VOICEOF LANAK හෙළිදරව්වෙන් පසු මාතලේ නිළදාරින්ට මැතිවරණ බටා එක ලැබෙයි, කුරුණැගල ටැෆ්ක් OIC ගේ වැඩ තහනම්

මාතලේ පොලිස් කොඨඨාශයේ මැතිවරණ රාජකාරි කළ නිළධාරින්ගේ සංයුක්ත දිමනාව කපා දැමිම හා කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ ස්ථාණාධිපතිගේ අක්‍රමිකතා සමිබන්ධයෙන් අප පසුගියදා කළ හෙළිදරව්වත් සමග ඊයේ දිනයේ සිට ඊට වහාම ක්‍රියාත්මකවු බලධාරින් එම නිළධාරින්ගේ සංයුක්ත දිමනාව ඊයේ සිටම ගෙවිමටත් , කුරුනෑගල රථවාහන ස්ථාධිපතිවරයාගේ සේවය අත්හිටවිමටත් කටයුතු කර තිබෙි
මාතලේ පොලිස් කොඨඨාශ භාර පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ නිළධාරින්ට ලබා දෙන සුභසාධන දිනෙන් දින කපා දැමිම නිසා එම කොඨඨාශයේ ඇති පොලිස් ස්ථාන 13 ක නිළදාරින් 1200 අදික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව අප පස්ගියදාහෙළි කලේය.
නිළදාරින්ගේ දෛනික සුභසාධනය සදහා පොලිස් මුලස්ථානයෙන් වෙන් කරන මුදල් පවා ඉහළ නිලධාරින්ගෙන් ලකුණු දමා ගැනිම සදහා වියදම් නොකර එවා ආපසු හරවා යන බව වාර්ථාවිය.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් මැතිවරණ රාජකාරි කරන නිලදාරින්ට ලබා දෙන දින තුනක සංයුක්ත දිමනාව හෙවත් බටා එක ද කපා දැමිමට ඔහු කටයුතු කර තිබිණි.
මැතිවරණ දිනවල සියලුම නිලදාරින්ගේ නිවාඩු අවලංගු කර ඒ නිමිත්තෙන් රාජකාරියට කැදවා සිටි පොලිස් ස්ථානවල සිටි නිළදාරින් මැතිවරණ රාජකාරි සිදු නොකළ බව සදහන් කරමින් ඔවුන්ට එම මුදල ගෙවිම සිදු නොකර රුපියල් ලක්ෂ 22ක් ආපසු හරවා යවා ඇති බව අප හෙළි කලේය.
මැතිවරණ මධ්‍යස්තානවලට රාජකාරි සදහා යොදවා සිටි කාන්තා නිළධාරිනියන් රාත්‍රියට එහි නොසිටි බව සදහන් කරමින් එම මුදල අඩු කර තිබිණි. ඒ අනුව රුපියල් හාරදහසක් ලැබිය යුතු නිලදාරින්ට ලබා දි ඇත්තේ රුපියල් 2500 බව වාර්ථාවෙි.
මිට අමතරව නිළධාරියාගේ ඇති පහත්ම ක්‍රියාව වන්නේ ඔහුගේ නිළනිවසේ තිබු රුපවාහිනි යන්ත්‍රය ක්‍රියා විරහිත වු පසු මාතලේ නගර මුරපළේ සවිකර තිබු රුපවාහිනිය ගලවා එය ඔහුගේ නිළනිවසේ සවි කර ගැනිමයි.එම මුරපලේ සිටි නිලදාරින් 175කට පමණ දෛනිකව රටේ තොටෙි සිදුවන කිසිවක් දැනගැනිමට මෙිනිසා නොහැකිවී තිබෙි.


මිට අමතරව කුරූණෑගල මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිය අභිමතය පරිදි වාහන හිමියන්ගෙන් දිනපතා මුදල් එකතු කර එම අංශයට යාබදව කාර්යාලයක් ඉදිකරන බව අප පසුගියදා හෙළි කලේය.
වැරදි කරන හා නොකරන බස්, ත්‍රිරොද රථ, යතුරුපැදි ආදි සියලුම වාහනවලින් දඩ වෙනුවට මුදල් එකතු කිරිමට එම අංශයේ නිළදාරින්ට එහි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර නියෝග කර ඇති අතර එසේ නොකරන නිළදාරින් එම අංශයේන් ස්ථාන මාරු කර යවන බව සදහන්වේ.ඒ අනුව දිනකට රුපියල් විසිදහසක් එකතු කරන අතර එම මුදලින් කොටසක් එහි ඉදිකිරිම් කරන කම්කරුවන්ට ගෙවන අතර ඉතිරි මුදල සිය සාක්කුවට දමාගන්නා බව ගන්නා බව වාර්ථා කලේය..‍

මෙම නිළදාරියා ඇවරිවත්ත පොලිසියේ සේවය කරන කාලයේ කාන්තාවකගෙන් ලබා ගත් මුදල් වංචා කිරිම සම්බන්දයේ මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට කළ පැමිණිළිවලින් පසුව ඔහුට එරෙහිව වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිස් කොමිසම අවස්ථා දෙකකදී වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට නියෝග කර ඇත්ත එම නිළධාරියා ඔහුගේ බිරිදගේ ඥතියෙකු නිසා එම නියෝගයද ක්‍රියාත්මක නොකර සිටියේය.
ඇවරිය වත්ත පොලිසියේ සේවයේ නියුතුව සිටියදී අනියම් පෙමක වෙලී සිටි රථ වාහන ස්ථානාධිපතිවරයාට එම කාන්තාව විසින් මීගමුව අංක දෙක අධිකරණයේ අපරාධ චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබී ඇති අතර පොලිස් කොමිසම විසින් වැඩ තහනම මෙයට පෙරද නිර්දේශ කර තිබුණු නමුත් වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ නොසලකා හැර ඇති අවස්ථාවක දෙවන වරටත් පොලිස් කොමිසම විසින් දැනුම් දීමෙන් පසු ඊයේ සිට ඔහුගේ සිට වැඩ තහනමකට ලක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *