නිතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති ටිරාන් ද විජේපාල ද ?

පැවති රාජපක්ෂ , වික්‍රමසිංහ පාලනයේ සිදුවු දුෂණ අක්‍රමිකතා, අපරාධ ආදිය කෙරෙහි හඩ නගමින් සිටි ජතික ජනබලවේගයේ ක්‍රියා කලාපය කෙරෙහි පැහැදුණු හැට අටලක්ෂයේ බලා පොරොත්තු වුයේ එවුන් නම් මොනවා හරි කරයි එයාලටවත් දිලා බලන්න ඕනේ යන හැගිම අනුව ජනතාව දහසක් සිතුම් පැතුම් කන්දරාවක් පොදි බැදගෙන නව ආණ්ඩුවට ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් ශුද්ධ බලයක් ලබා දුන්නේය.ඒ කිසිවෙකුටවත් දෙවෙනි නොවි සෘජු තිරණ ගැනිමේ ආපේක්ෂාවෙනි.
එහෙත් ගතවුයේ මාස දෙකකි.මේ ආණ්ඩුව බලයට ඒමට වක්‍ර හෝ ආධාරයක් කළ වෙබ් පුවත් ආයතනයක් ලෙස ඒ සම්බන්ධයෙන් ඇස්කන් පියාගෙන සිටිම අපට නොහැකි වන්නේ දහසක් අපේක්ෂාවන් දල්වා සිටින මහජනතාවගේ අපේක්ෂා බංගත්වයට පත්විමට පෙර එවා නිවරදි කර ගැනිමට අවස්ථාවක් ඇති බව පෙන්දිවාමට මිස මෙිවා හෙළි කළ පසු පසුගිය ආණ්ඩු කළ ආකරයෙන් බලයෙන් උද්දාමයට පත්ව කටයුතු කිරිමට නොවන බවද මතක් කරමිනි.ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සදහන් කරන පරිදි මොන නීති අනපනත් තිබුනත් ජනතා බලය හැමට වඩා වැඩි බව මතක් කරමින් ගෙවුනු කාලයේ ආයතන ගණනාවක් සදහා පත්කර ඇති පුද්ගලයන් සමිබන්ධයෙන් ඔවුන්ට පසුගිය ආන්ඩු කාලයේ එල්ලවී ඇති දුෂණ වංචා චෝදනා ආදිය සමිබන්දයෙන් සමාලෝචන්යක් කර එවායෙන් නිදහස් වන තෙක් හෝ ඔවුන්ගේ පත්විම් සම්බන්ධවයන් යම් ක්‍රියාමාර්ගයක් ගැනිම ආණ්ඩුවේ වගකිමක් බව මතක් කරන්නේමු. ඒ අතරින් විදේශ කටයුතු, ධිවර, නිතිය හා සාමය ආදි අමාත්‍යංශ කිහිපයකට පත්කර ඇති පුද්ගලයින් නිසා කිරි කළයට ගොම බිංදුවක් දමා ගැනිමේ තත්වයට පත්ව ඇති බව සදහන් වේ.
එම නිසා අප පළමුවෙන්ම රටේ වැඩි දෙනෙකුගේ අවදානය යොමුව ඇති අමාත්‍යංශයක් වන නිතිය හා සාමය අමාත්‍යංශයේ වත්මන් පාලන ගැන හෙළි කරන්නේමු.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවට බරපතලම චෝදනාව එල්ලවී ඇත්තේ මෙතෙක් හිටිය දුසිතම නිතිය හා සාමය ඇමති ලෙස නම් දරා සිටින ටිරාන් අලස්ව ආරක්ෂා කිරිමයි.අද වන විට බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනුයේ තවමත් නිතිය හා සාමය ඇමති ටිරාන් අලස් බවයි සිය පාලන කාලයේදී අනිතික ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ලවා සිය ව්‍යාපාර කර කප්පම් ලබා ගනිමින් එක් පාර්ශවයක පාතාල කල්ලි පමණක් මර්ධනය කර කටයුතු කළේය.මේ අනුව මාසික ආදායම කෝටි 3 ක් ඉක්මවා ටිරාන් හා දේශබන්දු දෙපල එකතු කර බව ඔහුට සමිප පොලිස් අධිකාරි ගුණරත්න බංඩා , පොලිස් පරික්ෂක භාතිය ජයතිලක ආදිය දන්නා කරුණකි.
එසේ තිබියදී නිතිය හා සාමය අමාත්‍යංශයේ ආනන්ද විජේපාල හා නියෝජ්‍ය ඇමති සුනිල් වටගල වුවද අදටත් අමාත්‍යංශය පාලනය කරනුයේ ටිරාන් අලස් විසිණි.ඊට ඕනෑ තරමි උදහාරණ තිබේ.හිටපු මැති ඇමතිවරුන්ගේ සිටි සියලුම ආරක්ෂාව ඉවත් කරන ලෙසට නියෝග ලබාදුන් ආණ්ඩුව ටිරාන් අලස්ගේ පමණක් ඊට පෙර සිටි පොලිස් විශේෂකාර්ය්‍ය බළකා නිළදාරින් දාසය දෙනා වෙනුවට සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමගින් නිළධාරින් දහඅට දෙනෙකු ලබා දිමට තරම් කටයුතු කළේ කුමන හේතුවක් නිසාද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාරටට පැහැදිලි කර යුතුව ඇත.
එපමණක් නොව ඔහු ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ අමාත්‍යයංශයේ පොලිස් අංශයට ගෙන ආ ගිතානි අතුකෝරල සහ ප්‍රියන්ත චන්ද්‍රලාල් යන දෙනො එක්ව ටිරාන්ට අවශ්‍ය කටයුතු කරන බව නොදන්නේ එහි සිටින ඉහළ නිලධාරින් පමණි.එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු කුඩා නිලදාරින් සියලු දෙනා ඒ බව හොදින් දනීයි.ටිරාන්ට අවශ්‍ය පොලිස් මාරුවිම් හිංසිරුවේ කරන්නේ ඔවුන්ය.උදේ හවාහා ටිරාන්ට ඇමතුන් ගන්නා ඔවුන් කටයුතුතේ මොනවාදැයි ලැබෙන උපදෙස් අනුව කටයුතු කරන බව සදහන් කළ යුතුය.ඊට හොදම උදාහාරණය ටිරාන් සියලු අනිතික කටයුතු කළ කොලඹ අපරාද කොටඨාශයේ ප්‍රධානි නෙවිල් සිල්වා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකක ඉක්මව ගියත් අධිකරණයෙන් දුන් නියෝගයවත් ක්‍රියාත්මක කර ගැනිමට නොහැකිවිම අප පෙන්වා දෙන්නේ සාධාරණ කරුණු හේතු සාධක ඇතිවය.
මේ අතර නුගේගොඩ කොඨඨාශ භාර පොලිස් අධිකාරිවරයාව සිටි කාලයේ ඔහුගේ හිතවත් කමට දේශබන්දු තෙන්නකොන් විසින් වැලිකඩ පොලිස් සථානාධිපති ලෙස නෙවිල් සිල්වා පත්කළේය. වැලිකඩ ස්ථානාධිපති ලෙස කටයුතු කරන විට 2010 මාර්තු 9 දින ඔහුගේ වැඩතහනම් විය. ඊට හේතුවුයේ හිටපු නීතීය හා සාමය අමාත්‍යවරයාගේ නිවසට එල්ල කල බෝම්බ ප්‍රහාරය විමර්ශනය කිරිමේදීය.

එම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායෙන් බවට අලස් කල ප්‍රකාශයට නෙවිල් සිල්වා බි වාර්ථාවට එම ප්‍රකාශය ඇතුළත් කර ඉදිරිපත් කලේය. මේ සම්බන්දයෙන් මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ටිරාන්ගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් පැමිණිළි පොතේ එවැනි සටහනක් නොමැති බවය. පැමිණිලි සටහන් පොත පරික්ෂා කරන විට එවැනි සදහනක් නොමැති විම නිසා නෙවිල් සිල්වාගේ වැඩ තහනම් කලේය.

මෙය 2010 ජනාධිපතිවරණය පැවති සමය වන අතර නෙවිල් සිල්වා මහින්ද රාජපක්ෂ වෙනුවෙනු වැඩ කළේය.අරලියගහ මන්දිරයේ සිට ජවිපේ ට එරෙහිව මඩ පෝස්ටර් තොගයක් රැගෙන පැමිණි ලොරියක් ඇතුල් කෝට්ටේ හංදියේදි කාර්රථයක ගැටි පෙරළීණි.ආදාළ ලොරිය විවෘත කිරිමකින් තොරව දොබකරයක් ආධාරයෙන් කෙලින් කර ගැටුණු කාර් රථයට රුපියල් ලක්ෂ දෙකක් ලබා දී ඒ සමිබන්ධයෙන් තොරතුරු පොත්වල කිසිවක් සටහන් නොකර ලොරි රථය පිටත් කිරිමට නෙවිල් සිල්වා කටයුතු කළේය.

අවසානයේ යළි ඔහුගේ සේවය 2011 මාර්තු 26 නැවත සේවයේ පිහිටවා අනුයුක්ත කෙරුණේ කොළඹ අපරාධ කොඨඨාශයටය.ඉන් පසු දේශබන්දු ගේ මැදිහත්විම මත ඔහුට ඉදිරිපත් කර තිබු චෝදනා පත්‍රය ඉවත් කර සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් කළේය්.ඒ ගෝඨඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වු පසුවය .එතැන් සිට කොළඹ අපරාධ කොඨඨාශයට අධ්‍යක්ෂක වරයෙකු ලෙස කිසිදු ජේෂඨඨ පොලිස් අධිකාරිවරයෙකු පත් නොකොට එහි වැඩබලන අධ්‍යක්ධවරයා ලෙස පත් කරන ලදි.එදා ටිරාන් නිසා රැකියාවත් අහිමි වු නෙවිල්ට ඔහුගේ සියලු අනිතික වැඩ දේශබන්දු නිසා කිරිමට සිදුවිම දෛවෝප ගත සිද්ධියකි.

කෙසේ වෙතත් එවන් තත්වයක් මත හිටපු අමාත්‍ය පාඨළි චමිපික රණවක මහතා රාජගිරියේදී සිදුවු අනතුරින් පසුව ඔහුගේ රියදුරා අත්ඩංගුයට ගැනිමට ගිය නෙවිල් සිල්වා ඇතුලු පිරිස රියදුර එහි නැති තැන ඔහුගේ බිරිය හා ළමයා රැගෙවිත් අමානුසික ලෙස කටයුතු කිරිම සදමිබන්ධයෙන් පැවැති නඩු විභාගයේදී අධිකරණය තිරණය කළේ පොලිසියේ ක්‍රියා කලාපය මනුස්‍යත්වයට ගැලෙපෙන නොවන බවත් එම නිළධාරියා පොලිස් සේවයට නොගැලෙපෙන නිසා ඔහුට එරෙහිව විනයානු කූලව ක්‍රියා මාර්ග ගන්නා ලෙසටයි

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව එම කාන්තාවට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසත්, ඇයට තවත් රුපියල් දස දහසක් රජය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති අරමුදල්වලින් ගෙවන ලෙසත් නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වාට සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.
එසේම මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බව තම තීන්දුවේ සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට උපදෙස් දී ඇත්තේ පොලිසියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අධිකරණයේ කළ ප්‍රකාශයක් ගැන සඳහන් කර ඇති අධිකරණය අවධාරණය කර ඇත්තේ මෙවැනි නිලධාරීන්ගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ නිලධාරීන් තුල ඇති භයානක ආකල්ප බවයි.
මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට නුසුදුසු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ. එසේම වගඋත්තරකාර නිලධාරීන් තම ගැලවීම සඳහා අධිකරණය ඉදිරියේ දක්වා ඇති විහිළු සහගතක කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය බුද්ධියට ද කරන නිග්‍රහයක් බව වැඩිදුරටක් දක්වා තිබේ.
එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා වන අතර මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම තීන්දුවට එකගත්වය පල කර තිබේ. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටි කරුණු දක්වා ඇති අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වූවාය.එවන් නියොගයක් ලබා දී තිබියදී අධිකරණයට අපාහසවන තත්වයක් මත පොලිස් කොමිෂම නෙවිල්ට එරෙහිව කටයුතු නොකරන්නේ ටිරාන්ගේ සිය බලය හේතුවෙන් බව වාර්ථාවෙි.


මෙි අතර පොලිසිය ස්වාධින කිරිම සදහා ඇති කල පොලිස් කොම්ෂමට අවසානයට සමාජිකයින් පත් කරන ලද්දේ ටිරාන් අලස්ගේ ආන්ඩුවෙන් නිසා එහි සමාජිකයින් තවදුරටත් කටයුතු කරන්නේ ඔහුගේ නියෝගයට බව පැහැදිලිය. වර්ථමාන ආණ්ඩුව පත්ව මාස දෙකක් ගතවු තැන නිතිය හා සාමය අමාත්‍යංශය මගින් යැවු පොලිස් ස්ථාන මාරුවිම් බොහොමයක් නොයෙකුත් හේතු සදහන් කර ආපසු පොලිස් මුලස්ථානයට හරවා එවයි.
ඊට හොදම උදාහරණය නම් කොළඹ පොලිස් කොඨාශයේ බොහොමයක් පොලිස් ස්ථානවල සිටින ස්ථානාධිපතිවරුන් පසුගිය පාලන කාලයේ ටිරාන් හා දේශබන්දුගේ ඕනෑ එපාකම් හොදින් ඉටු කළ හෙන්චයියන් පිරිසක් පත් කර සිටි බව කවුරුත් දන්නා කරුණකි.එම ස්ථානාදිපතිවරුන්ට නොයෙකුත් චෝදනා පසුගිය කාලයේ එල්ලවු අතර එහෙත් එම පිරිස් ස්ථාන මාරුවිම් සදහා පොලිස් කොම්ෂමට යෝජනා කළ පසුව දන්වා ඇත්තේ එම ස්ථානාධිපතිවරුන්ගේ කාර්ය්‍ය සාධන වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසටය.
මේ අතර ශ්‍රි ලංකා පොලිසිය කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරියගේ අණට නොවන බව පැහැදිලිය. එයට ඕනෑ තම් සාක්ෂි ඇති අතර එක් උදාහාරණයක් පෙන්වා දිමට කැමතිය.
ලංකාවෙි වැඩිම මාසාජ් මධ්‍යස්ථාන හෙවත් ස්පා පිහිටියේ තලංගම පොලිස් බල ප්‍රදේශයේ වන අතර එය ප්‍රමාණාත්මකව සියයකට ආසන්න වෙි. මේ සැම ස්ථානයකින්ම මාසිකව රුපියල් පනස් දහසක් තලංගම පොලිසියේ ස්තානාදිපති ප්‍රධාන පොලිස පරික්ෂක අනුරුද්ධ විසින් එකතු කරන්නේ පොලිස් පති දේශබනදුගේ අපදෙස් මතය. එසේ එකතු කරන මුදලින් රුපියල් ලක්ෂ දහයක් අදටත් දේශබන්දුට ලබා දෙන අතර ඉතිරි මුදල ස්තානදිපති හා සෙසු නිලදාරින් අතර බෙදි යයි. මෙම මුදල මාසිකව එකතු කරනු ලබන්නේ තලංගම තොග ව්‍යාපාරිකයෙකු වන නිල නොලත් තලංගම පොලිස් ස්ථානාදිපති ලෙස කටයුතු කරන ච්න්දන යන අයයි.
මේ අතර දැනට පොලිස් විශේෂ විමර්ශණ අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර මහතාට උසස්විමක් ලැබිමට නියමිත අතර ඒ සදහා ටිරාන් අලස්ලාගේ හොදම ගෝලයෙකුවන ජාතික රහස් තොරතුරු එකකයේ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල් සලේගේ හොදම් ගෝලයා වන නියේජ්‍ය පොලිස්පති යු කේ මාරඹගේ ගෙන එමට අමාතයංශයේ නිළදාරින් විශාල උත්සහයක නිරත වන බව සදහන් කළයුතුය. පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙසින් එස් අයි එස් එකට බැදුනු ඔහු උප පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිගේ ඔත්තුකරුගේ පිහිටෙන් සහකාර පොලිස් අදිකාරිවරයෙකු ලෙස උසස්විම් ලැබු අතර ඔහු දිගින් දිගමට අසාර්ථක තත්වය පෙන්නුම් කිරිම නිසා එවකට එහි ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ සමයේ මාරඹගේ ත්‍රිකුණාමලයට ස්තාන මාරු කර තිබෙි.පසුව එහි ප්‍රධානි තනතුරට පත් සලේගේ පිහිටෙන් කටයුතු කළ එහු සලේගේ සියලු ඕනෑ එපාකම් බටු කළ නිලධාරියෙක් බව නොදන්නේ වත්මන් අමාත්‍යංශයේ නිළධාරින් පමණි.

මිට අමතරව නිතිය හා සාහය අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පත් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජිව විමලරත්න ඒතෙක් කර ගෙන ආ සියලු වැඩ නව පාලනය යටතේද සිදු කරමින් සිටින බව වාර්ථාවෙි.
සියලු ආයතනවල දේශපාලන පත්විමිවලින් ඔවුන් ඉවත් වුවද මෙම පුද්ගලයා තව දුරටත් ඇමති ටිරාන් බව සිතාගෙන් ඒ කාලයේ සිදු කළ කාර්යන් සිදුකරන බව සදහන්වේ.
ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ තමන්ට නව ඇමතිවරයාගේන් හෝ ලේකම්වරයාගෙන් ගැටලුවක් නොමැති බවත් ඒ දෙනොම පාලනය කරනු ලබන්නේ තමන්ගේ හිතවත් අතිරේඛ ලේකම් මලිකා සුරියප්පෙරුම බවයි.
ඒ අනුව ටිරන් අලස්ගේ උවමනාවට සකස් කළ රාජ්‍ය නොව සංවිධාන පනත අතිරේඛ ලේකම්වරිය මගින් ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සමිමත කර ගන්න බවට ඔහු මිතුරම් ඉදිරියේ පුරසාරම් දොඩා ඇත.
ටිරාන් අලස් ඇමතිවරයාගේ වුවමනාවට සකස් කර ඇති එම රාජ්‍ය නොවන පනත නිතිපති දෙපාර්තමේන්තුවට පසුගිය රජය සමයේ ඉදිරිපත් කිරිමේන් පසු හිටපු නිතිපති සංජය රාජරත්නම් මහතා ඇතුලු නිතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින් ඒ සදහා නිරික්ෂණ ලබා දෙමින් පවසා ඇත්තේ එම පනත රටට නොගැලෙපෙන බවටයි.
එවන් තත්වයක් තිබියදි තකහනියේ යළිත් එම පනත කරලියට ගෙන ඇති සංජිව විමලරත්න හිටපු ඇමති ටිරාන්ගේ උවමනාවට නව රජය හරහා එය සමිමත කර ගැනිමට උත්සහ දරන්නේ අමාත්‍යංශයේ නිලදාධාරින් ද නොමග යවමිනි.

මේ අතර රාජපක්ෂපාලන කාලයේ සිදු අපරාධ සමිබන්ධයෙන් කඩිනම්න් විමර්ශනය කර නිතිය ක්‍රියාත්මක කරන බවට සපත කළ වත්මන් ආණ්ඩුව ඒ කාලයේ එම අපරාධ සදහා උඩ ගෙඩි ලබා දුන් පුද්ගලයින් නිතිය කරවන නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක තනතුරකට පත් කර ඇති අතර එහි පළමු ප්‍රතිඵලය ලෙස මහර බංධනාගාර කැරැල්ලෙන් මිය ගිය සිරකරුවන් සමිබන්ධ නඩුව වසා තැබිමට නිතිපතිවරයා කළ යෝජනාවෙන්ම පැහැදිලිවෙි.
කොරෝනා සමයේ 2020 නොවැම්බර් 29 දින රැදවියන්ගේ පී සී ආර් පරික්ෂාවකට යාමෙිදි සිදු ගැටුමත් සමග ඇතිවු වෙඩිතැබිමෙන් 11 දෙනෙකු මියගිය අතර ඉන් තිදෙනෙකුගේ හිසටත් ඉතිරි අටදෙනාගේ පපුවට හා උදරයට එල්ල කළ වෙිඩි තැබිමෙන් ඔවුන් මිය ගියේය.
සිද්ධිය සමිබන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වත්තල මහෙස්‍රාත් අධිකරණයේ විභාග වන පී 3318 දරණ නඩුව අනුව 2023 අප්‍රේල් 26 වෙනි දින නියෝග කර ඇත්තේ සැකකරුවන්ට එරෙහි අධිචෝදනා ගොනු කරන ලෙසත් එසේ තිබියදි එය නොසලකා හැර පසුගිය දා නිතිපතිවරයා යෝජනා කර ඇත්තේ එම නඩුව වසා තබන ලෙසටයි.
මෙම නඩුව විමර්ශනය කළ කාලයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ එවක ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ කටයුතු කළ වර්ථමාන නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක ලෙස කටයුතු කරන ඩී ආර් එල් රණවිර මහතායි.
එහි අනෙක් පුදුමය වනනේ එම ගැටුම සම්බන්ධයෙන් ගෝඨාභය රජය විසින් කමිටුවක් පත් කළ අතර එහි සාමාජිකයෙකු ලෙසද රණවිර මහතා කටයුතු කිරිමයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව 2020.දෙසැමිබර් 07 වන දින ඇමතිවරයාට වෙත භාර දී ඇත.
එම කමිටුවේ සභාපති ලෙස හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය කටයුතු කළ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර යන මහත්වරු ද සෙසු සමාජිකයින් ලෙස කටයුතු කළේය.මේ අනුව මහර රැදවියන් ඝාතන නඩුව වසා දැමිමේ කුමන්ත්‍රණය මනාව පැහැදිලිවේ.
ඊට අමතරව වත්මන් ආණ්ඩුව ප්‍රධාන මාතෘකාවක් වු තාජුඩින් ඝාතනය වසන් කිරිමේ මුලික කටයුතු කර ඇත්තේද මෙම නිලධාරියා බව වාර්ථාවේ.
එකළ කොලඹ අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති රණවීර මහතා එවකට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායකගේ උවමනාවට සාක්ෂි වසන් කරමින් කටයුතු කළ බව එහි සේවය කළ නිළධාරින් දන්නා කරුණකි.අනුර සේනානයක එකළ වැඩ කලේ කාගේ උපදෙස් අනුවද යන්න ඒකල විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ අයට අමතක වී නොමැති බව සදහන් කරන්නේමු.
මිට අමතරව ගාල්ල වරායේදී ඇවන්ඩ්ගාඩි නැවේ අවි ආයුධ හමුවිමේ සිද්ධිය විමර්ශනය කිරිමද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි කාලයේ මෙම නිළධාරියාගේ අධික්ෂණයෙන් සිදුවු අතර අවසානයේ එම පරික්ෂණද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාවට එය සාක්ෂි වෙනස් කර කටයුතු කළ බව අපවෙත වාර්තාවි තිබෙි.එසදහා ආවන්ගාර්ඩි අධිපති නිෂ්ශංක සේනාධිපතිගේ මුදල් ඉදිරියේ නැමුනු බවත් එම සිද්දිය සමින්ධයෙන් පරික්ෂණ කළ නිළධාරින්ද අමාත්‍යංශ්‍යට රිංගා ගෙන තවදුරටත් සේනාධිපතිගෙන් වැටුප්ද, සිය ඥාතින් එහි සේවයට ඇතුල් කර ඇති ආකාරය ඉදිරියේදි හෙලි කිරිමට අප කටයුතු කරන්නෙමු.

………………………………………………………………………………………………………………………………………………………………………………………..

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ

මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

……………………………………………………………………………………………………………………..

(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා  ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *