මහනුවර පොලිස් ලොක්කන්ගේ කෙරුවාව

මහනුවර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන රැසක දේශපාලන හයියෙන් ස්ථානාධිපති තනතුරුවලට පැමිණි නිළධාරින් තවමත් පරණ පුරුදුආකාරයටම තමන් එම පුටුවල වාඩි කළ මේවනවිට පරාජයට පත්ව සුවසේ නිවෙස්වල සිටින දේශපාලඥයින්ගේ කියුම්වලට කටයුතු කරන බව වාර්ථාවෙි.

මේ අයගෙන් ,නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන අයවලුන් මෙන්ම ,මහනුවර ,පේරාදෙණිය ,පල්ලේකැලේ ,රංගල වත්තේගම ,තෙල්දෙණිය ,කඩුගන්නාව දන්තුරේ , ගම්පොල ,නාවලපිටිය , කුරුඳුවත්ත ,තලාතුඔය ,හඟුරන්කෙත ,උඩදුම්බර ,හතරලියද්ද ගලගෙදර ,පූජාපිටිය , අංකුඹුර යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති වරු මේ වන තෙක් සිතාගෙන වැඩ කරනුයේ මහින්ද හෝ රනිල් යන අයගේ ආණ්ඩූ රටේ පවතිනවා යයි සිතමිනි.
ජාවාරම් කරුවන්ගේ ,ව්‍යාපාරිකයන්ගේ ගජ මිතුරෙකු වී කිසිදා මාලිමා ආණ්ඩුවක් එන්නේ නැතැයි කියමින් වහසි බස් දෙඩවූ මෙම නිලධාරින් ඉහළ දේශපාළන නිර්දේශ මත පුටුවලට පැමිණි අය වෙති.මෙම පොලිස් ලොක්කන් නඩත්තු වෙන්නේ පලාතේ පොලිස් ස්ථානාධිපතිගෙන් ලැබෙන ජරාවෙනි.
පොලිස් ලොක්කන්ගේ නිල කාර්යාල වලට සාමාන්‍ය වැසියෙකුට ඇතුල් වීමට අවසර නැත.එම නිල කාමර බංගලා මෙන් බව පසුගිය දිනක වත්මන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා පැවසීය.තම ගමේ පොලිසිටය් ඕ අයි සී මහතාගේ නිල කාමරයේ පුටුවක වාඩි වීමට සාමාන්‍ය මහජනයාට නොහැකිය.තැබැරුම් හිමියා ,ගල් වරඩපල හිමිකරුවන්, ගරාජ හිමිකරුවන් ,රෙස්ටූරන්ට් හිමිකරුවන් ,සුපිරි හෝටල් හිමියාන් , වාහන සේල් හිමිකරුන් සඳහා පොලීසියේ ස්ථානාධිපතිගේ නිල කාමර⁣යට අතුල් වීමට විශේෂ වරප්‍රසාද ලත් අයයි.
මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සපත්තුව මේස් එක නිළ ඇඳුම පවා මහජන මුදලින් ලබාගන්නා ඇතැම් ඉහල පොලිස් නිළධාරින් කලු වීදූරු යෙදූ ජනතා මුදලින් නඩත්තු වන වාහනයේ යද්දී ඔහුට පාර ඉඩ නොදුන්නොත් නඩුය.
වසර දහය පහලොව මහනුවරම රැඳීසිට මහනුවරින්ම විශ්‍රාම යන පොලිස් නිලධාරින් වෙනත් පෙදෙස් වලට යාමට අකමැතිය.
පසුගිය රජයන්හී දේශපාලනයන්ගේ සුවච කීකරු ගෝලයන් වූ මහනුවර කොට්ඨාශයේ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපති වරු ,ඇතැම් අය ජනතාව අතරට නොයයි.ඇතැම් පොලිස් ස්ථානාධිපති වරු දැන ගත හැක්කේ ඔවුන්ගේ ම බංගලා වැනි කාර්යාලයක් තුලදී පමණක් බව මහජනතාව පවසති.

මේ බොහෝදෙනා සිහින දුටුවේ සජබ ආණ්ඩුවක් ගැනය.
තෙල්දෙනිය පොලිසියේ මේ වනතෙක් සිටින ප්‍රධානියා හිටපු පොහොට්ටු ප්‍රබලයෙකුගේ කරපිටින් පැමිණී ගෝලයෙකි.
මේ ආකාරයට මහනුවර පොලිස් මූලස්ථානාධිපති වරයා මහින්ද රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙකි.ඔහු තංගල්ලේ සිට නුවරට ගෙන්වා ගත් අයෙකි.මහනුවර පොලිස් මූලස්ථානයේ මහජන සම්බන්ධතාවය ඇත්තේ බිංඳුවේය.මහජනයා පොලිසියට තම අවශ්‍යතාවයකට සුළු පැමිණිළි අංශයට පැමිණිළි දැමීමට උදේ 10 ට ගියහොත් සවස 3 00 වන තුරු රැඳී සිටිය යුතු බව මහජනතාවපවසති.මහජනයා රස්තියාදූ කරවන ප්‍රධාන ස්ථානය මහනුවර පොලිස් මූලස්ථානයයි.
රථවාහන අංශයේ ස්ථානාධිපති වරයා ඒහා සමානය .මුළු නගරයම රථවාහන තදබදයට ලක්වූවද රථවාහන අංශය භාර ලොක්කා සොයා ගන්නට නැතැයිද ,කටුගස්තොට ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරන නිලධාරියාද වැටකොළු පතෝල සේය.පල්ලේකැලේ ඕ අයි සී මැදරට පොලිස් ලොක්කන්ගේ බිරින්දෑ වරුන්ට , සහ හිතවතියන්ට ක්‍රිකට් මැච් බලන්නට නොමිළේ ප්‍රවේශ පත් සපයන්නේද මෙම ස්ථානාධිපති වරයාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *