මාතලේ පොලිස් කොඨඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ නිලධාරියාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සමග ස්ථාන මාරුවිමක් ලැබිමට නියමිතන තිබියදී මේදිවල මාලිමාවෙි දේශපාලඥයින් පසුපස යන බවට තොරතුරු වාර්තාවෙි.
ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාලිමාවෙි ප්රභලයෙකුගේ උදව්වෙන් පැලියගොඩ කොඨඨාශයට ස්ථාන මාරුවිමක් ලබා ගැනිමට බව සදහන්වේ.
මේ අතර මෙම නිළදාරියාගේ පැරණි පුරුදු අතහැර නොමැති ඇති අතර අදවන විට මාතලේ කොඨඨාශයේ ඇති පොලිස් ස්ථානවල සේවය කරන කාන්තා නිලධාරිනියන් රාජකාරි කරණුයේ දැඩි භිතියකිණි.මෙම නිළධාරියාගේ පොලිස් ස්ථාන පරික්ෂාවට පැමිනි පසු එහි සිටින ඇහැට කනට පෙන නිළදාරිනියන්ට බැල්ම දමා සිය කාකි ඇදුමේ බලය යොදා ආදාළ නිලධාරිණියන්ගේ අඩුපහඩු සොයා ඒ මාර්ගයෙන් වසගයට ගැනිමට ගන්නා උත්සහය නිසා එම නිළධාරිණින් දැඩි කම්පනයට පත්ව සිටින අතර සමහර අවස්ථාවල අදාළ නිළදාරියා පැමිණෙන බව දැනගත් පසු ඇතැම් නිළදාරිණියන් සැගවී සිටින තත්වයට පත්ව තිබෙි.මෙම තත්වය මත ඉහළ නිළධාරින්ට පැමිනිළි කිරිමෙන් පළක් නොමැති තැන මාතලේ දිස්ත්රික් ජාතික ජනබල වෙිගයේ පාර්ලිමේන්තු මන්ත්රිවරිය හමුවී පොලිස් කාන්තා නිළධාරිනියන් පිරිසක් තමන්ට මෙම ඉහළ නිලදාරියාගෙන් එල්ලවී ඇති ලිංගික බලපැම් ගැන පැමිණිලි කර ඇති බව විශ්වාශ කටයුතු ආරංච් මාර්ග සදහන් කරයි.
මිට පෙර ඔහු හලාවත කොඨඨාශයේ සිටියදී පොලිස් සැරයන්වරියකට ලිංගික හිරිහැර කර සිටියදි ඉන් ඉවත් කර කේෂත්ර බලකා මුලස්ථානයට සිටියදි යවා සිටින විට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හිතවත් කම මත ඔහුට මාතලේ කොඨඨාශය ලබා දිමට කටයුතු කෙරෙිණි.
එම කොඨාශයට පත්විමෙන් පසු ඔහු දිගින් දිගටම පහළ නිළධාරින්ට හිරිහැර කරමින් ඔවුන් අපහසුතාවයට පත් කරමින් ලබා දෙන සුභසාධන දිනෙන් දින කපා දමමින් සිටින බව අප දිගින් දිගටම හෙළි කලේය.
මෙම තත්වය නිසා එම කොඨඨාශයේ ඇති පොලිස් ස්ථාන 13 ක නිළදාරින් 1200 අදික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්ථාවෙි.
මිට අමතරව නිළධාරියාගේ ඇති පහත්ම ක්රියාව වන්නේ ඔහුගේ නිළනිවසේ තිබු රුපවාහිනි යන්ත්රය ක්රියා විරහිත වු පස් මාතලේ නගර මුරපළේ සවිකර තිබු රුපවාහිනිය ගලවා එය ඔහුගේ නිළනිවසේ සවි කර ගැනිමයි.එම මුරපලේ සිටි නිළදාරින් 175කට පමණ දෛනිකව රටේ තොටෙි සිදුවන කිසිවක් දැනගැනිමට මෙිනිසා නොහැකිවී තිබෙි.