරියා වනචාරි චරිතයක් ඇත්තෙකි.දරු පවුලක් සිටියද නිවසට නොයන මොහු ඔහුට වඩා වැඩිමහල් මංගලිකා නම් පොලිස් පරීක්ෂක වරියක් සමග අනියම් සම්බන්ධතාවයක් ප්‍රසිද්ධියේ තබාගෙන සිටියි. අනුයුක්ත දේපළ කළමනාකරණ කොට්ඨාසයේ කාර්යාලය තුලම උයා පිහාගෙන පැදුරු කොට්ට දාගෙන ජීවත් වන මොහු රාත්‍රි කාලයේ පිටකොටුවේ ඔහුට අයත් ත්‍රීවීලර් රථයෙන් පිග්මි හයර් යන බව ප්‍රසිද්ධ රහසකි