පිනට  මහනුවර   සුපිරි හෝටල්වලින් කන පොලිස් ඔටුණු කාරයා

මහනුවර  පොලිස් ලොක්කෙක්  මාසයකට වරක්  මහනුවර  සුපිරි අවන්හල් වලින්  මස් මාංශ සහිත සුපිරි ආහාර  පාර්සල් හත අට තම සුවච කීකරු පොලිස් පොඩ්ඩන් ලවා  ගෙන්වා ගන්නවලු.මේ පොලිස් ලොක්කා  මහනුවර සුපිරි හෝටල් වලින් මුදල් නොගෙවා මෙලෙස ලබා ගන්නා ආහාර පාර්සල් සඳහා මසකට ඒඒ හෝටල් වල බිල රුපියල් තිස් හතලිස් දහස  පනිනවලු.

සත පහක් නොදී නිකන්ම කන්න පුරුදුවු මේ පොලිස් ලොක්කා නුවරට ආවේ  කැළණි ඟඟේ පාළමක් අසල වැයික්කියක ලොකු පොලිම් කාරයෙකු වෙලා ඉඳලාලු.  කන්ද  උඩරටට ඇවිත්  දිස්ත්‍රික්ක දෙක තුනක  ලොකු පුටුවක වැජඹෙන මේ තරු ඔටුණු ලොක්ක ට  නොමිළේ කෑම සපයන හෝටල් හිමියන්  මේ දම්සක් ලොක්කාගේ ගෝලයා කළු වීදූරූ දාපූ ටොයොටා   ලෑන්ඩ් කෘෘෂර් ජීප් එකේ හෝටලේ ලඟට එනකොට ඒ හෝටල් වල සේවකයො කියන්නේ ඔන්න පිනට කන එකාගේ ගෝලයා එනවා කියාය.

මොහු නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් කන ජරාව නිසාම  එයාගේ උදරයත් නෙරලාලූ..ලැජ්ජාවක් නැති මේ පොලිස් ලොක්කට නොමිළේ කෑම  දීලා  අන්තිමට නුවර සුපිරි හෝටල් වල අයිති කාරයෝ ඒවා පියව ගන්නෙත් ඒ හෝටල් වලට කන්න බොන්න එන ජනතාවගේ  බිලට ඩබල් ගනන් දාලලු…

පිනට කන මේ පොලිස් ලොක්කගෙ ගෝලයොත් දැන් ඒකට පුරුදු වෙලාලු.

මහනුවර  ඒඒ හෝටල් වලින්  මාසයක් තිස්සේ  ගත්  කෑම වලට බිල් හැදුවොත් ලොක්කට ගෙවන්න  පැන්ෂන් එකත් මදිවෙයිලු.මේ යෝධයගෙ ජීප් එක හෝටල් ඉස්සරහ නතර කලොත්  වේටර්   මහත්තුරු    බය වෙනවලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *