දඹුල්ල පොලිස්යේ අනුග්‍රහයෙන් නගරයේ පෙර පැවති ක්‍රමයටම පදික වෙළදාමෙි නිරත ව්‍යපාරිකයින්ගෙන් හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ බාල සොහොයුරු චන්න ඕපාත දෛනිකව කප්පම් මුදල් එකතු කරන බව වාර්තාවෙි.
දඔුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්තාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගන්දරවත්ත හා ඔහුගේ දෙවනියා ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂක ඇල්ලේපොල යන අයගේ ආශිර්වාදය මත මෙම කප්පම් ලබා ගැනිම සිදු කරන අතර එසේ කප්පම් නොදෙන අයට මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පවසා නඩු පවරන බව වාර්තාවෙි.
ආදාළ ව්‍යපාරිකයින්ට පදික වෙලදාම සදහා එම කොටස් සිය සොහොයුරා නගරාධිපතිව සිටි කාලයේ රෝහල ඉදිරිපිටන් බෙදා දි ඇති අතර ඒ සදහා මහනගර සභාවට වාර්ෂික බදු මුදලක් ද ගෙවන අතර එසේ තිබියදී දෛනිකව රුපියල් 1000-1500 අතර මුදලක් කප්පම් ලෙස මොහු එකතු කරයි.
එළවලු, පළතුරු ,මල්,රෙදි ආදා ව්‍යාපාරකරන කුටි තිහකට ආසන්න ප්‍රමානයක් ඇති අතර දෛනිකව සවස 4-5 අතර කාලයේ පැමිණ මෙම මුදල් එකතු කරන බව වාර්තාවෙි.මිට පෙර මොහු බාලවයස් කාලර පිරිමි ළමයෙකු අපයෝජන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ ඇත.
මෙවර මහමැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් ජාලිය ඕපාත මහතා තරග කළ අතර ඔහු දඹුල්ල නගරාධිපතිව සිටි කාලයේ සිය අනෙක් සොහොයුරාට මහජන පොළ භූමියේ අනවරයෙන් කඩයක් ඉදිකර ගැනිමට අවස්ථාව ලබා දි ඇති අතර මේවන විට එහි අනවසරයෙන් එය පුලුල් කරමින් ඉදිකිරිමි කරන බවද වාර්තාවෙි.