ඒර්යා පොර්ට් එකේ සිදුවන තිරුබදු විස්කි හා විදුලි උපකරණ ජාවරම

කටුනායක ගුවන්තොටුපලේ දෙනෙිකව සිදුවන මත්පැන් ජාවරමෙන් රජයට කෝටි ගණනක පාඩුවක් සිදුවන බව වාර්ථාවෙි.

රේගු නිළදාරින් හා තිරුබදු සාප්පුවල සේවය කරන සේවකයින් එක්ව කරන ජාවාරම අනුව දිනකට මත්පැන් බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් පිටතට රැගෙන එන බව සදහන්වේ.

මෙහිදී විදේශ ගතව සිට රටතුළට පැමිණෙන වයසක උදවියගේ විදේශ ගමන් බලපත්‍ර අංක ඇතුල් කර එම මත්පැන් ලබා ගන්නා අතර වැඩිම ඉලක්කය ඉන්දියාව, නේපාලය  හා තායිලන්තයේ වන්දනා චාරිකා ගොස්  එන බැගිමතුන් බව සදහන්වේ.එසේ ලබා ගන්නා ගුවන් බලපත්‍ර අංක ඇතුල කර මිලදි ගන්නා මත්පැන් දෙවන මහලේ ඇති විදුලි උපකරණ අලෙවි සැල් හිමියන්ට බෝතලයක් රුපියල් පන්සියක් දහසක් වැනි මුදලක් තබා ගෙන අලෙවි කරන බව වාර්ථාවෙි.එම මුදලින් කොටසක්  ගුවන්ගමන් බලපත්‍ර අංක ලබා දෙන රේගු නිළදාරියාටත් ලබා දෙන බව සදහන්වේ.

මිට අමතරව විදේශ රැකියා සදහා ගොස් ආපසු පැමිණෙන අය ඉලක්ක කර ඔවුන්ගේ ගුවන්ගමන් බලපත්‍ර අංක යොදා ශිතකරන, රෙදිසෝදන යන්ත්‍ර ආදි විදුලි උපකරන තිරුබදු රහිතව ලබා ගෙන ඔවුන් ලවාම පිටතට ගෙන්වා ගනියි. එසේ ලබා දෙන අයට නිවෙස් කරා යෑමට කූළි රථයේ ගාස්තුවද ගෙවිමට එම පිරිස කටයුතු කරයි. ඒ සදහා වැඩිපුරම යෙදි ඇත්තේ ප්‍රධාන පේළේ සමාගම් වන අතර එසේ පිටතට ගෙන එන විදුලි උපකරන සිය නමගිය රටපුරා ඇති ඇති සමාගම්වල අලෙවිසැල්වලදී වැඩි මිලට අලෙවි කරයි.

කෙසේ වෙතත් මේ සමිබන්දයෙන් සොයා බැගිම සදහා නොයෙකුත් තනතුරුු දරන නිලදාරින් සිටියද ඔවුන් හෝ අලුතෙන් පත්ව ආ පාලකයින්වත් කටයුතු නොකිරිම කනගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *