පාස්පොර්ට් එකේ වැඩබලන ලොක්කි නිලුෂා මාස දෙකටදෙපාරක් හොරෙන්ම රට ගිහින්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක නිලුෂා බාලසුරිය මහත්මිය මාස දෙකක් ඇතුළත අමාත්‍යංශයේ අවසරයකින් තොරව දෙවතාවක් දී විදේශ ගතව ඇති බව ආගමනවිගමන පාලක දෙපාර්තමේන්තු ආරංච් මාර්ගවලින් වාර්ථාවෙි.
ආසන්නතම සිද්ධිය වන්නේ ඇය අමාත්‍යංශයේ බළධාරින්වත් දැනුවත් නොකර ජපානයට ගොස් තිබෙි.පසුගිය සෙනසුරාදා ඇය සිය සංචාරයට ගොස් ලබන සිකුරාදා පැමිණිට නියමිත අතර ඒ වෙනුවට වැඩ ආවරණය සදහා කිසිවෙකු පත් නොකර ගොස් ඇති නිසා දෙපාර්තේන්තුවෙි වැඩ අඩපණ වී ඇත.
මිට සති දෙකකට පෙරද ඇය සතියක සංචාරයක් සදහා නේපාලයට ගොස් ඇති ඇතර මෙම සංචාරවලින් ආයතනයට ලැබෙන වාසි හා වරප්‍රසාද සමිබන්ධයෙන්වත් මේවනතෙක් දැනුවත් නොමැති බව සදහන්වෙි.
මිට පෙර පැවැති රජය රටේ පැවති ආර්ථික තත්වය සලකා නිකුත් කළ චක්‍රලේඛණයට අනුව විදේශ ගතවන්නේ නම් ඒ සදහා ආදාළ රටවලින් ගුවන් ටිකට්පත් හා එම සංචාරයට යන වියදම් ලබා දෙන්නේ නම් අමාත්‍යංශ ලේකම්රයාගේ අනුමැතිය ලබා ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය යටතේ පමණක් විදේශ ගතවිට අවසර ලැබි තිබෙි. එහෙත් නව රජය බලයට පැමිණි පසු එම චක්‍රලේඛණය අවලංගු කර නොමැති මොහොතක නිළධාරින් සිය අභිමතය පරිදි කටයුතු කිරිමට පටන් ගෙන ඇති බව එම දෙපාර්තමේන්කුවේ සේවකයින් පවසයි.

……………………………………………………………………………………………………………………………………………………………………………

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ

මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

……………………………………………………………………………………………………………………………………………

(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා  ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *