හිටපු ආණ්ඩුව තම න්‍යාය පත්රයන් අනුව රටේ ජනතාවගේ සිතුම් පැතුම් මෙහෙයවීම සදහා සමාජ මාධ්‍ය පාලනයට මඩ බලකායක් පවත්වා ගෙන ගියා. එහෙත් කිසිවෙක් නොසිතූ ලෙස ලොවෙත් නැති පරාජයක් ඔවුන්ට මෙවර අත්වූයේ ජනතාව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම හේතුවෙන්. ඒත් සමග මෙරට මහජන මුදල් තම සාක්කුවට දා ගත් බොහෝ දූෂිත දේශපාලුවන් අද වන විට දේශපාලන පොර පිටියෙන් කුණු කූඩයට වැටී තිබෙනවා. මෙම තත්වයෙන් ගොඩ යෑම සදහා ඔවුන් නැවත පුනරාගමනයක් වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇත්තේ පරාජයට හේතු වූ සමාජ මාධ්‍යම උපයෝගී කර ගනිමිනුයි.
මේ යටතේ දූෂණ හා වංචා අනාවරණය කළ සියත රූපවාහිනියේ ටෙලි වැකිය හා එහි රචක ලාල් හේමන්ත මාවලගේ ඉලක්ක කර සමාජ මාධ්‍ය තුල ප්‍රහාරයක් දියත් වෙමින් තිබෙනවා. ඒ ටෙලි වැකිය බොරු සමාජගත කරන බව හා ජනතාව නොමග යැවූ බව පවසමිනුයි. එමෙන්ම සියත මාධ්‍ය ජාලය අපකීර්තියට පත් කිරීමේ සැලසුමක්ද මේ යටතේ ක්‍රියාත්මක වනවා. මෙය ලබන මාසයේදී සිරස මාධ්‍ය ආයතනය වෙත ක්‍රියාත්මක කිරීම සැලසුම වන බවයි අනාවරණය වන්නේ.
මෙහි ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ දූෂණ හා අක්‍රමිකතා මගින් උපයා ගත් ධනය බේරා ගැනීමයි. මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හදුනා ගත් සමාජ මාධ්‍ය ගිණුම් පිලිබද තොරතුරු සපයා, පැමිණිල්ලක් සිදු කිරීමට රට වෙනුවෙන් අපි නම් සංවිධානයක් සූදානම් වනවා.