මධ්‍යම පලාතේ වැසි ආපදාවලින් විපතට පත්වූ ජනතාව  ගැන සොයා  නොබලන  ආණ්ඩුකාර වරයා

මධ්‍යම පලාතේ ආපදා  කළමණාකරණ  කටයුතු  භාර ඇතැම් අලස නිලධාරින් තම ශීත කාමර වලින්  එළියට නොබැස කාර්යාල තුලට වී     රජයේ  මැති ඇමති වරුන් ඉදිරියේ  ව්‍යාජ තොරතුරු  ඉදිරිපත් කරමින්  ඔවුන් රැවටුවද  ,බොහෝ ආපදා  පැවති ප්‍රදේශ වල ජනතාව   කිසිදු සහනයක් නොමැතිව ලත වෙමින් සිටිති.

ඇතැම් ප්‍රදේශවල සිදුවන්නේ කුමක්දැයි නිලධාරින් සහ පලාත් ආණ්ඩුකාරවරයාවත්නොදනී. මීට කලින් සිටි ආණ්ඩුකාර වරු  මෙවැනි ආපදා සිදුවූ ස්ථාන වෙත ගොස් ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව හමුවී රාජ්‍ය නිලධාරින්ද ඒකරාශී කර ගනිමින් ඔවුනට හදිසි සහන සැපයීමට පියවර ගත්හ.

නුවර   නුවරඑළිය සහ මාතලේ යන දුරබැහැර ප්‍රදේශ වෙත ගොස්  නාය යෑම් කඳුකඩා වැටීම් නිවාස  අලාභ හානි පිළිබඳව නිලධාරින් හා සම්බන්ධ වී අධීක්ංෂණය කරමින්  රජය ඔවුනට සහන සලසන බව  දැන්වූහ.  වත්මන් මහාචාර්ය ආණ්ඩුකාර වරයා විශ්’වවිද්‍යාල සිසුන් පාලනය කරන නියාවෙන්  ශීත කාමරය තුලත්  කෝටි ගනනක් වටිනා  ලීටරයට කිලෝමීටර්  පහක දුරක්ධාවනය කල හැකි සැප රියේ නැගි ඔහුගේ නිවසට යයි.ආපසු කාර්යාලයට එයි.

ජනාධිපති වරයා සාමාන්‍ය  ජීප් රියක් පාවිච්චි කරද්දී තවමත්  විශ්ව විද්‍යාලයේ  උප කුලපති යයි සිතා සිටින වත්මන් ආණ්ඩුකාරවරයා  වැසි ආපදාවෙන්ව විපතට පත්වූ ජනතාව කන්නේ බොන්නේ කොහොමද කොහේ ඉන්නවාදැයි නොදනී.ජනාධිපති වරයාගේ එකම නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාගේ අලස ක්‍රියා පටිපාටිය  ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට ද  ප්‍රාහේළිකාවක් වී තිබේ.රජයත් ජනාධිපති වරයාත් අපහසුතාවයට  පත් කරන අයුරින්  හැසිරෙන හදිසියකට  දුරකතනයට  හෝ පිළිතුරු නොදෙයි.

මීට පෙර සිටි ආණ්ඩුකාර වරු  ඕනෑම අවස්ථාවක   ජංගම දුරකතනයට ඇමතුමක්ගත් විට එයට පිළිතුරු දෙයි.බදු ගෙවන ජනතාවගේ පොදු ප්‍රශ්ණයකදී  ක්ෂණිකව  මැදිහත් වී රජය පැත්තෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ජනතා ප්‍රශ්න විසඳීමට පියවර ගත යුතුය.

වත්මන් ආණ්ඩුකාර වරයා නිලධාරින්ගේ   අසත්‍ය   වාර්තා සංඛ්‍යා ලේඛණ හිස මුදුනින් පිළිගනී.

වත්මන් අපදා කළමණාකරණ අධ්‍යක්ෂක වරයා රට සවාරි  ගොස් සිට සිට ලංකාවට පැමිණ කාර්යාලය තුලට වී  මධ්‍යම පලාතේ ඈත දුර බැහැර පෙදෙස් වල සිදුව ඇති  වැසි ආපදා නාය යෑම්  තොරතුරු පරිගණකයෙන් බලා  දෑසින් නොදැක ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරයි.කිසි දිනක නාය ගිය දුෂ්කර ගමකට  ප්‍රදේශයකට නොයයි.

මේ වන විටත් ආපදාවන්ට ලක්වූ මධ්‍යම පලාතේ  අසරණ ජනතාව  තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන සහ විහාරස්ථාන වලය.ඔවුන්  ගැන සොයා බලන්නට  පලාතේ ජනතාවගේ බදු  මුදලින් නඩත්තු වන ආණ්ඩුකාර වරයා හෝ දිස්ත්‍රික් ලේකම් වරයා හෝ කිසිදු වගකිව යුත්තෙක් නොපැමිණිබව වැසි ආපදාවෙන් පීඩාවට ලක්වූ ජනතාව පැවසූහ.මහනුවර නගර සිමාවෙි සිදු වු නායයාමෙන් නිවාස හයක් විනාශවී  ඇති අතර උඩුදුම්බර, නාවලපිටිය , ගලහ හා දෙල් තොට ආදි ප්‍රදේශවල සිදුවු අපදාවන්න් නිසා එහි වැසියන් විහාරස්ථාන හා ඥාති නිවෙස්වල දිවි ගෙවති.

පවතින තත්ත්වය යටතේ රජයේ  මැති ඇමති වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුද ආණ්ඩුකාර වරයාගේ අලස කම පිළිබඳව කණස්සල්ල පලකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *