කිත්සිරිට එරෙහි පරික්ෂණ වැ. පොලිස්පතිගේ අනින් නැමෙන ලකුණු

මව්වරු වදභාවයට පත් කළ බවට බොරු චෝදනා කර කූරූණෑගල මහ රෝහල සේවය කළ වෛද්‍ය සාෆි සාහබිදීන්ව අත්ඩංගුවට ගෙන කටයුතු කළ එකළ කුරූණැගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට හා එහි එකල කොඨඨාශ භාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ මහින්ද දිසානායක යන අයට එරෙහිව වහාම පරික්ෂණ ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාට නියෝග කර තිබියදි එම පරික්ෂණ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාගේ බලපෑමෙන් එහි පරික්ෂණ කටයුතු මන්දගාමි තත්නයට පත්වී ඇති බව  වාර්තාවෙි.

ඊට හේතුවී ඇත්තේ කිත්සිරි ජයලත් හා ප්‍රියන්ත විරසුරිය යන නිළදාරින් දෙනොම එකට පොලිසියට බැදි මිතුරන් ලෙස සිට පහළ සිට ඉහළ තනතරු සදහා පැමිණිම නිසා බව උසස් නිලදාරියෙකු පැවසිය.

මේ සම්බන්ධයෙන් ඉහළ දේශපාලන අධිකාරියටද සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්ථාවී ඇති අතර ඥාති හිතමිතුරන්ට නිතිය නැමිම නොකරන ලෙසට විරසුරිය මහතාට වක්‍රව මේවනවිට දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයේන කඩිනමින් විමර්ශන කටයුතු සිදු නොකලහොත් ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කිරිමට කටයුතු කිරිමට ඉහළ නිළදාරින් සැලසුම් කර තිබෙි.

අධිකරණයේ පැවති නඩු විභාගයෙන් වෛද්‍ය සාෆි නිදොස් කොට නිදහස් කළ අතර පසුගියදා තමන්ට සිදුවු අසාධාරණය සමිබන්ධයෙන් ඔහු නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්රයාට පැමිණිළි කළේය.

වෛද්‍ය සාෆි බෝරු චෝදනා ගෙතු ඩි අයි ජි කිත්සිරිට එරෙහිව පරික්ෂණ ආරම්භ කරයි.වැඩේ ගොඩදා ගන්න කැලණිය කැම්පස් එකේ ආණ්ඩුවේ දේශපාලඥයන් පසු පස යයි”යනුවෙන් පසුගියදා අප හෙළි කිරිමත් සමග ඉන් කළබලයට පත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සිය බිරිය යොදවා වෛද්‍ය සාෆි සහබිදීන් මහතාගෙන් සමාව ගැනිමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තාවෙි.

කෙසේ වෙතත් පසුගියදා වයඹ පලාතේ පොලිස් ස්ථානාදිපතිවරුන්ගේ උදැසන  අන්තර් ජාල රැස්විමේදී ජයලත් මහතා  පවසා ඇත්තේ තමන්ව  හිර කරන්න හැදුවට ඒවැනි කිසිදු ගැටලුවක් තමන්ට සිදු නොවන බවයි

…………………………………………………………………………………………………………………………………………………………………………

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ

මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

……………………………………………………………………………………………………………………..

(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා  ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *