කුඩු ගැන රංගජීවට ඔත්තුවක්

පිරුණු කළේ දිය නොසැලේ  යන කියමන නිකම්ම නිකන්  කියමනක් නොවන බව අපේ රටේ ඇයෝ කරන කියන දේවල්වලින් මනාව පැහැදිලි වන්නේ තමන්ගේ පවතින අඩුවක් වසා ගැනිමට කරන උත්සහයන් නිසාවෙනි. ඇතමුන් තමන් සිටින තත්වය , තනතුර, පැලැන්තිය ඉදිරියේ ඇතිවන අපහසුතාවය මගහරවා ගැනිම සදහා නොයෙකුත් දගර නැටුම් දමයි.එවැනි අඩු පහඩුකම් ඇති  බොහෝ දෙනෙක් සිදු කරන්නේ කටින් බතල සිටුවන එකය.එදා එසේ සිදු කළ අය අද කරන්නේ මුහුනු පොතේ විරයින් බවට පත්විමයි.එසේ නිතිය කරවන තැනක මුහුණු පොතේ විරවයක් වු අයෙක් පිළිබදව වාර්ථාවිය.

ඔහු ශ්‍රි ලංකා  පොලිසියට එක්වන්නේ උපසේවා  උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙසිණි .ඒ කාලයේ සිටම සිදු කලේ කැපිපෙනිම සදහාම  නිතියෙන් පිට වැඩය.අනුව දශකයේ අගභාගය වනවිට අනාරක්ෂිත ගම්මානවලින් වැඩි කොටසක්  ආරක්ෂා කිරිම පැවරුනේ උපසේවා යටතේ බදවා ගත් පොලිස් නිළධාරින්ටය.මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොඨාශයේ සෝමාවතිව  වනෝද්‍යානයට යාබදව ඇති ගම්මානවල ආරක්ෂාවට යොදවා සිටියේද උපසේවා පොලිස් නිළදාරින්ය.ඒ ආකාරයට උප පොලිස් පරික්ෂක තනතුරේ සිටි රංග ජීව රාජකාරි කලේ මැදිරිගිරිය ගොඩපොත්ත ගම්මානයේය.

ගොඩපොත්තට අවසානවරට කොටි ත්‍රස්තවාදින් ප්‍රහාරයක් එල්ල කලේ 97 වර්ෂයේ වන අතර එහිදී ඇමිබුස් බොක්කුව නමින් ප්‍රසිද්ධ ස්ථානයේදී පොලිස් පරික්ෂකවරයෙකුවු දිසානායක හා උප පොලිස් පරික්ෂක පුෂ්පකුමාරයන නිළදාරින්  මෙම ගොඩපොත්ත පොලිසි මුර පොලට ගොස් එන අතර තුරදී එල් කළ ප්‍රහාරයකින් මිය ගියේය. වාසනාවට එම වාහනයට ඉදිරියෙන් යතුරුපරදියෙන් පැමිණි උප පොලිස් පරික්ෂක විජේතුංග නැමැති නිලධාරියා ( දැනට මෙම නිලධාරියා ප්‍රධාන පොලිස් පරික්ෂක වරයෙකි)ජිවිතය බෙිරුණි. ඒ කාලය වනවිට ප්‍රදේශයේ ජනයා  එම ගම්මානය අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමනය වී සිටි අතර පොලිස් මුරපොළේ සිටි නිළදාරින්ද රාත්‍රියට මුරපොළ අතහැර ගම්මාන දෙසට පසුබැස නැවත් උදැසනට කදවුරට ගමන් කරන්නේ ජිවිත ආරක්ෂාව පතාය. මෙම වැඩේ දිගටම කර ගෙන යාමට නොහැකි තැන රංගජිව  සිදු කළේ  රාත්‍රියට සිය නිළධාරින් ආරක්ෂාව පතා පසු බැස ගිය පසු කදවුරට ගිනි තැබිමයි.එහිදී පොල් අතුවලින් ඉදිකර තිබු මුරපොළ හා එහි ගමනාගමනයට ලබා දී  ජපානයේ නිෂ්පාදිත මිටිෂුබිෂි වර්ගයේ කුඩා ජිප්රථයද ගින්නට දැවිගිය අතර අවසානයේ එහි වගකිම පැවරුණනේ කොටි ත්‍රස්තවාදින් වෙතය.පසුව එම ස්ථානයෙන් මුරපොළ ගලවා ගම්මානය ආසන්නයේවු නිකහේන ප්‍රදේශයේ ස්ථාපිත කළේය.

මේ ආකාරයට කාලයාගේ අවැමෙන් කොළඹට එන රංගජීව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අනුයකුතවිය .එහිදිද සිය සුපුරුදු ක්‍රියාවන් කර ගෙන යාමට හොද තෝතැන්නක් විය.මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කරන විට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන තෝරු මෝරු මෙන්ම පාතාල  නායකයින් සමග ගනුදෙනු ඇති කර ගැනිමට ඔහුට හැකිවිය . එහිදි ඇතැම් පාතාල නායකයින්ගේ ඕනෑ එපා කම් ඉටු කර ඔවුන්ව සතුටු කිරිමට කටයුතු කළේ වෙනත් කණ්ඩායම්වලට රිදවා ඇතමුන් ජිවිතයද අවසන් කරමිණි.එයට කදිම නිදසුනක් වූයේ අතුරුගිරිය ප්‍රදේශයේදී කාර් රථයක් තුළ ඔහුට එරෙහිව ප්‍රකාශයක් දීමට ක්‍රියාකළ අයෙකු ඝාතනය කිරීම උදාහරණක් වේ.

මෙි ආකාරයට කටයුතු කළ රංගජිව කෙටි කළ කින් කෝටිපතියෙකු බවටද පත්විය.ඒ බව හෙළිවුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව සිදු කළ විමර්ශණයේදීය.ඔහුට එරෙහිව පොලිස් මුලස්ථානයට ලැබි තිබු පෙත්සමකින් අනතුරුව මෙම විමර්ශනය සිදු කළේය.එහිදි හෙළිවුයෙි ඔහුට කඩුවෙල, අතුරුගිරිය  හා හෝමාගම ප්‍රදේශයේ නිවාස ඇති බවටයි.ඊට අමතරව ඒ කාලයේ අධිවෙිගි මාර්ගය ඉදිකිරිම සදහා ටිපර් රථ දෙකක්ද යොදවා ඇති බව හෙළි විය.කෙසේ වෙතත් අවසානයේ සිය දක්ෂතාවය වන කැපිපෙනිමේ මාර්ගය උපයෝගි කර ගෙන සිය දේශපාලන බලය යොදවා එම පරික්ෂනය යටපත් කළේය.

මොහුගේ මෙම ක්‍රියාවන්ට එරෙහිව සිටි නිළදාරින්ට  මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩි කාලයක් රැදි සිටිමට ඉඩ ලබා නොදුන් අතර ඔවුනව බොරු චෝදනා දමා ඉවත් කර අතර තමන්ට හිතවත් මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවන් වැටලිමි කල නිළධාරින්ටද මතක හිතෙන පාඩම් ඉගැනියිමට රංගජිව කටයතු කර තිබෙි.

රංගජීවගේ ආධාර ඇතිව මහාපරිමාන ලෙස හෙරොයින් ජාවාරම කරගෙන යාමට කුඩු තිලාන්ට එකල අවසර ලැබී තිබුනි.මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කිසිවකුට ඔහු පිළිබදව සොයා බැලීමද තහනම් විය.එසේ සොයා බැලුවහොත් රංගජීව කරන දේ සියලුම නිළධාරීන් හොදින් දනී.

එවකට දක්ෂ උප පොලිස් පරික්ශකවරයෙකු වූ ගයන්ත ,රංගජීවට යටත් වූයේ නැත.ඔහුට ලද තොරතුරු මත කුඩු තිලාන්ගෙ ගෝල බාලයන් රැසක් කුඩු සමග අත්ඩංගුවට ගත්තේය.

මෙයින් කිපුන රංගජීව ඔහුගේ සුවච කීකරු ගෝලයෙකු ලවා ගයන්තගේ  හැදුනුම්පත සොරකම්කර ඔහුගේ ගිනුම් අංකය සොයා ගත්තේය.එම ගිණුමට තිලාන් ලවා වරින් වර සුලු මුදල් ප්‍රමානයන් තැම්පත් කලේය.මන්දයත් විශාල මුදලක් එකවර ලද හොත් ගයන්තට ඒ පිළිබදව සැකයක් මතුවන නිසාය.එසේ සිදුකර කුඩු තිලාන් ලවා පෙත්සමක් ගෙන්වා ගෙන ගයන්ත ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කලේය.මේ සිද්දියත්  සමග රංගජීවට භයේ සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළදාරීන් ප්‍රසිද්දියේ රගජීව විවේචනය කිරීමට පටන් ගත්තේය.ඔහු පමණක් නොව ඔහුට රැකවරණය දුන් ඉහල නිළධාරීන්ද විවේචනයට නිළධාරීන් ප්‍රසිද්දියේ කටයුතු කලේය.මේ සදහා ඒවකට අධ්‍යක්ෂවරයා හැර අනෙක් සියලුම නිලධාරීන් රංගජිවට එරෙහි විය.පසුව සිදුවූයේ අධ්‍යයක්ෂකගේ  සැලසුම අනුව බොහෝ උසස් නිළධාරින්ටද මත්ද්‍ර්‍යව කාර්යංශයෙන් ඉවත් වන්නට සිදුවුණි.

එසේ වුවද උප පොලිස් පරික්ෂක ගයන්ත වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් සිදුකරන්නට පොලිස් මූලස්ථානයේ ඉහළ නිළධාරීන් කටයුතු කලේය.කෙසේ හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන්ගෙන්ද ඊට මහත් සහයක් ලැබුනි.අවසනානයේ ගයන්තගේ සොරාගත් හැදුනුම්පතද සමග මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ නිළධාරියෙකු අත්ඩංගුවට ගැනුනි.ඔහු සියලු තොරතොරු එකින් එක හෙලි කලේය.ඔහු අධිකරණයට ඉදිරිපත් කල හොත් රංගජීව පමණක් නොව ඔහුගේ රැකවලා වන ඉහල නිළධාරියාටද රැකියාව අහිමිවීමේ අවදානම්ක් ඇතිවිය.එබැවින් එම නිළධාරියාට විරුද්දව අධිකරණය ක්‍රියාමාර්ග නොගෙන ඔහු සේවයෙන් නෙරපා හරින ලදී.දැනට ඔහු රෝහල් උපස්ථායකයෙකු ලෙස සේවය කරයි.

මෙි ආකාරයට පිලියන්දලදී රංගජිවට වෙඩි වැදිමේ සිද්දීයක් නාටකයක් බව දන්නේ බස්නාහිර දකුණ  අපරාධ කොඨ්ඨාශයේ නිළධාරින්ය.එම සිද්දියෙන් පසු පරික්ෂණ පැවැත්වු එම ඒකකයේ පොලිස් පරික්ෂක ජයන්ත  පෙරේරාට සියලු තොරතුර ු හෙළිකර ගැනිමට හැකිවිය.එම නිළධාරියාට එවකට ඩුබායි හි සිටි පාතාල නායක මාකදුරේ මදුෂ් දුරකථනයෙන් අමතා පවසා ඇතිතේ අපි වෙඩි තැබුවේ අයි පී රංගජිවට නොව , කුඩු ඩීල් දාන රංගජිවට බවයි.රංගජිවට පිළියන්දලට පැමිනෙණ ලෙසට තොරතුරුදුන් ඔත්තුකරු සමග  එහි ගොස් ඔත්තුකරු සමග බැස ගොස් ඇති අතර ඔහුගේ අනුදැනුම මත මෙම ඩෙඩිතැබිම සිදුවු බව බස්නාහි දකුණ අපරාධ කොඨඨාශය පැවත්වු පරික්ෂනයෙන් හෙළිවිය.එහෙත් එම සැකකරු විමර්ශන කටයුතු සදහා ඉල්ලා සිටිය මුත් පොලිස්පති වරයාද නොමග යවා මන්නාරමෙන් මුහුදු මගින් ඔහුව ඉන්දියාවට යැවීමට නාකොටික් ලොක්කා කටයුතු කලේ දෙන්නම අමාරුවේ වැටෙනා බව දන්නා නිසා බවඑහි සියලුදෙනා දනිති.

බන්ධනාගාරයේදි සිරකරුවන් වෙඩිතාබා ඝතනය කිරිමෙිදි රංගජිවට එරෙහිව සිටි සිරකරුවන් ගේ නම් කියමින් වෙඩි තැබු බවට චෝදනාවක් තිබෙි.ඒ අනුව කලුතුෂාර බංධනාගාරයේදි වෙඩිතබා ඝාතනය කිරිමෙි  පලිය ගැනිම සදහා මෙම වෙඩි තැබිම සිදු කළ බව කියැවෙි.ඒ ඊට සමිබන්ධ සැකකරුවෙකු අත්ඩංගුවට ගත් පසුවය.ඒඅනුව  රංගජිවගේ ඔත්තුකරු පරික්ෂන සදහා භාර දෙන ලෙසට අවස්ථා ගණනකදි දැනුම් දුන් නමුත් එය ඉටු නොකළේය.අපරාධ සිද්දියේ ප්‍රධාන සැකකරු විමර්ශන සදහා භාර නොදී මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ නිළධාරීන්ගේම ආරක්ෂාව යටතේ රටින් පැනයාමට සැලැස්වීම පිළිබදව අදටත් විමර්ශකයන්ට ප්‍රහේලිකාවකි.

නාකොටික් රංගජීව ” ලෙස තමා විසින්ම ආරොපණය කරගත් නාමය වෙනුවට,කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විශේෂ කාර්ය්‍ය බලකායට බදවා ගත් මොහු  “STF රංගජීව” ලෙස නම මාරු කරගනීවි යැයි විශේෂ කාර්ය්‍ය බලකායට තම පණ මෙන් ආදරය කරන  නිළධාරීන් සිටින්නේ දැඩි භියකින් හා කුතුහලයෙන් යුතුව බව අප සමග පැවසීය.මන්ද යත් “නාකොටික් රංගජීව” ගේ සැබෑ තොරතුරු අදටත් ඔහුගේ නඩු මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හොදින් දන්නා බැවිනි.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය්‍ය බළකායේ නිළධාරියෙකුට පොලිස් රාජකාරි සදහා අනුයුක්ත විය හැකි අතර පොලිස් නිළධාරියෙකුට විශේෂ කාර්ය බළකා නිළධාරින්ගේ නිළ ඇදුමක් ඇගලා ගැනිමට පහසුවෙන් සිදු කළ නොහැක.

විශේෂ කාර්ය්‍ය බලකායට පුද්ගලයකු බදවා ගැනිම  පහසු කාර්ය්‍යක් නොවේ. ඉතාමත් දුෂ්කර අවම සති 13 ක පුහුණුවකට විශේෂ කාර්ය්‍ය බලකාය නිළධාරීයකු යටත් විය යුතුය. ඒ විශේෂ පුහුණු වීම් රහිතවය එනම් පැරෂුට් , පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේෂ පුහුණුව ආදියයි. විශේෂ කාර්ය්‍ය බලකාය පුහුණු කාළයේ දී කුමන තරාතිරමක නිළධාරියකු හෝ පැලදිය යුත්තේ නිල් පැහැති බෙරේට් හිස් වැස්මය. සාර්ථක පුහුණුවකින් පසුව විසිරයාමේ පෙළපාලියේදී කොල පැහැති බෙරේට් හිස්වැසුම ලැබෙන අතර අදාළ පුද්ගලයා එතැන් සිට විශේෂ කාර්ය්‍ය බලකා නිළධාරියෙකු ලෙස භවතීස්ම කරණු ලබයි.

යුද්ධය ඇති කාළයේදී අදාල පුහුණුව අකමැති පුදගලයන් ප්ලැටූන් ලෙස විශේෂ කාර්ය්‍ය බලකායට බදවා ගත් අතර එම නිළධාරීන්ව යොදා ගනු ලැබුවේ කදවුරු ආරක්ෂක රාජකාරී සදහා පමණි. වෙනත් කිසිදු ක්‍රියාන්විත රාජකරියක් සදහා ඔවුන් යොදවා ගත්තේ නැත. නමුත් රංගජීව වැනි අපවිත්‍ර නිළධාරියකු විශේෂ කාර්ය්‍ය බලකාය නාමයට කැළලක් වන සේ සහ විශේෂ කාර්ය්‍ය බලකායේ නීති රීති වලට පටහැනිව බදවා ගත්තේ කෙසේද යන්න විශේෂ කාර්ය්‍ය බලකායේ වත්මන් අණදෙන නිළධාරීතුමාට රටේ ජනතාවට පැහැදිලි කල යුතුය.

මේ වන විට රංගජීව පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායට අනුයක්ත කර ඇත්තේ මත්ද්‍රව්‍ය පාලනය කිරිමට බව ඔහු මුහුණපොතේ දැමු සටහනෙන්ම පැහැදිලිවෙි.”පොලිස්පතිතුමා  මම හා මගේ කණ්ඩාම  එස් ටී එෆ් එකට අනුයුක්ත කළා.කුඩු කාරයින්ට බඩයන්න ගැහුවේ මගේ කොල්ලෝ” යනුවෙන් සදහන් කර තිබෙි.රංගජිවට පළමු රාජකාරිය ලෙස අප ඔත්තුවක් ලබාදිමට  කැමැත්තෙමු. පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ පළමු වැටලිම ලෙස මරදානේ දේවානම්පියතිස්ස මාවතේ මහ පරිමානයෙන් කුඩු ජාවාරම් කරන ස්ථානයක්  පිළිබදවයි. ඒ සමිබන්දයෙන් රංගජිවද නොදන්වා නොවෙි.එම දේවානම් පියතිස්ස මාවතේ බෝගහ අසල මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කාන්තාවන් දෙදෙනෙක් සිටින අතර ඉන් එක් අයෙක් වන්නේ කලක් පාතාලයේ කිරුළ දරා සිටි මරදානේ  චොප්පේගේ යෙළියයි. අනෙක් කාන්තාව අපේ කථා නායකගේ ලගම ඥති කාන්තාවයි. මත්ද්‍ර්‍යව පාලනයට බව පවසා රංගජීව යොදාගත්තේ පොලිස් ප්‍රි දේශබන්ඳුට අවශ්‍ය පරිදි මහාපරිමාණ ජාවාරම්කරුවන් සම්බන්ද කිරීමට බව දන්නෝ දනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *