ධිවර සංස්තා සභාපතිට තමන්ට හිමිනැති සුපෝඛගෝගි රථයක් බලෙන් පාවිච්චි කරයි

ලංකා ධිවර සංස්ථාවෙි සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති මාර්ක් මාහතා තමන්ට හිමි වාහනය වෙනුවට ධිවර හා ජලජ සම්පත් අමාතයංශයට අයත් වාහනයක් භාවිතා කරන බව වාර්තාවෙි.

ඊට අමතරව මිට පෙර හිටපු සභාපති  ඩී වී උපුල් මෙන් වත්මන් සභාපතිවරයාද සියලුම ගෙවිම් සිය අභිමතය පරිදි කිරිමට පටන් ගැනිම නිසා දැඩි අර්බුදයකට සංස්ථාව පත්ව ඇති බව සදහන්වේ.

පසුගිය පොහොට්ටුවෙි හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේ දුෂිත ලෙස කටයුතු කල මිගමුව, බෙිරුවල හා කැගල්ල යන ප්‍රාදේශිකවල කළමනාකාරුවන් විසින් සභාපතිවරයා මුදලට නැටවිම නිසා මෙම තත්ව උදාවී ඇති බව වාර්ථාවෙි.

මේ අතර මිගමුව කළමනාකරු යහන්ත විසින් නත්තල් සාදයක් ලබන 14 වෙනි දින සභාපතිවරයා ඇතු ඉහළ නිලධාරින්ට ලබා දිමට සැලසුම් කර ඇති අතර ඒ සදහාද පාඩු ලබන සංස්තාවෙි අරමුදල් වැය කිරිමට කැසකවමින් සිටින බවට තොරතුරු වාර්තාවෙි.මෙ සාදය සදහා සංස්තාවෙි ඉහළ කළමනාකාරිතිවයෙන් වැඩි දෙනෙක් අකැති අතර යහන්තගේ යටි අරමුණ වී ඇත්තේ සභාපතිවරයා සිය වසගවට ගැනිමට බව සේවකයෝ පවසති.

වත්මන් සභාපතිවරයා පත්වී මාස දෙකකට අධික කාලයක් ගතව ඇතත් ජනතාවට අඩුමිලට මාලු මිලදි ගැනිම සදහා කිසිදු නව ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති අතර එහි අවංක නිළදාරින් උදේට සභාපතිවරයාට කියන දේ හවසට අමතක වී මෙි රෝගය  නිසා මෙිම තත්වයට හේතුවී ඇති බව සේවකයෝ පවසති.අඩුම තරමින් ත්‍රිවිධ හමුදාවට හා විශාලතම මුලුතැන්ගෙය හිමි වරායට  අවශ්‍ය මාලු සැපපයුමවත් ලබා දිමට අවහ්‍ය කටයුතු කිරිමට අසමත්වී තිබෙි.ඒ වෙනුවට වෘත්තිය සමිති නායකයින් දෙනෙකුට අවහ්‍ය පහසුකම් ලබා දී සේවකයින්ගෙන් එල්ල විය හැකි විරෝධතා සමනය කරගැනිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

මෙි අතර නව ආණුඩව බලයට පත්වී අමාතයංශ තුනක් යටතේ රට පාලනයවු අවස්ථාවෙි පත්විම් ලද මෙම සභාපතිවරයා අමාත්‍යංශයෙන් සී ඒ බී 2882 දරණ ටොයටා ප්‍රාඩෝ රථය රැගෙන විත් අැති අතර සභාපතිවරයාට වෙන්වු නිසාන් පෙට්ට්‍රල් සුදු පැහැති රථයක් හා කොලපාට මොන්ටෝරෝ රථයක් තිබෙි.

ඉන් එක් රථයක් කළමණාකරන අධ්‍යක්ෂවරයා භාවිතා කරන කරයි.කෙසේ වෙතත් අමාත්‍යංශයෙන් රැගෙන ආ රථය වහාම භාර දෙන ලෙසට දන්වා ඇතත් ඔහු එය දිගටම භාවිතා කරන අතර එම රථය වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වන නිසා  නිතරම ඉන්දන සදහා සංස්ථාවෙන් මුදල් ලබා ගන්නා බව සංස්ථා ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *