ජනාධිපතිවරණය පසු ජාතික රූපවාහිනීයේ සභාපති වරයා වශයෙන් පත්කරන ලද්දේ සෙනේෂ් බණ්ඩාර දිසානායකය.ඔහු දක්ෂ ටෙලිනාට්‍ය කරුවෙකු මෙන්ම සිනමා අධ්යක්ෂ වරයෙකි. ඔහු කලක් ජාතික රුපවාහිනියේ නිෂ්පාදකවරයෙක් වශයෙන්ද කටයුතු කලේය.ඔහු සභාපති ධූරය බාරගැනීමෙන් පසු අලවි අංශයේ සහකාර අධ්යක්ෂ වරයෙකු වශයෙන් කටයුතු කල විකුම් බස්නායක ප්රවෘත්ති අංශයේ වැඩබලන අධ්යක්ෂ වශයෙන් පත්කරන ලදි.විකුම් ජාතික රූපවාහිනීයේ ජානතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියේ ලේකම් වරයා ලෙස ද කටයුතු කල ප්රභළ ක්‍රියා කාරිකයෙකි. රාජපක්ෂ සමයේ අවස්ථා ගණනාවකම ඔහු රැකිවයාව ද අහිමි කරගත්තේ සංස්ථාවේ දුෂණ අක්රමිකතාවලට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගවලට නායකත්වය දුන් නිසාය.
විකුම් බස්නායක ප්රවෘත්ති අංශය භාර ගන්නා විටත් එහි අධ්යක්ෂ වරයෙක් සිටි නිසා ඔහුව පත්කරන ලද්දේ වැඩ බලන ප්රවෘත්ති අධ්යක්ෂවරයා ලෙසය. ඊට හේතුව වුයේ ප්රවෘත්ති අධ්යක්ෂ වශයෙන් කටයුතු කල ඉන්දික මාරසිංහ ජාතික ජනබලවේගයට එරෙහිව ප්රභළ මතයක නිරත වෙමින් පසුගිය ජනාධිපතිවරණයේ දි රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා දිවි හිමියෙන් කටයුතු කල නිසාය. ජවිපේ ට එරෙහි විමල් වීරවංස පාර්ෂවය සමග ද ඉන්දික මාරසිංහ කටයුතු කල අතර බලයට එන ඕනෑම ආණ්ඩුවකට සූක්ෂමව සමීප විමට තරම් දක්ෂයෙක් ලෙස මාරසිංහ ප්රකටය.
ඔහුගේ ක්‍රියා කලාපය ගැන සංස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය , සභාපති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා දැනුවත් කලත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග නොගත් නිසා මීට සති තුනකට පෙර විකුම් බස්නායක වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ තනතුරෙන් ඉවත්ව ඔහු කලින් සේවය කල අංශයට මාරු විය.
දින කිහිපයකට පසුව ජතික ජනබලවේගය ප්‍රභලයින් මැදිහත් වී යලත් ප්රවෘත්ති අංශයේ වැඩ බලන අධ්යක්ෂ ධුරය බාරගන්න ලෙස විකුම් බස්නායක ගෙන් ඉල්ලීම් කර තිබුණි. ඒ පිලිබදව රූපවාහිනී සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායකවද ජාතික ජනබලවේගය දැනුවත් කර තිබු අතර ඒ අනුව විකුම් බස්නායක යලිත් වැ. බ ප්රවෘත්ති අධ්යක්ෂ ලෙස ප්රවෘත්ති අංශයේ වැඩ භාරගන්නා ලදි.
නමුත් ඉන්දික මාරසිංහ යලිත් සුක්ෂම ලෙස ක්‍රියාත්මක වු අතර බස්නායකව ප්රවෘත්ති අංශයෙන් පන්නා දැමීමේ මෙහෙයුම ආර්ම්භ කරනලදි. රනිල් වික්‍රමසිංහ දේශපාලනකව නෂ්ටාවශේෂ වු වත් ඔහුගේ දේශපාලනය බලවේග මොනතරම් ශක්තිසම්පන්ද යන්න කියාපාමින් විකුම් බස්නායක දෙවන වතාවටත් ප්රවෘත්ති අංශයෙන් පිටමං කරන තැනට එය බලවත් විය.
එය කොතරම් බලවත්ද කිව හොත් රූපවාහිනී සභාපතිවරයා ජවිපේ වෘත්තීය සමිතිය සමග සකාච්ඡා කිරිමට පවා කැමැත්තක් නැති බව සංස්ථා සේවක මතය වි තිබේ .බස්නායක සභාපතිවරයාට එරෙහිව ව්‍යංගයෙන් පලකර තිබු Facebook පොස්ටුවක්ද පසුව ඉවත් කරගෙන තිබුණි .මේ දිනවල හිටපු වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ වරයා කවි නිසඳැස් වලට මුල්තැන දෙමින් කටයුතු කරන අතර බලයට පත්වු සෑම ආණ්ඩුවකම ප්රවෘත්ති අධ්යක්ෂ ධූරය දැරු ඉන්දික මාරසිංහ යලිත් ජවිපේ ආණ්ඩුවේ වෙනදාට වඩා සිය තනතුරේ විරාජමානව වැඩ සිටින බව සංස්ථා සේවකයෝ පවසති.
2024-12-08