“වෛද්‍ය සාෆි බෝරු චෝදනා ගෙතු ඩි අයි ජි කිත්සිරිට එරෙහිව පරික්ෂණ ආරම්භ කරයි.වැඩේ ගොඩදා ගන්න කැලණිය කැම්පස් එකේ ආණ්ඩුවේ දේශපාලඥයන් පසු පස යයි”යනුවෙන් පසුගියදා හෙළි කිරිමත් සමග ඉන් කළබලයට පත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සිය බිරිය යොදවා වෛද්‍ය සාෆි සහබිදීන් මහතාගෙන් සමාව ගැනිමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තාවෙි.
මව්වරු වදභාවයට පත් කළ බවට බොරු චෝදනා කර කූරූණෑගල මහ රෝහල සේවය කළ වෛද්‍ය සාෆි සාහබිදීන්ව අත්ඩංගුවට ගෙන කටයුතු කළ එකළ කුරූණැගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට හා එහි එකල කොඨඨාශ භාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ මහින්ද දිසානායක යන අයට එරෙහිව වහාම පරික්ෂණ ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාට නියෝග කර ඇති බව අප වාර්ථා කළේය.
ඒ සමග කුරුණෑගල මහ රෝහලේ සේවය කරන කිත්සිරි ජයලත් මහතාගේ බිරිය හරහා එම රෝහලේ සේවය කරන වෛද්‍ය සාෆි මහතාගේ බිරියට සිද්ධිය සමාදානයට කථා කර ඇත.” අනේ අපේ මහත්තයා ඔය කිසිවකට සම්බන්ධ නැහැ. එය ඒකාලේ ඩොක්ටර්ට වුණ දේ ගැන හරිම කනගාටු වුනා. අපි ඒකාලේ කථාවුනා ළමයින්ට වුණ අපහසුතාවය ගැන. ඩොක්ටර්ට කියන්න අපි ඒ ගැන කතා කරමු. වරදක් වෙලා තියෙනවා නම් සමා වෙන්න කියන්න” යනුවෙන් ජයලත් මහතාගේ වෛද්‍ය බිරිද සාෆ් මහතාගේ වෛද්‍ය බිරියට පවසා ඇත.
පසුව සිදුවිම වෛද්‍ය සාෆි මහතාට බිරිය පවසා තිබෙි.ඒමොහෝතේම වෛද්‍ය සාෆි ජයලත් මහතාගේ වෛද්‍ය බිරියට දුරකථන ඇමතුමක් ගෙන ” මට වුණ අපහසුතාවය හා ලැජ්ජාව මුලු රටම දන්නවා, දැන් හදිස්සියේ කළබල වෙන්න එපා , මහත්තයා වරදක් කරලා නැත්නම් මම අධිකරණයට මුහුණ දුන්නා වගේ මුහුන දිලා එයින් බෙිරාගන්න කියන්න. දැන් සමාදාන වෙන්න දෙයක් නැහැනේ.” කියා පවසා ඇති බව වාර්ථාවෙි.
අධිකරණයේ පැවති නඩු විභාගයෙන් වෛද්‍ය සාෆි නිදොස් කොට නිදහස් කළ අතර පසුගියදා තමන්ට සිදුවු අසාධාරණය සමිබන්ධයෙන් ඔහු නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්රයාට පැමිණිළි කළේය.
ඒඅනුව ජාතින් අතර අසමගිය ඇති කිරිමේ කුමන්ත්‍රණය කිරිම යටතේ නියේජ්‍ය පොලසිපතිවරයා ඇතුලු අනෙකුත් පොලිස් නිළදාරින්ට එරෙහිව පරික්ෂණ ආරම්භ කර ඇති බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
2024-11-26