ඊයේ හා පසුගිය දින කිහිපයේ දී VOICEOFLANKA හෙලිදරව් කළ සිද්ධි කිහිපයක් සමිබන්ධයෙන් ආදාළ බළධාරින් ක්‍රියාත්මකවී ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ‘” දඹුල්ලේ හිටපු නගරාධිපතිගේ මල්ලි චන්න තවදුරටත් පේමන්ට් වෙලෙන්දන්ගේන් පොලිසියේ අනුග්‍රහයෙන් කප්පම් ගනියි”,”කුඩු ගැන රංගජීවට ඔත්තුවක්'”,” මාතලේ පොලිස් ලොක්කා ගෙන ගිය පොඩ්ඩන්ගේ ටී වී එක ” යන ප්රවෘත්ති සමිබන්ධයෙන් මේ වන විට පලදරා ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව දඹුල්ල පොලිස්යේ අනුග්‍රහයෙන් නගරයේ පෙර පැවති ක්‍රමයටම පදික වෙළදාමෙි නිරත ව්‍යපාරිකයින්ගෙන් හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ බාල සොහොයුරු චන්න ඕපාත දෛනිකව කප්පම් මුදල් එකතු කරන බව අප වාර්ථා කළේය.
ඒ සම්බන්ධයෙන් එසේ අසාධාරණයට ලක්වුවන් දඹුල්ල පොලිසියට ඊයේ ගොස් පැමිණිළි කර ඇතත් එ පැමිණිළි භාර ගැනිමට එහි ස්ථානාධිපතිවරයා ක්‍රියා කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඉහළ නිළදාරින් දැනුවත් කිරිමෙන් පසු ලැබුණු නියෝගයක් අනුව පැම්ණිළි භාර ගෙන සැකකාර චන්න ඕපාත අත්ඩංගුවට ගෙන තිබෙි.
දඔුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගන්දරවත්ත හා ඔහුගේ දෙවනියා ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂක ඇල්ලේපොල යන අයගේ ආශිර්වාදය මත මෙම කප්පම් ලබා ගැනිම සිදු කරන අතර එසේ කප්පම් නොදෙන අයට මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පවසා නඩු පවරන බව අප එහිදී වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් කළ යුතු බව බළධාරින්ට අවධාරණය කරන්නෙමු.ඊට අමතරව පැමිණිල්ල භාර නොගත් ස්ථාණාධිපතිවරයා සිද්ධිය ගැන පරික්ෂණ පවත්වනවාට වඩා සිද්ධිය ඉහළ ඉළධාරින්ට පැමිණිළි කළ පුද්ගලයාන් සිබන්ධයෙන් විර්ශනය කරන බව ද සදහන්වෙි.
ආදාළ ව්‍යපාරිකයින්ට පදික වෙලදාම සදහා එම කොටස් සිය සොහොයුරා නගරාධිපතිව සිටි කාලයේ රෝහල ඉදිරිපිටන් බෙදා දි ඇති අතර ඒ සදහා මහනගර සභාවට වාර්ෂික බදු මුදලක් ද ගෙවන අතර එසේ තිබියදී දෛනිකව රුපියල් 1000-1500 අතර මුදලක් කප්පම් ලෙස මොහු එකතු කරයි.
VOICEOF LANKA හෙලිදරව්වෙන් පසු පොඩිඩන්ගේ මුරපළෙන් රැගෙන ගිය ටී වී එක ආපසු ලබා දුන් එස් ලලිත්ට ස්තූතියි
මාතලේ පොලිස් කොඨඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ මහතා නගර මුර පලේ සවිකර තිබු රූපවාහිනි යන්ත්‍රය සිය නිවසේ සවිකර ගැනිම සමිබන්ධයෙන් අප කළ හෙළිදරව්වෙන් පසු එය නැවත් ලබා දිමට කටයුතු කිරිම සමිබන්ධයෙන් රෝහණ මහතාට සිතුතුය පුද කරන අතරම එය නැවත් සවි කිරිමට ලබාදුන් නිලදාරියා එම රූපවාහිනි යන්ත්‍රය පිල්ලි ගසා තිබියදි ඒ සම්බන්ධයෙන් පසු විපරම් කර යළි මුරපලේ සවිකිරිමටද කටයුතු කර තිබෙි.
ඔහුගේ නිළනිවසේ තිබු රුපවාහිනි යන්ත්‍රය ක්‍රියා විරහිත වු පස් මාතලේ නගර මුරපළේ සවිකර තිබු රුපවාහිනිය ගලවා එය ඔහුගේ නිළනිවසේ සවි කර ගැනිම සමිබන්ධයෙන් අප හේළි කළේය.එම මුරපලේ සිටි නිළදාරින් 175කට පමණ දෛනිකව රටේ තොටෙි සිදුවන කිසිවක් දැනගැනිමට මෙිනිසා නොහැකිවී තිබිනි.
කෙසේ වෙතත් අවසානයේ අප හෙළි කළ පුවත නෙත ගැටුනු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොඨඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයම්පති බංඩාර මහතා කැදවා අදාළ රූපවාහිනි යන්ත්‍රය ගලවා නගර මුරපලේ සවිකරන ලෙසට උපදෙස් ලබා දී ඇත.
අවසානයේ එම නිළධාරිවරයා එය මුරපලේ සවි නොකර අලුවිහාරේ ඇති සිය නිවසට රැගෙන ගොස් ඇති බව වාර්තාවෙි.පසුව මේ සමිබන්ධයෙන් පසුවිපරමි කළ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුරපළ වෙත පැමින එකින් එක කාමර වෙත ගොස් රූපවාහිනිය සවිකර ඇත්දැයි පරික්ෂා කර තිබෙි.එහෙත් එය සවි කර නොමැති නිසා ක්ෂණිකයෙන් සියලුම නිළදාරින් උපදෙස් පංතියකට කැදවා තිබෙි. මේ කනවැටුණු රූපවාහිනිය රැගෙන නිවසට ගිය ප්‍රධාන පොලිස් පිරික්ෂකවරයා කඩිනමින් ත්‍රිරෝද රථයක් නිවසට යවා රූපවාහිනි යන්ත්‍රය ගෙන්වා ගෙන මුරපලේ සවි කිරිමට කටයුතු කර ඇති බව වාර්තාවෙි.
කුඩු ගැන රංගජීවට ඔත්තුවක් හෙළිදරව්වෙන් පසු ස්ථාන මාරුවක්
නාකොටික් රංගජීව ” ලෙස තමා විසින්ම ආරොපණය කරගත් නාමය වෙනුවට,කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විශේෂ කාර්ය්ය බලකායට බදවා අනුයුක්ත කර සිටි පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව වහා ක්‍රියාත්මක වන පරිදි කේෂත්ර බළකා මුලස්තානයට ඊයේ සිට ස්ථාන මාරුවිමි කර ඇත.
මෙම “නාකොටික් රංගජීව” ගේ සැබෑ තොරතුරු අදටත් ඔහුගේ නඩු මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හොදින් දන්නා බවත් ඔහු පොලිසිට බැදුණු දින සිට සිදු කළ අවිනිතික කටයුතු අයුතු ජාවාරම්වලින් උපයාගත් වත්කම් සිබන්ධයෙන් මෙන්ම ඒ ස්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ සිය දේශපාලන බලය උපයෝගි කර යට ගැසු ආකාරය අප හෙළි කළ අතර ස්ථාන මාරුවිමෙන් නොනවති පෙර සදහන් කළ සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරික්ෂණ පවත්වා නිතිය ක්‍රියාත්මක කිරිම ද බළධාරින්ගේ වගකිම බව අවධාරණය කරන්නේමු.