කටුනායක ගුවන්තොටුපළේ සිදුවන වාහන අවභාවිතාව දිනෙන් දින වැඩි වී ඇති අතර එවා පාලනය කිරිමට සිටින ඉහළ නිළදාධාරින්ම එවා සිදු කිරිම නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා කිසිවෙකු නොමැති බව පහළ සේවකයින් පවසයි.
විශේෂයෙන්ම ආරක්ෂ ප්‍රධානියා සති අන්ත යාලු හිතමිත්‍රාදීන් සමග සංචාර සදහා තමන්ට හිමි වාහනය නිවසේ තබා ආරක්ෂක අංශයේ පරිපාලනයට හිමි වාහන රැගෙන යන බව සදහන්වේ.
නියෝජ්‍ය ප්‍රධානියාට හිමි වාහනයත් ඔහුම පාවිච්චි කරන අතර එහෙයියෙක් වන කීකරු නියෝජ්‍ය ප්‍රධානියෙක් ලග තබාගෙන ඇත. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් අංශය,අලෙවි අංශය වැනි අංශ ප්රධානිනීන් ද ඒ ආකාරයට වාහන අවභාවිතාවට සරල උදාහරන බව සදහන්වේ.
සේවකයන් පවසන්නේ නිළධාරීන් බොහෝ ප්‍රමාණයක් තමන්ට හිමි ප්‍රවාහන දීමනාවද ලබාගෙන ආයතනයට අදාල වාහන පාවිච්චි කරයි.තම බිරින්දෑවරුන් ,අනියම් බිරියන් ,යාලු හිතමිත්රාදී පවුල් සාමාජිකයන් විනෝද සවාරි ,සෆාරි යාමට ඩබල් කැබ් ගෙනියන්නේ ආයතනයෙන් බව රියදුරන් පවසයි. මේ නිසා සේවකයන්ගේ කට වැසීමට අසීමිත වරප්‍රසාද හොරකම් වංචා සදහා අනුබල ලබාදීමට ප්‍රධානින් පෙලඹී ඇත.
තවද වාහන අනතුරු සිදුකොට ගෙනත් දමන්නේ කිසිම වග විභාගයකින් තොරයවය. ගාල්ලේ සතියක කීප වතාවක් යන එක ප්‍රධානියෙක් ගංවතුර කාලයේ යහලුවන් ඉදිරියේ බීමතින් වීර ක්‍රියා සිදු කොට වාහන විනාශ කල බව බොහෝ දෙනෙක් දනිති. ආයතනයෙන් ලබා දී ඇති වාහන වගවිභාගයකින් තොරව හප්පා වෙනත් වාහන කුලියට රැගෙන ඒවාට ආයතනයේ මුදල් ගෙවා ඇත්තේ මුදල් අංශ ප්රධානියාමය. සභාපතිවරයා හා උප සභාපතිවරයා ආයතනයේ වාහන අවභාවිතා නොකරන බව සේවකයින් පවසන අතර ඒ නිසා ආයතනයේ අනික් හොරුන් හට ඔවුන් සිදුකරන අවභාවිතා නැවැත්වීම සදහා වහාම මැදිහත් වන ලෙසට එම සේවකයෝ ඉල්ලා සිටිති. අංශ ප්‍රදානීන් ඇතුලු සියලුම දෙනාගේම වාහන වල ගුවන්තොටුපල හා ගුවන් සේව සමාගමේ ලාංජනය සහ නම දු.ක අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නේ නම් මෙසේ සිදුකරන වාහන අවභාවිතාව තවතා ලිය හැකිය.
…………………………………………………………………………………………………………………………………………………………………………………….
පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතිය ඉඩ
මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.
……………………………………………………………………………………………………………………..
(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)